News Line| Off Air
Generic placeholder image

Feb
9

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට ගංවතුර තත්වයක්

Generic placeholder image

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ජලගැලීම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. මේ හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බව සඳහන් වෙනවා. ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට අධික වැසි සහිත අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති අතර මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශ ජලයෙන් යට වී ඇති අයුරු දැක්වෙන දර්ශන විදෙස් මාධ්‍ය වාර්තා තුලින් දැක ගත හැකිය. එරට […]


Feb
9

ගල්කන්ද රක්ෂිතයේ ගින්නක්

Generic placeholder image

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමේ පිහිටි හැටන් සිංහමලේ රක්ෂිතයට වම්පසින් පිහිටි ගල්කන්ද රක්ෂිතයේ ඊයේ (8) රාත්‍රි 9.00 ට පමණ ඇතිවු ගින්නකින් අක්කර 25 ට වැඩි කොටසක් ගිනිගෙන විනාශ වී තිබෙනවා. උඩරට දුම්රිය මාර්ගයේදි හමුවන මෙරට දිගම උමං බිම්ගෙය ලෙස හඳුන්වන සිංහමලේ උමඟ පිහිටි ප්‍රදේශය මෙලෙස ගිනිගනිමින් පවතින බවයි අප සියත වාර්තාකරු පැවසුවා. ප්‍රදේශයට මාසයකට අධික කාලයක […]


Feb
9

අගමැති මහින්ද ඉන්දියාවේ සිද්ධස්ථාන වැඳ පුදා ගනී

Generic placeholder image

ඉන්දීය සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දින එරට සිද්ධස්ථාන කිහිපයක් වැඳ පුදා ගැනීමට නියමිතව තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා වරනාසී සහ සාරානාත් ප්‍රදේශවල සිද්ධස්ථාන වැඳපුදා ගැනීමටත්, සාරානාත්හි කෞතුකාගාරය සහ ඉසිපතන මිගදාය පුරාවිද්‍යාභූමියේ සංචාරයක නිරත වීමටත් නියමිත බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළා. ඉන්දීය රාජ්‍ය සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දිනයේ දී ඉන්දීය විදේශ කටයුතු […]


Feb
9

කොරෝනා මරණ සංඛ්‍යාව 813 දක්වා ඉහළට

Generic placeholder image

මාරාන්තික නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලොව පුරා සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 813ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් මරණ 812 ක්ම චීනයෙන් වාර්තා වන අතර, එය 2003 වසරේ සාර්ස් වෛරසයෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව ද ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. නව කොරෝනා නියුමෝනියාව ආසාදනය වීමෙන් ඊයේ දිනය […]


Feb
9

19න් පහළ ලෝක කුසලාන වෙනුවෙන් බංග්ලාදේශය සහ ඉන්දියාව අද තරග බිමට

Generic placeholder image

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද දකුණු අප්‍රිකාවේ පොචෙෆ්ස්ට්රූම් හිදී පැවැත්වෙන අතර බංග්ලාදේශය සහ ඉන්දියාව අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත්වුණා.


Feb
9

ප්‍රදේශ ගණනාවකට වැසි රහිත කාලගුණයක්

Generic placeholder image

දිවයින පුරා අද දිනයේත් වැසි රහිත කාලගුණ තත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලත් එමෙන්ම රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් […]


Feb
8

අගමැති මහින්ද සහ ඉන්දීය අගමැති මෝදි අතර සාකච්ඡාව ඇරඹෙයි

Generic placeholder image

සිව් දින නිල සංචාරයක් සඳහා ඉන්දීයාව බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්වීපාර්ශ්වීය සාකච්ඡා මේ වනවිට නවදිල්ලි නුවරදී පැවැත් වෙනවා. එසේම අග්‍රාමාත්‍යවරයා අද (08) පළමුවෙන්ම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා ද මුණගැසුණා. එම හමුවේදී සංචාරක කර්මාන්තය ඇතුලු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති අතර එම […]


Feb
8

අයි.ඩී.එච් සිටින චීන ජාතික කාන්තාවගේ ජෛව සාම්පල වැඩිදුර විමර්ශන සඳහා හොංකොං යවයි

Generic placeholder image

නව කොරෝනා වෛරසය වැළඳී මුලුමනින්ම සුවය ලබා සිටින චීන ජාතික කාන්තාවගේ ජෛව සාම්පල වැඩිදුර විමර්ශන සඳහා හොංකොං වෙත යවා තිබෙනවා. ඊයේ පස්වරුවේ එම සාම්පල යොමුකල බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවා. සාර්ස් වෛරසය සම්බන්ධයෙන් මෙන්ම නව කොරෝනා වෛරසය පිළිබඳ පර්යේෂණ සිදුකරන ශ්‍රී ලාංකික මහාචාර්ය මලික් පීරිස් මහතා […]


Feb
8

ගංගාරාම නවම් පෙරහර අවසන් වීථි සංචාරය අද

Generic placeholder image

කොළඹ 2 හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහරේ අවසන් පෙරහර අදයි. 41 වන වරට මෙවර ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහර පැවැත්වෙනවා. අද දිනයේදීත් පෙරහැර නැරඹීමට පැමිණෙන ජනතාවට අවශ්‍ය සියළු පහසුකම් සලසා ඇති බව ගංගාරාම විහාරවාසී ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා. මේ අතර නවම් මහා පෙරහර හේතුවෙන් අදත් කොළඹ නගරයේ මාර්ග කිහිපයක […]


Feb
8

අගමැති මහින්ද ඉන්දීය විදේශ ඇමති හමුවෙයි

Generic placeholder image

ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එරට විදේශ අමාත්‍ය එස් ජයිශංකර් මහතා අතර නිල හමුව අද පෙරවරුවේ පැවැත්වුණා. එහිදී සංචාරක ඇතුලු අංශ රැසක් කෙරෙහි සාකච්ඡා වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සදහන් කළා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් මහින්ද රාජපක්ෂ මහතා පිළිගැනීමේ නිල උත්සවය තව සුලු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.


Feb
8

පොලිස් නිළධාරින් 27 දෙනෙකුට ස්ථාන මාරුවීම්

Generic placeholder image

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිළධාරින් 27 දෙනෙකුගේ ස්ථාන මාරුකර තිබෙනවා. ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාව මත අදාල ස්ථාන මාරු සිදු කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළා. ස්ථාන මාරුවිම් ලැබූවන් අතර ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරින් දෙදෙනෙකු, පොලිස් අධිකාරිවරයෙකු, සහකාර පොලිස් අධිකාරිවරුන් 06 දෙනෙකු, ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් 06 දෙනෙකු වන බව සදහන්. ඊට අමතරව […]


Feb
8

කොරෝනා මරණ සංඛ්‍යාව 724 දක්වා ඉහළට – ලොව පුරා ආසාදිත සංඛ්‍යාව 34,866 ක්

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව මේ වන විට 724 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් මරණ 722ක් වාර්තා වන්නේ චීනයෙන්. වෛරසයේ කේන්ද්‍රය වූ හුබෙයි ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති නව මරණ සංඛ්‍යාව 86ක් බව සදහන්. ගත වූ පැය 24 තුළ චීනයෙන් නව ආසාදිතයන් 3999 ක් වාර්තා වී ඇති අතර, ලොව පුරා ආසාදිත සංඛ්‍යාව 34,866ක් […]


News Articles
Latest Videos
Most Popular Post