බංගලිදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන්ට වසරක් අත්හිටවූ වසර 2 ක ක්‍රිකට් තහනමක් පණවා තිඛෙනවා. ඔහුට එරෙහි චෝදනාව වන්නේ තරඟ පාවාදීම්වලට සම්බන්ධ බුකීකරුවන් ඔහු සම්බන්ධ කර ගැනීමට දැරූ ප්‍රයත්න පිළිබඳව ක්‍රිකට් බලධාරීන් දැනුවත් නොකිරීමයි. අයි සී සී දූෂණ මර්දන නීති කඩ කල බවට වරද පිළිගැනීමෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශකිබ් අල් හසන්ට මෙම තහනම […]
ඉන්දියාවේ මනිපුරි ප්‍රාන්තයේ පැවති සුවිශේෂී සැණකෙලියක් පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබෙනවා. එම සැණකෙළිය “කෙසෙල් සැණකෙළිය” යනුවෙන් නම්කර ඇති බව සදහන්. ඉන්දියාවේ ඊසානදිග මනිපුරි ප්‍රාන්තයේ වාර්ෂික “කෙසෙල් සැණකෙළිය” මෙවර පැවැත්වුණේ දෙවන වරටයි. විවිධ විශේෂයන්ට අයත් කෙසෙල් වර්ග මෙම සැණකෙළියේ ඇති අතර එහිදී මනිපුරි ප්‍රාන්තයේ ජන නැටුම් කිහිපයක්ද එහිදී දැකගැනීමට හැකි වී තිබෙනවා. කෙසෙල් විශේෂ […]
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් යෝජනා කළ පරිදි ඇමරිකානු රජයේ සහශ්‍ර අභියෝග ආයතනය (Millennium Challenge Corporation) විසින් ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රදානයක් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 480 ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා. කොළඹ ප්‍රදේශයේ රථවාහන කළමනාකරණය, දිවයින පුරා මාර්ග නිර්මාණය හා සංවර්ධනය සහ මුළු දිවයිනම ආවරණය වන පරිදි ඉඩම් පරිපාලන කටයුතු වැඩිදියුණු කිරීම යන […]
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සහ මාතර දිස්ත්‍රික්කයේ මුලටියන අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට වසා දැමීමට තීරණය කර තිබෙනවා. දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර විසින් පළාත් අධ්‍යාපන බලධාරීන්ට අද මෙම නියෝගය ලබාදුන් බව දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය නිවේදනය කළා.
යුරෝපා සංචාරයක් සදහා යුරෝපයට ගිය සනිධප සංගීත කණ්ඩායම එහිදී රිය අනතුරකට භාජනය වී තිබෙනවා. ඔවුන් ගමන් ගත් වාහනයේ රියදුරුට නින්ද ගොස් තිබීම නිසා මෙම අනතුර සිදුව ඇති බව ආරංචි මාර්ග සදහන් කළා. මේ පිලිබද විමසීමට අප සනිධප සංගීත කණ්ඩායමේ සාමාජිකයින්ව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහ කළද ඔවුන්ව සම්බන්ධ කරගැනීමට මෙතෙක් නොහැකි වුණා.
ඇමරිකානු NBC රූපවාහිනියෙන් වසර තිහක් පුරාවට late night with david letterman වැඩසටහන කළ කළ david letterman ඊට සමුදී මේ වන විට my next guest needs no introduction with david letterman සාකච්ඡාමය වැඩසටහන netflflix උදෙසා ඉදිරිපත් කරනු ලබනවා. රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නකු, ප්‍රහසනාත්මක සන්නිවේදකයකු, පිටපත් රචකයකු, නිෂ්පාදකවරයෙකු වන ඩේවිඩ් වයස 72 ඉක්ම වූවද තවමත් සිය වෘත්තියෙහි […]
පවතින අධික වර්ෂාව හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ බොහෝ මාර්ග ජලයෙන් යට වී තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව තංගල්ල-වීරකැටිය මාර්ගයද ජලයෙන් යට වී තිබිම හේතුවෙන් එම මාර්ගය තාවකාලිකව වසා තැබීමට තංගල්ල පොලිසිය කටයුතු කර තිබෙන බව වාර්තා වෙනවා. මේ අතර කොළඹ-කතරගම ප්‍රධාන මාර්ගය ද බෙලිඅත්ත වලස්මුල්ල ප්‍රධාන මාර්ගය කහවත්ත ප්‍රදේශයෙන් ජලයෙන් යට වී තිබෙන බව වාර්තා […]
ෆේස්බුක් සමාගම විසින් පළකිරීම් සම්බන්ධ ‘රිපෝර්ට් පහසුකම ශ්‍රී ලංකාව තුල නවත්වා තිබෙන බව වාර්තා වෙනවා. මෙවන් මැතිවරණ සමයක ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පළ කිරීම් වලට “රිපෝර්ට්” කිරිමට නොහැකි වීම සැලකිය යුතු කරුණක් බවයි පැවසෙන්නේ. මේ හේතුවෙන් ෆේස්බුක් හරහා අසත්‍ය ප්‍රචාර සන්නිවේදනය වීමේ වැඩි ප්‍රවණතාවයක් පෙනෙන්නට තිබෙන බවයි විචාරකයින්ගේ අදහස වන්නේ.
උඩරට දුම්රිය මාර්ගය පවතින අධික මගී ඉල්ලුම පිළිබද අවධනය යොමු කරමින් නව දෙනුවර මැණිකේ නමින් සුඛෝපභෝගි දුම්රියක් එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතුකර තිබෙනවා. කොළඹ කොටුව – බදුල්ල බලා ධාවනය මෙම දුම්රිය පළමු පන්තියේ මැදිරි 2 කින්, දෙවන පන්තියේ මැදිරි 2 කින් සහ 3 වන පන්තියේ මැදිරි 3 කින් හා ඒ අනුව සියලු මැදිරි 07 කින් […]
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නළ ළිං කුහරයක දින තුනක් සිරවී සිටි සුජිත් විල්සන් නමැති වයස අවුරුදු 02 ක පමණ දරුවාගේ සිරුර මේ වන විට ගොඩගෙන ඔහුගේ දෙමවුපියන් වෙත භාර දී තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව එම දරුවාගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඉදිරි ජනපතිවරණයේ අපේක්ෂකයින් සහ පක්ෂ ප්‍රවර්දනය වන ආකාරයට සියලුම වාහන වල ඇති වැකි, සළකුණු, ඡායාරූප, ඇතුළු ස්ටිකර්, කොඩි ප්‍රදර්ශනය කිරීම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ඒ පිලිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් අදාල බලධාරීන්ට නියෝග නිකුත් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කරන්නේ 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් […]
පවතින යහපත් කාලගුණික තත්ත්වයත් සමග වෙළෙදපොලේ එළවළු මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් පැවති බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහල ගොස් තිබෙනවා. මිට හේතු වශයෙන් එහි කළමනාකරු සදහන් කලේ පවතින වැසි තත්වය හේතුවෙන් ලැබෙන එළවළු නිසි ප්‍රමිතියකින් තොර වීම, ලැබෙන එළවළු ප්‍රමාණය අවමවීම, වැනි කරුණු හේතුවෙන් මෙලෙස එළවළු […]