News Line| Off Air
Generic placeholder image

Mar
14

ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොග හිඟයකින් තොරව තබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පියවර

Generic placeholder image

කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිරීම වැළැක්වීම සඳහා රාජ්‍ය ඖෂධ සංස්ථාවට මෙන්ම වෛද්‍ය සැපයීම් අංශයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන කඩිනමින් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ, විෂය භාර අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති සාකච්ඡාවකදීයි. හදිසි මිලදී ගැනීම් සඳහා අවශ්‍ය අවසරය ලබාදීමට ද එහිදී තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා. ඒ අනුව ඉදිරි දින […]


Mar
14

බැතිමතුන් ඒකරාශීවන වැඩසටහන් අවලංගු කරන ලෙස කාදිනල් හිමිගෙන් ඉල්ලීමක්

Generic placeholder image

නව කොරෝනා වසංගත තත්ත්වය පහවයන තෙක් චතාරික සමයේ බැතිමතුන් විශාල වශයෙන් ඒකරාශීවන වැඩසටහන් අවලංගු කරන ලෙස කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙරට සියලුම කතෝලික පූජකවරුන් සහ බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරනවා. පවතින තත්ත්වය හමුවේ බැතිමතුන් විශාල වශයෙන් එක්රැස්වන සිද්ධස්ථාන වසා තැබීම වඩාත් යෝග්‍යය බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී මැල්කම් කාදිනල් […]


Mar
14

විදේශ රැකියා පුහුණු පාඨමාලාවන් තාවකාලිකව අත්හිටුවයි

Generic placeholder image

මේ දිනවල ව්‍යාප්තව පවතින කොරෝනා වෛරසය (කොවිඩ් -19) හේතුවෙන් රට තුළ ඇතිවී තිබෙන තත්ත්වය සලකා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පුහුණු මධ්‍යස්ථාන වල පුහුණු පාඨමාලාවන් හදාරනු ලබන පුහුණුලාභීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් 2020.03.13 වන දින සිට 2020.03.31 දක්වා සියළු පුහුණු පාඨමාලාවන් සඳහා තාවකාලිකව නිවාඩු දීමට තීරණය කර තිබෙනවා. කොරෝනා වෛරසය හේතුවෙන් ජනතාව ඒකරාශී වීම වැලැක්වීම සහ […]


Mar
14

මගී ජනතාව වෙනුවෙන් කොටුව දුම්රිය ස්ථානයේ හා බස් නැවතුම් පොළේ දෑත් සේදීමේ පහසුකම්

Generic placeholder image

කොවිඩ් 19 ආසාදනය වීමෙන් මගී ජනතාව වළක්වා ගැනීම සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයට හා කොටුව බස් නැවතුම් පොළට පැමිණෙන මගීන්ට දෑත් සෝදා ගැනීමේ පහසුකම් ලබා දීමට ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි පහසුකම් සැපයීමට ජාතික ගමනා ගමන කොමිසම විසින් කටයුතු යොදා තිබෙනවා. මෙම වැඩ පිළිවෙළ අද (14) ආරම්භ වන අතර ජලය හා […]


Mar
14

දිවයිනේ කොරෝනා බවට සැක පුද්ගලයින් 103 ක්

Generic placeholder image

මේ වන විට කොරෝනා වෛරසයේ සැකකටයුතු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් පුද්ගලයින් 103 දෙනෙකු දිවයිනේ රෝහල් 14 ක වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. විදේශිකයින් තිදෙනෙකු ද ඒ අතර වන බව එම අංශය පෙන්වා දුන්නා. පුද්ගලයින් 35 දෙනෙකු අයි.ඩී.එච්. රෝහලේ රඳවා සිටින අතර 16 දෙනෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලේත්, 13 දෙනෙකු ගම්පහ […]


