News Line| Off Air
Generic placeholder image

Mar
16

පෞද්ගලික බස් රථ විෂබීජහරණ කටයුතු අද සිට ඇරඹේ

Generic placeholder image

ජාතික ගමනාගමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කලේ මේ වන විට පෞද්ගලික බස් රථවල විෂබීජහරණ කටයුතු අද සිට ආරම්භ කර ඇති බවයි.


Mar
16

මැතිවරණයට අදාළ නාමයෝජනා හා ඇප මුදල් බාර ගැනීම අදට නවතී

Generic placeholder image

ඉදිරි මහ මැතිවරණයට අදාලව නාමයෝජනා බාර ගැනීම හෝ ඇප මුදල් බාර ගැනීම අද දිනයේදී සිදු නොකරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා. ඒ අද රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබීම හේතුවෙන්. එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සහ සෞඛ්‍ය බලධාරීන් අතර අද විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙන […]


Mar
16

කොරෝනා වෛරසයට මුහුණ දෙන ලොව ළාබාලතම බිළින්දාගේ සෞඛ්‍ය යහපත් අතට

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසයට ගොඳුරු වූ ලොව ළාබාලතම බිළින්දාගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරෙමින් පවතින බව විදෙස් වාර්තා සදහන් කරනවා. කොරෝනා ආසාධිත මවගෙන් උපත ලබා සවල්ප වේලාවකින් පසු එම දරුවාට ද වෛරසය ආසාදනය වී තිබෙනවා. ලන්ඩනයේ දී මෙම බිලින්දා උපත ලබා තිබෙනවා.


Mar
16

අද රජයේ නිවාඩු දිනයක්

Generic placeholder image

කොරොනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරිමේ පියවරක් ලෙස රජය විසින් අද දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව රජයේ සියලු ආයතන ( අත්‍යවශ්‍ය සේවාවන් හැර ) මෙලෙස නිවාඩු ලබා දී තිබෙන අතර හා පෞද්ගලික අංශය වෙත ලබා දෙන ලෙස ද රජය මගින් ඉල්ලීමක් කර තිබෙනවා.


Mar
15

දිවයිනේ කොරෝනා ආසාදිතයින් ගණන 18 දක්වා ඉහළට – නව රෝගින් 07ක් සොයාගැනේ

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලයින් ගණන 18 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ මීට සුළු මොහොතක පෙර නව ආසාදිතයින් 07 දෙනෙකු සොයාගැනීමත් සමගයි. අද දවසට ඒ අනුව මේවන විට නව රෝගීන් 08 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මෙම රෝගීන් හත් දෙනාම පිරිමි පුද්ගලයන් වන අතර ඔවුන් සියලු දෙනාම ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධාන මධ්‍යස්ථානයට යොමු කළ අය […]


Mar
15

දිවයිනේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 11 දක්වා ඉහළට

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදිත 11 වන ශ්‍රී ලාංකික රෝගියා ද තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා. 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන මොහු මීට පෙර රෝගය තහවුරු වූ ජර්මනියේ සංචාරය කර පැමිණි පුද්ගලයා සමග එම සංචාරයේ යෙදුණු අයෙකු බවයි ඔහු කියා සිටියේ.


Mar
15

යාපනය ජාත්‍යාන්තර ගුවන්තොටුපල සති දෙකකට වැසෙයි

Generic placeholder image

පවතින තත්වය හමුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි සති දෙකක කාලයක් සඳහා යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපල වසා දැමීමට කටයුතු කළ බව සිවිල් ගුවන්සේවා අධිකාරිය පවසනවා.


Mar
14

කොරෝනා බවට සැක බන්ධනාගාර රැඳවියෙක් IDH රෝහලට

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැක සහිත අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු අද (14) අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කොළඹ බෝවන රෝග විද්‍යායතනය වෙත මාරුකර එවනු ලැබ තිබෙනවා. අසර්බයිජානයේ සේවය කර පෙබරවාරි මස මෙරටට පැමිණි අයෙකු වන ඔහු ඊයේ බන්ධනාගාර ගතව තිබුණේ, රථවාහන නඩුවක් සම්බන්ධයෙනුයි.


Mar
14

ජාතික උද්‍යාන, උද්භිත උද්‍යාන සහ සත්වෝද්‍යානත් සති දෙකකට වසා දැමේ

Generic placeholder image

ජාතික උද්‍යාන, උද්භිත උද්‍යාන සහ සත්වෝද්‍යාන ඉදිරි සති දෙකක කාලයක් මහජනතාවට විවෘත නොකරන බව පරිසර හා වනජීවී සම්පත් අමාත්‍යංශයේ ලේකම් සරත් විජේසිංහ දැනුම් දෙනවා.මේ අනුව හෙට සිට දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්වෝද්‍යානය මෙන්ම රිදියගම සෆාරි උද්‍යානය යන ආයතන මහජනතාව වෙනුවෙන් විවෘත නොකෙරෙන බවයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.


Mar
14

තවත් ආසාධිතයින් දෙදෙනෙක් හමුවේ – සමස්ත ගණන 10 දක්වා ඉහළට

Generic placeholder image

කොරෝනා ආසාදිත 9 වැනි හා 10 වැනි ශ්‍රී ලාංකික රෝගින් මේ වන විට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කර තිබේ. මේ අතර කලින් රෝගය හදුනගත් රෝගියෙකුගේ වයස අවුරුදු 17ක ඥාතියෙකුද පසුවෙන බවයි වාර්තා වෙන්නේ.අනෙක් රෝගියා පසුගිය 7 වෙනිදා ඉතාලියේ සිට දිවයිනට පැමිණි 56 හැවිරිදි කාන්තාවක් බවයි පැවසෙන්නේ.


Mar
14

සමුහ රැස්වීම් සති දෙකක් යන තුරු තහනම්

Generic placeholder image

විශාල වශයෙන් ජනතාව ඒකරාශීවන සමුහ රැස්වීම් පැවැත්වීම අද (14) සිට සති දෙකක් යන තුරු තහනම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කළා.


Mar
14

මෙරට කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 7 දක්වා ඉහළට

Generic placeholder image

කොවිඩ් – 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව මේ වනවිට හත දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි සදහන් කළා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post