News Line| Off Air
Generic placeholder image

Jan
14

ගිනිගත්හේන බස් රථ අනතුරකින් 20ක් රෝහලට

Generic placeholder image

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ මහනුවර සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදු වි අනතුරකින් බස් රථ දෙකෙහි ගමන් ගත් මගින් 20 දෙනෙක් තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව ගිනිගත්හේන පොලීසිය පවසනවා. අද (14) පෙරවරු 8.00ට පමණ මෙම අනතුර සිදු වී […]


Jan
14

ලැව්ගිනි දුමාරය පෘථිවිය වටා කවයක් මෙන් පැතිර යන බවට අනතුරු ඇගවීම්

Generic placeholder image

ලෝකයේ බොහෝ ස්ථාන වල පැතිරගිය මහා ලැව්ගිනි පිලිබදව අසන්නට ලැබුණු අවස්ථා ඉමහත්ය. ඒ අතර මේ ඉකුත්දා අපට දැනගන්නට ලැබුණු ඔස්ට්‍රේලියාවේ පැතිරගිය මහා ලැව්ගිනි පිලිබදව නැවත වරක් ලෝකයාගේ අවධානය යොමු වුණා. ඔස්ට්‍රේලියාවේ පැතිරගිය මහා ලැව්ගිනි හේතුවෙන් මිනිස් ජිවිත හා සතුන් විශාල ප්‍රමාණයක් මියගිය අතර අක්කර මිලියන ගණනක් දැවී විනාශ වුණා. ඒ අනුව ඔස්ට්‍රේලියාව පුරා පැතිර ගිය […]


Jan
14

ජනපති ගෝඨාභයට සහය දීමට හිටපු ජනපති මෛත්‍රී තීරණය කරයි

Generic placeholder image

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා සදහන් කලේ කෙතරම් බලතල තිබුණද ජනතාවට සේවය කිරීම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය බවයි. මෙහිදී අදහස් දැක්වු හිටපු ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා සිටියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව වෙනස් කර අලුත් පාර්ලිමේන්තුවක් ලබා දිය යුතු බවත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් නොමැති නම් ජනාධිපතිවරයෙකුට කොතරම් බලතල තිබුණත් වැඩ කළ […]


Jan
14

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි

Generic placeholder image

ඊයේ රාත්‍රීයේ චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියා. චීන විදේශ කටයුතු අමාත්‍යවරයා නව වසරේ සිදුකරන ප්‍රථම විදෙස් සංචාරය ලෙස ද සැලකෙනවා. මෙම සංචාරයේදී එතුමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් හමුවී ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් පැවැතිවීමට නියමිතව තිබෙනවා.


Jan
14

රාජිත රෝහලෙන් පිටව යයි

Generic placeholder image

නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රෝහලෙන් පිටව ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා. සුදු වෑන් සිද්ධියට සම්බන්ධ මාධ්‍ය හමුවක් පිලිබදව රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය ඉකුත් දෙසැම්බර් 24 වන දින නියෝගයක් ලබාදුන් අතර ඊට දින දෙකකට පමණ පසුව රාජිත සේනාරත්න මහතා රෝහල්ගත කෙරුණා. ඉන්පසු රෝහලේ […]


Jan
14

වැසි රහිත කාලගුණයක්

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං සුළගේ වේගය පැ.කි.මී. 40 දක්වා වැඩි දිය හැකිබව පැවසෙන අතර ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරට සදහන් කළා.


Jan
13

ජැක්ට ඇයි බූරුවා කියන්නේ ?

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Jan
13

2025 වන විට ඇ.ඩො.මිලියන 10ක ආදායම් ඉලක්කයක් ලබා ගැනීමට ජනපතිගෙන් උපදෙස්

Generic placeholder image

මෙරට විදෙස් තානාපතිවරු සමග එක්ව සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා ඉලක්කගත වැඩපිළිවෙළක් සැලසුම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සංචාරක සහ ගුවන්සේවා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදීයි. වේගවත් ආර්ථික වර්ධනයක් ලැබිය හැකි ප්‍රධාන ක්ෂේත්‍රය ලෙස සංචාරක කර්මාන්තය දියුණු කරමින් 2025 වන විට අමෙරිකානු ඩොලර් මිලියන 10 ඉක්මවා ගිය ආදායමක් ඉපයීමට […]


Jan
13

සඳට යන්න සහකාරියක් හොයන ජපන් කෝටිපති

Generic placeholder image

ඇමරිකානු ස්පේස් එක්ස් අභ්‍යවකාශ සංචාරක වැඩසටහන යටතේ සඳ ගමනකට ප්‍රවේශපත්‍රයක් වෙන් කරගෙන සිටි ජපාන ප්‍රකෝටිපති යසාකු මේසාවා සිය සංචාරයට එක් කර ගැනීම සඳහා සහකාරියක් සෙවීම ආරම්භ කර තිබෙනවා. සඳ මතට යන ප්‍රථම කාන්තාව වීමට කැමති අයෙක් සිටිත්දැයි විමසමින් 44 හැවිරිදි විලාසිතා ව්‍යාපාර අධිරාජ්‍යයක් හිමි යසාකු මේ සඳහා සිය ට්විටර් වෙබ් අඩවියේ දැන්වීමක් පළ කළ බව […]


Jan
13

රාජිතට මහාධිකරණයෙන් නොතිසි නිකුත් කරයි

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීමේ නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධිත අයදුම්පත මේ මස 17 වන දා සලකා බැලීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එදිනට දැනට ඇප මත මුදා හැර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහාධිකරණය විසින් නොතීසි නිකුත් කර ඇති බව සදහන්. ඔහුට […]


Jan
13

ගෝණුස්සන් 200 ක් සමඟ චීන ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ගෝනුස්සන් 200 ක් නීතිවිරෝධී ලෙස චීනය බලා රැගෙන යෑමට තැත් කළ, චීන ජාතික ගුවන් මගියෙකු අද දහවල් කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු 30 හැවිරිදි චීන ජාතිකයෙක්. ඔහු විවිධ රටවලින් සතුන් මේ ආකාරයට චීනයට රැගෙන විත් පසුව අභිජනනය කර අලෙවි කිරීමේ යෙදී සිටින පුද්ගලයෙක් බව […]


Jan
13

පාඨලීගේ හිටපු රියැදුරු රහස් ප්‍රකාශයක් සිදු කිරීම සදහා අධිකරණයෙන් අවසර ඉල්ලයි

Generic placeholder image

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ හිටපු රියැදුරා වන දිලුම් තුසිත කුමාර නැමැත්තා 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් රහස්‍ය ප්‍රකාශයක් සිදු කිරීම සදහා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඔහු අද පස්වරු 4 ට පමණ සිය නීතිඥයාද සමග කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරජංනීද සිල්වා මහත්මියගේ නිල මැදිරියට පැමිණ මෙම ඉල්ලීම කළ බව සදහන්. දිලුම් […]


News Articles
Latest Videos
Most Popular Post