Mar
14

කොරෝනා මරණ සංඛ්‍යාව 5000 ඉක්මවයි – අමෙරිකාවට හදිසි තත්ත්වයක්

Generic placeholder image

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් රට පුරා හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ, ධවල මන්දිරයේ රෝස් ගාඩ්න්හි සිට විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින්. කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය අමෙරිකාව පුරා ව්‍යාප්තව ගොස් ඇති පසුබිමක් තුළ ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් මෙලෙස රටපුරා හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව කොරෝනා මර්ධන වැඩපිළිවෙළ සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 50 […]


Mar
14

ජාතික චිත්‍රපට සංසස්ථාව යටතේ ඇති සියලුම සිනමාහල් අද සිට වැසෙයි

Generic placeholder image

ජාතික චිත්‍රපට සංසස්ථාව යටතේ ඇති සියලුම සිනමාහල් අද (14) සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට රජය තීරණය කර තිබෙනවා. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම තීරණයට එළඹ ඇති බව සදහන්.


Mar
13

මෙරටින් තවත් කොරෝනා ආසාධිතයින් 03 ක් හමුවෙයි

Generic placeholder image

කොරෝනා වෛරස් ආසාධිත තවත් රෝගීන් තුන් දෙනෙකු අලුතින් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා පවසනවා. එක් අයෙකු අවුරුදු 41ක් වන පුද්ගලයෙක් වන අතර ඔහු මෑතකදී ජර්මනියේ සංචාරය කර පැමිණි අයෙක්. ඔහු දැනට අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබනවා. අනෙක් පුද්ගලයා අවුරුදු 37ක අයෙක්. ඔහු ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවූ පිරිසෙන් අයෙක් […]


Mar
13

අද දවසේ කොරෝනා වෛරසය පිලිබද වාර්තා වූ පුවත් සංක්‍ෂිප්තය

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය පිලිබද අද දවසේ වාර්තා වූ පුවත් සංක්‍ෂිප්තය පහතින්.


Mar
13

ඉතාලියේදී කොරෝනා වෛරසයට ගොදුරුව සිටි ශ්‍රී ලාංකික කාන්තාව සම්පූර්ණ සුවය ලබයි

Generic placeholder image

ඉතාලියේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකික කාන්තාව සම්පූර්ණ සුවය ලබා ප්‍රතිකාර ලබමින් සිටි රෝහලෙන් පිටව සිය නිවස වෙත ගොස් ඇති බව වාර්තා වනවා. ඇය ඉතාලියේ බ්‍රේෂියා හි රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියා. 46 හැවිරිදි කාන්තාවකට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී සිටි අතර ඇය කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය […]


Mar
13

කොරෝනා හමුවේ ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය කල් දමයි

Generic placeholder image

නව කොරෝනා වෛරස් අවධානම හමුවේ ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය කල් දමා තිබෙනවා. ශ්‍රී ලංකා බළධාරීන් සමග සාකච්ඡා කර මෙම තීරණය ගත් බව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කල නිවේදනයේ සදහන්. දැනට ශ්‍රී ලංකාවේ සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් හැකි ඉක්මණින් එංගලන්තයට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවද එම නිවේදනයේ සදහන්. පවතින තත්වය යහපත් […]


Mar
13

දිවයින පුරා සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සහ ගුරු විද්‍යාල සඳහා සති දෙකක නිවාඩුවක්

Generic placeholder image

දිවයින පුරා සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සහ ගුරු විද්‍යාල සඳහා මාර්තු 16 වැනි සඳුදා දින සිට මාර්තු 29 තෙක් සති දෙකක් නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නැවත මෙම ආයතනයන්හි අධ්‍යයන කටයුතු මාර්තු මස 30 දින සිට ආරම්භ කිරීමට නියමිතයි. ලොව පුරා පැතිර යන කොරෝනා රෝග තත්ත්වය හමුවේ සිසුන් සහ අනෙකුත් ප්‍රජාවගේ සෞඛ්‍යාරක්ෂාව කෙරෙහි […]


News Articles
Latest Videos
Most Popular Post