News Line| Off Air
Generic placeholder image

Apr
18

ප‍්‍රවාහන සේවා භාවිතා කිරීමේදී උපදෙස් මාලාවක්

Generic placeholder image

රජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ අත්‍යාවශ්‍ය සේවා සඳහා බලපත්‍ර හිමි කාර්යය මණ්ඩලවලට ප්‍රවාහන පහසුකම් සැලසිම ලබන 20 වනදා සිට සිදුකරන බව ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කළා. ලංකා ගමනාගමන මණ්ඩලය සාමන්‍යයෙන් එදිනෙදා ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස් රථ සංඛ්‍යාව පන්දහස ඉක්මවන අතර එම බස් රථ යළි භාවිතයට ගැනිම සඳහා මේ දිනවල විෂබීජහරණය සිදු කරනවා. සෞඛ්‍ය අංශ උපදෙස්වලට අනුව […]


Apr
18

ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 31941 ක් අත්අඩංගුවට

Generic placeholder image

පසුගිය මාර්තු මස 20 වනදා දිවයින පුරා පොලිස් ඇදිරි නීතිය පැනවීමෙන් පසු අද දිනය දක්වා ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 31941 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇදිරි නීතිය පැනවූ දින සිට මේ දක්වා වාහන ද 8229 ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශය පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සදහන් කළා. අද පෙරවරු 8 සිට මේ […]


Apr
18

මෙරට තවත් කොරෝනා ආසාධිතයින් නව දෙනෙක් සුවය ලබයි

Generic placeholder image

තවත් කොරෝනා ආසාදිතයින් නවදෙනෙකු සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 86 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද(18) දිනය වන විට මෙරටින් වාර්තා වූ සමස්ත ආසාධිතයින්ගේ සංඛ්‍යාව 248 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා. මේ අතර රෝගීන් 160 ක් තවමත් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිනවා. මේ […]


Apr
18

කොළඹ ජාතික රෝහලෙන් දෛනිකව වෛද්‍ය සේවාවන් ලබාගත් රෝගීන්ට දුරකථන ඇමැතුම් සේවාවක්

Generic placeholder image

දැනට පවතින කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් දෛනිකව වෛද්‍ය උපදෙස් හා සායන ඇතුලු ප්‍රතිකාර සේවාවන් ලබාගැනීම සදහා කොළඹ ජාතික රෝහලට පැමිණි රෝගීන්ට විවිධ අපහසුතාවයන් වලට මුහුන දීමට සිදුව තිබෙනවා. මෙම තත්ත්වය පිළිබදව අවධානය යොමු කල ශ්‍රී ලංකා ජාතික රෝහල රෝගීන්ට දුරකථනයෙන් ජාතික රෝහල අමතා අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගැනීමේ පහසුකම සළසා ඇති බව එහි නියෝජ්‍ය සෞඛ්‍ය […]


Apr
18

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 248 දක්වා ඉහළ යයි

Generic placeholder image

ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 248 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිතයින් 4 දෙනෙකු හදුනාගැනීමත් සමගයි. ඉන් තුන්දෙනෙකු ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පිරිසක් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියා. එමෙන්ම ස්වයං නිරෝධනයට ලක් කර සිටි රඹුක්කන ප‍්‍රදේශයේ කාන්තාවකටද වෛරසය වැළදී ඇති බවට තහවුරු වී තිබෙනවා.


Apr
18

ඇදිරි නීතිය ලිහිල් කරන්නේ මේ ආකාරයටයි

Generic placeholder image

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස පනවනු ලැබූ ඇඳිරි නීතිය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව ලිහිල් කිරිමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව අප්‍රේල් මස 20 වෙනිදා සිට ඒ ඒ දිස්ත්‍රික්කවල සහ දිස්ත්‍රික්ක ඇතුළත පොලිස් බල ප්‍රදේශවලට ඇඳිරි නීතිය පැනවීම සහ ඉවත් කිරීම සිදුවන ආකාරය පහත නිවේදනයෙන් දැක්වේ.


