News Line| Off Air
Generic placeholder image

May
12

අද දින හදුනාගත් ආසාධිතයින් 10 දෙනාගෙන් 09 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින්

Generic placeholder image

අද (11) දිනය තුළ නව කොරෝනා වෛරසය ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගනු ලැබුවා. ඉන් 9 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර අනෙක් පුද්ගලයා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සං‍ඛ්‍යාව 879 ක් වනවා.


May
12

කොරෝනා ආසාධිතයින් වැඩිම දෙවන රට බවට රුසියාව පත්වෙයි

Generic placeholder image

කොරෝනා ආසාධිතයින් වැඩිම දෙවන රට බවට රුසියාව පත්ව තිබෙනවා. ඒ අද දිනයේදී තවත් ආසාධිතයින් 10,899 දෙනෙකු වාර්තා වීමත් සමගයි. ඒ අනුව එහි සමස්ථ ආසාධිතයින් සංඛ්‍යාව 232,000 ක්. එය දෙවැනි වන්නේ අමෙරිකාවට පමණයි. පසුගිය පැය 24 දී මොස්කව් අගනුවරින් වාර්තා වී ඇති ආසාධිතයින් ගණන 5000 කට ආසන්නයි.


May
12

මෙරටින් තවත් කොරෝනා ආසාධිතයින් 07 ක් වාර්තා වෙයි

Generic placeholder image

තවත් කොරෝනා ආසාධිතයින් 07 දෙනෙකු හදුනාගැනීමත් සමග මෙරට ආසාධිතයින් සංඛ්‍යාව 879 දක්වා ඉහළගොස් ඇති බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.


May
12

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක්

Generic placeholder image

දිවයින ආශී‍්‍රතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වයක් හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරෝත්තු වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. දිවයිනේ බොහෝ ප‍්‍රදේශ වල අද රාති‍්‍ර කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. මධ්‍යම, ඌව සහ දකුණු පළාත් වලත් අම්පාර දිස්ති‍්‍රක්කයේත් ඇතැම් ස්ථාන […]


May
12

COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 902 ඉක්මවයි

Generic placeholder image

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 902 ඉක්මවා තිබෙනවා. තලගල මංගලාරාම මහා විහාරාධිපති පූජ්‍ය තලගල සුමනරතන හිමි රුපියල් ලක්ෂයක්, ශ්‍රී ශාන්තිධාර පානබොක්කේ පදනමේ සභාපති, මහාචාර්ය වෛද්‍ය එස්.කේ. පානබොක්කේ භික්ෂුණින් වහන්සේ රුපියල් මිලියනයක්, හිටපු පළාත් සහා මන්ත්‍රීනි ඒ.එම්.ඒ. මානෙල් බණ්ඩාර මහත්මිය රුපියල් පනස්දහසක් […]


May
12

මෙරට කොරෝනා ආසාධිතයින් 872 දක්වා ඉහළට

Generic placeholder image

මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 872 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ තවත් කොරෝනා ආසාධිතයින් 03 දෙනෙකු හදුනාගැනීමත් සමගයි.


May
12

හෙට සිට දුම්රියේ ආසන ගණනට මගීන් ප්‍රවාහනය කරන්න අවසර

Generic placeholder image

ඇඳිරි නීතිය තවමත් ක්‍රියාත්මක දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල දුම්රියේත් ආසන ගණනට මගීන් ප්‍රවාහනයට හෙට දින (13) සිට අවසර ලබා දීමට තීරණය කර තිබෙනවා. ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව රාජ්‍ය හා පුද්ගලික අංශයේ රාජකාරි සඳහා වාර්තා කරන සේවකයින් සඳහා ප්‍රවාහන සේවා විධිමත් කිරීම සම්බන්ධව අද දින (12) විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද […]


May
12

පාසල් හා අනෙකුත් අධ්‍යයන ආයතන සූදානම් කිරීමට අදාලව චක්‍රලේඛයක්

Generic placeholder image

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමට පියවර ගනිමින් ඒ සඳහා පාසල් හා අනෙකුත් අධ්‍යයන ආයතන සූදානම් කිරීමට අදාලව වන චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඊයේ (11) නිකුත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් කොවිඩ් 19 වසංගත රෝග ව්‍යාප්තිය වැළැක්වීම පිළිබඳ පාසල් පරිශ්‍ර පවත්වා ගත යුතු ආකාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති මාර්ගෝපදේශ අනුව මෙම චක්‍රලේඛය සම්පාදනය […]


May
12

මෙරට සුවය ලැබූ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 366 දක්වා ඉහළට

Generic placeholder image

මෙරට කොරෝනා ආසාධනය වී සුවය ලැබූ සංඛ්‍යාව 366 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිතයින් 23 දෙනෙකු සුවය ලබා රෝහලින් පිටව යාමත් සමගයි.


May
12

කොරෝනා හමුවේ මහ මැතිවරණය කල් නොදමන බව නවසීලන්ත අගමැතිනිය කියයි

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය හමුවේ මහ මැතිවරණය කල් නොදමන බව නවසීලන්තය ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව සැළසුම් කළ අයුරින් ලබන සැප්තැම්බර් මාසයේදී මහ මැතිවරණය පැවැත්වීමට නියමිත බව සදහන්. කොරෝනා වසංගතය පාලනය කළ ක‍්‍රමවේදය හමුවේ අග‍්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් මහත්මියගේ ජනපි‍්‍රයත්වය ද සීඝ‍්‍රයෙන් ඉහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.


May
12

සෞඛ්‍ය උපදෙස් පිළිනොපැද හොත් රට තුළ දෙවන කොරෝනා රැල්ලක්

Generic placeholder image

අද දිනයේත් කොළඹ, ගම්පහ ඇතුළු සෙසු දිස්ති‍්‍රක්ක වල රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙකෙහිම වැඩ කටයුතු සිදුකළේ රට යථා තත්ත්වයට පත්කිරීමත් සමගයි. මෙලෙස රට යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන අවස්ථාවේදී ජනතාව සෞඛ්‍ය ආරක්‍ෂිත ක‍්‍රමවේද අනුගමනය නොකළහොත් ඉදිරි සති දෙක තුළ යලිත් රටතුළ කොරෝනා දෙවන රැල්ලක් ඇතිවිය හැකි බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර […]


May
12

ලබන 14 වනදා තැපැල් ඡන්ද අයදුම්පත් භාරදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි

Generic placeholder image

අවසන් තැපැල් ඡන්ද අයදුම්පත් ලබන 14 වන දින පස්වරු 4.00ට පෙර භාරදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා. එම අයදුම්පත් අදාළ කාර්යාල, රාජ්‍ය ආයතනය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය හෝ රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලය වෙත භාරදිමට සහතික කිරීමේ නිලධාරින් කටයුතු කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇති බව […]


News Articles
Latest Videos
Most Popular Post