News Line| Off Air
Generic placeholder image

Dec
6

ජල ගාස්තුවේ වෙනසක්?

Generic placeholder image

ජල ගාස්තුවේ යම් වෙනසක් පිලිබදව ඉදිරියේදී බලපොරොත්තු විය හැකි බවයි වාර්තා වන්නේ. විශේෂයෙන්ම සෑම වසර තුනකට වරක්ම ජල බිල සංශෝධනයක් විය යුතුව තිබුනද එය සිදු නොවන බවත් එසේ වන්නේ අඩු ආදායම් ලාභීන්ට අගතියක් සිදු වන හෙයින් බවත් පැවසෙනවා. කෙසේ වෙතත් ජල ගාස්තු සංශෝධනයක් සිදු වුවත් කිසිම විටක අඩු ආදායම් ලාභීන්ට මේ ගාස්තු හරහා පීඩනයක් ඇති […]


Dec
6

සුළු අපනයන භෝග ආනයනය සහ ප්‍රති අපනයනය තහනම් කරයි

Generic placeholder image

ගම්මිරිස්, කරුංකා, සියඹලා, කුරුදු, සාදික්කා, වසාවාසි, කරදමුංගු, ඉගුරු, කහ සහ කරාබුනැටි ආනයනය තහනම් කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. මුදල් පණතේ වාණිජ කේන්ද්‍රස්ථාන අනුව නිකුත් කර ඇති ගැසට් නිවේදනයක් අනුව ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට මෙම තහනම බල පැවැත්වෙන බව සදහන්. ඒ අනුව අදාල ගැසට් නිවේදනය මගින් සෘජු ප්‍රතිඅපනය හා සුලු සැකසුම් කිරීමෙන් අනතුරුව ප්‍රතිඅපනයනය කිරීමේ […]


Dec
6

පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් සාක්ෂි ලබාදීමට කාදිනල් හිමි අද ජනපති කොමිසමට

Generic placeholder image

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පත්කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදීමට අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පස්වරු 02 ට බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ පළමු මහලේ පිහිටා ඇති කොමිෂන් සභා කාර්යාලයට පැමිණ උන්වහන්සේ සාක්ෂි ලබාදීමට නියමිත බවයි එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මේ […]


Dec
6

දුම්රිය ප්‍රවේශ පතත් ස්මාර්ට් වන ලකුණු

Generic placeholder image

නවීන ලෝකයේ ඩිජිටල්කරණයට අනුකුල වන පරිදි දුම්රිය සේවාවද ඇති කිරිම සදහා අවදානය යොමුව තිබෙන බව වාර්තා වනවා. ඒ සදහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවයි දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරන්නේ. ඒ අනුව දැනට භාවිත ප්‍රවේශ පත්‍රය ඩිජිටල් කාඩ් එකක් ලෙස භාවිතා කල හැකි පරිදි තමන්ගේ ගමන් වාරය අවසන් වෙනකොට තමන්ට අවශ්‍ය මුදල […]


Dec
6

ජනපති හා මාලදිවයින් විදේශ කටයුතු ඇමති අතර හමුවක්

Generic placeholder image

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් ඊයේ සිදුව තිබෙනවා. එහිදී මාලදිවයින් විදේශ ඇමතිවරයා එරට රජය වෙනුවෙන් ජනාධිපතිවරයාට සුභාශිංසන එක්කර තිඛෙනවා. දෙරට අතර සබඳතාවල වත්මන් ප්‍රගතිය පිළිබඳව සතුට පළ කළ ඔහු ද්විපාර්ශවික සබඳතා පමණක් නොව කලාපීය සබඳතා වැඩිදියුණු කර ගැනීමේ අවශ්‍යතාව ද අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. […]


Dec
6

තද වැසි තව දුරටත්

Generic placeholder image

දිවයිනේ ප්‍රදේශ බොහෝමයකට අද දිනයේත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව උතුරු, නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතින බව ඒමේ දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්. පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවක පුද්ගලයින් බොහෝ පිරිසක් පිඩාවට ලක්ව තිබෙන අතර අදත් දිවයිනේ ඇතැම් ස්ථාන වලට […]


