රුහුණු මහා කතගම දේවාලයේ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතාගේ දායකත්වයෙන් සහ කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහයෝගයෙන් කතරගම ප්‍රදේශයේ වියලී අහාර ද්‍රව්‍ය බෙදා දීමක් සිදු කර තිබෙනවා.
මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලොව පුරා මිය ගිය ගණන 21 000 ඉක්මවන බව විදෙස් වාර්තා සදහන් කරනවා. සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හාර ලක්ෂ හැට අට දහසකට අධිකයි. මේ වන විට ලොව වැඩිම බලපෑම ඉතාලියට එල්ල වී ඇති අතර වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 7503 ක් වන අතර ඉතාලියට පසුව යුරෝපයේ වැඩිම බලපෑමට […]
විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර සිටි තවත් පිරිසක් අද (26) දිනයේ සිය නිවෙස් වෙත පිටත් කර තිබෙනවා. මේ අතර 223 දෙනෙකු සිටින බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා. මෙලෙස පිටව යන්නේ කන්දකාඩු, දියතලාව, මීයන්කුලම් සහ පූණානී නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පිරිස් බව සදහන්.
යාපනයට පනවා තිබෙන ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දීර්ඝ කර තිබෙනවා.
මාරාන්තික කොරෝනා වෛරසය හමුවේ ලොව පුරා රටවල් ගණනාවක් මේ වන විට සම්පුර්නයෙන්ම වසා දමා තිබෙනවා. ඒ අතරට අද එක්වුණු නවතම රට වන්නේ බොලිවියාවයි. ඊයේ මැදියම් රැයේ සිට බල පැවැත්වෙන පරිදි එරට අන්තර්වාර ජනපතිවරයා විසින් බොලිවියාව සම්පුර්ණයෙන්ම වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දේශ සිමා වසා දමමින් කිසිදු අයෙකුට රටට ඇතුළුවීමත් රටින් පිටවිමත් තහනම් කර […]
මේ වන විට පොලිස් ඇඳිරි නීතිය ඉවත් කල ප්‍රදේශ වල ජනතාවට අවශ්‍ය අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීම සදහා විශේෂ වැඩ පිළිවෙලක් යොදා ඇති බව ලංකා සතොස ආයතනය සදහන් කරනවා. ඒ අනුව අත්‍යවශ්‍ය ආහාර ඇසුරුම්ගත කර ජනතාවට ලබා දීමට මෙහිදී පියවර ගෙන තිබෙනවා. එහිදී වැඩි කාලයක් වැය නොකර ආහාර ද්‍රවය මිලට ගත හැකි බවත් එමෙන්ම දිවයිනේ […]
කොරෝනා වෛරසය ව්‍යාප්තිය සලකන විට ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගත් කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නවතම නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දුන්නා. පුත්තලම, වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රිතයාත්මක ඇඳිරි නීතිය හෙට (27) සිකුරාදා උදේ 6.00 ට ලිහිල් කොට එදිනම දහවල් 2.00ට […]
විශ්‍රාම වැටුප් ලබන 03 වැනි දා ගෙවීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් එස්. ආර්. ආටිගල මහතා සඳහන් කළේ, ගෙවීම් සඳහා අවශ්‍ය මුදල් ලබන 2 වැනි දා මහා භාණ්ඩාගාරයෙන් මුදා හැරීමට සැලසුම් කර ඇති බවයි. මේ වනවිට වැටුප් ලබන විශ්‍රාමිකයින් සංඛ්‍යාව හය ලක්ෂ හතලිස් දහසකට අධිකය.
ඇදිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල යළි සවස 2ට ඇදිරි නීතිය පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබෙනවා.
අද(26) උදෑසන දක්වා ගත වු පැය 24 ක කාලය තුළ කොරෝනා වෛරසය ආසාදිත කිසිදු රෝගියකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා.
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අයි.ඩි.එව් රොහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.. අයි.ඩි .එව් රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ අනුව මේ වන විට රෝගීන් තිදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි. කොවිඩි නයින්ටීන් වෛරසය අසාදනය වු කිසිදු රෝගියෙකු ඊයේ(25) දිනයේ වාර්තා නොවු අතර ඒ අනුව මෙරටින් වාර්තා වු […]
දිස්ත්‍රික්ක 9 ක් හැර සෙසු පළාත්වල ඇඳිරි නීතිය ඉවතට March 26, 2020 Share on Facebook Tweet on Twitter කොළඹ, ගම්පහ , කළුතර , පුත්තලම, වව්නියාව, මන්නාරම, කිලිනොච්චි, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කර තිබු ඇඳිරි නීතිය අද(26) උදෑසන 6ට ඉවත් කෙරිණි.