Apr
18

පාස්කු ඉරුදින ප්‍රහාරයේ පරික්ෂණ සූක්ෂමව ආරම්භ කර තිබෙනවා – ආරක්ෂක ලේකම්

Generic placeholder image

අඩපණවී තිබූ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් වන පරික්ෂණ සූක්ෂම ලෙස ආරම්භ කර ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. ඒ සඳහා පොලිසිට සහය ලබා දෙන ලෙස සියලු බුද්ධි අංශ වලට උපදෙස් ලබා දී ඇති බව ආරක්ෂක ලේකම්වරයා කියා සිටියි. වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. […]


Apr
18

කොරෝනා වෛරස ව්‍යාප්තියේ වැඩිම බලපෑම අමෙරිකාවට

Generic placeholder image

කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් ලොවපුරා සිදුවූ මරණ ගණන ඊයේ (17) රාත්‍රියේදී එක්ලක්ෂ පනස් හතරදහස් දෙසිය හතලිස් පහ දක්වා ඉහළ ගොස් ඇත. චීනයෙන් ආරම්භ වී ගෝලීය වසංගතයක් දක්වා වර්ධනය වූ කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තියේ වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ අමෙරිකාවයි. ඊයේ දිනය වනවිට එරටින් ආසාදිතයින් හත්ලක්ෂ නවදහස් හත්සිය තිස්පහක් වාර්තා වූ අතර එය දැක්වුණේ සමස්ත ගෝලීය […]


Apr
18

අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු කාර්මික ශිල්පීන්ට නිවේදනයක්

Generic placeholder image

අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු පැවරෙන විදුලිකාර්මිකයින් /ජලනල කාර්මිකයින් හා ගෘහ විදුලි උපකරණ හා වායුසමීකරණ නඩත්තු ශිල්පීන් සදහා වු මාර්ගෝපදේශ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇත. මෙම අත්‍යවශ්‍ය සේවාවේ අරමුණ නිවැසියන්ට අඛණ්ඩ විදුලි හා ජල සැපයුමක් සහතික කිරීමට බවද ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව කළ නිවේදනයේ සඳහන් වේ. 1.ජාතික ජලසම්පාදන හා ජලාපවහන […]


Apr
18

වුහාන් සිට වෙනත් කළාප වල රැකියාවට යන සියළුදෙනාට කොරෝනා පරීක්‍ෂණය අනිවාර්ය කෙරේ

Generic placeholder image

චීනයේ වුහාන් නගරයේ සිට වෙනත් කළාප වල රැකියාවට යන සියළුදෙනාට කොරෝනා වෛරස පරීක්‍ෂණය අනිවාර්ය කර තිබෙනවා. වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම මෙහි අරමුණ බව විදෙස් වාර්තා පැවසුවා. දින 70 කට ආසන්න කාලයක් වසා දමා තිබූ වූහාන් නගරයේ දෛනික කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. වූහාන් යනු වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ කලාපය වුවද දැඩි නිරෝධායන ප‍්‍රතිපත්ති […]


Apr
18

ලොව පුරා ‌කොරෝනා මරණ 154,000 ඉක්මවයි

Generic placeholder image

ලොව පුරා සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව එක් ලක්ෂ 54,126 ක් බව විදෙස් වාර්තා සඳහන් කරයි. ගත වූ පැය 24 ක කාලය තුළ පුද්ගලයින් 85,670 ක් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමත් සමඟ ලොව පුරා වෛරස ආසාදිතයින්ගේ ගණන විසි දෙලක්ෂ 48,037 ක් වෙයි. කෙසේවෙතත් පන් ලක්ෂ 70,792 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බව විදෙස් […]


Apr
18

කොවිඩ් 19 අරමුදලට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයෙන් ලක්ෂ 206ක්

Generic placeholder image

ජාතික ගමනාගමන කොමිසම හා ජාතික ප්‍රවාහණ වෛද්‍ය ආයතනය විසින් රුපියල් ලක්ෂ 206ක මුදලක් කොවිඩ් 19 අරමුදලට පිරිනැමීමට කටයුතු කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොවිඩ් 19 වසංගත තත්ත්වය මර්දනය සඳහා ආරම්භ කර ඇති අරමුදල වෙනුවෙන් ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ඇති ආයතන විසින් මුල්‍ය ප්‍රතිපාදනයන් පිරිනැමීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් […]


News Articles
Latest Videos
Most Popular Post