Dec
5

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා පක්ෂීන්ගේ වර්ධනය පහළ යයි

Generic placeholder image

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් පියාපත් වර්ධනය බාලවී පක්ෂීන් කුඩා වී ඇති බව නවතම අධ්‍යයන වාර්තාවක් අනාවරණ්ය වී තිබෙනවා. වසර 40 කට අධික කාලයක් තිස්සේ උතුරු ඇමරිකානු සංක්‍රමණික පක්ෂි විශේෂ 52 කට අයත් පක්ෂීන් 70,716 ක් යොදා ගනිමින් එම අධ්‍යයනය සිදුකර ඇති බව මිචිගන් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන බ්‍රයන් වීක්ස් ප්‍රකාශ කළ බව විදෙස් වාර්තා සදහන් […]


Dec
5

ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනස්කම් රැසකට ජනපතිගේ අවධානය

Generic placeholder image

තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රමුඛත්වයක් ලබාදුන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා වූ ක්‍රියාමාර්ග කඩිනමින් සිදුකළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළා. ඒ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරුන් සහ ආයතන නිලධාරින් සමග ජනාධිපති කාර්යාලයේ අද පැවති විශේෂ සාකච්ඡාවකදීයි. තාක්ෂණය මුල් වූ ලෝක ආර්ථිකය සදහා දරු පරපුරක් දායාද කළ හැකි අධ්‍යාපන ක්‍රමයකට කඩිනමින් ගමන් කළ යුතු බව […]


Dec
5

ලැව්ගිනි හේතුවෙන් පාසැල් රැසක් වැසෙයි

Generic placeholder image

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවදුරටත් ලැව්ගිනි පැතිර යමින් තිබෙනවා. මේ හේතුවෙන් පාසැල් රැසක් වසාදැමීමට බලධාරීන්ට සිදුවුණා. නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට අයත් සිඩ්නි නගරයේ උතුරු ප්‍රදේශය දරුණු ලෙස ලැව්ගිනි ආපදාවට ගොදුරුවී ඇති අතර ප්‍රාන්තය පුරා ලැව්ගිනි 130ක් පමණ පැතිර යමින් පවතින බව ඔස්ට්‍රේලියානු බලධාරීන් පවසනවා. මේ හේතුවෙන් නිවාස රැසක් අවධානමට ලක්ව ඇති බව සඳහන්. පවතින වාතාවරණය හේතුවෙන් […]


Dec
5

ඉන්ස්ටග්‍රෑම් වලට අනිවාර්ය කොන්දේසියක්

Generic placeholder image

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යයේ ගිණුම් විවෘත කරන්නන් ඉදිරියේදී ඔවුන්ගේ උපන් දිනය සඳහන් කිරීම අනිවාර්ය වනවා. වයසට අදාළ සමාජ මාධ්‍ය අත්දැකීම් පරිශීලකයන් වෙත ලබා දීම මෙහි අරමුණ වන බව සදහන්. ඉන්ස්ටග්‍රෑම් හි ගිණුමක් පවත්වා ගැනීමට නම් දැනටද අදාල පරිශීලකයා වයස අවුරුදු 13 ට වැඩි අයෙක් වනවා. උපන් දිනය පිළිබදව තොරතුරු ඉල්ලා සිටීම මගින් බාලවයස්කරුවන් ඉන්ස්ටග්‍රෑම් හා සම්බන්ධ […]


Dec
5

එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායකයා කවුරුන්ද යන තීරණය සතියකින්

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායකයා කවුරුන්ද යන තීරණය සතියක් ඇතුළත ලබාදෙන බව රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කර තිබෙනවා.


Dec
5

විපක්ෂ නායකධුරය සජිත් ප්‍රේමදාසට

Generic placeholder image

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකධුරය සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය ලැබී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post