විරාජ් පෙරාරා යනු අපි හැමෝම දන්න ජනපි‍්‍රය ගායන ශිල්පියෙක්. පාදුක්ක නගර මධ්‍යයේ ගීත ගායනා කරමින් සිටි පුද්ගලයෙකු සමග එක්ව ඔහුද ගීත ගායනා කරන වීඩියෝවක් අද ඔහු තම ෆේස් බුක් පිටුවේ පළ කර තිබෙනවා.
කොටුව දුම්රිය පොළේ ප්‍රවේශ පත්‍ර කවුළු අසළ දුම්රිය මගීන් කලහකාරී ලෙස හැසිරෙන බව වාර්තා වනවා. අනුරාධපුරය දක්වා ගමන් කරන මඟින්ට දුම්රිය ටිකට් පත් නිකුත් කළද දුම්රියක් ධාවනය නොවීම හේතුවෙන් මෙම උණුසුම් තත්ත්වය හට ගෙන ඇති බව සදහන්.
හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. එතුමා මේ සදහා ප‍්‍රධාන පක්‍ෂයකින් ඉදිරිපත් නොවන බවත් සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවකින් සැදුම්ලත් පුළුල් සංවිධානයකින් ඉදිරිපත් වීමට නියමිත බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කළා.
බීමතින් ඉතා අනාරක්ෂිත ලෙස මගින් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක රියදුරෙකු දඹුල්ල පොලීසිය අද (20) උදෑසන දඹුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දඹුල්ල උසාවිය හන්දිය ප්‍රදේශයේ උදෑසන පාසල් ළමුන්ගේ ආරක්ෂාව සඳහා මාර්ගයේ යොදවා සිටි දඹුල්ල පොලීසියේ රථවාහන අංශයේ පොලිස් නිලධාරින් පිරිසකට සැකසිති මෙම බස් රථය නවතා පරීක්ෂා කිරීමේදී රියදුරු අධික ලෙස බීමතින් සිටි බවත් එම […]
රට ගොඩනැගීමට නම් පවතින අධ්‍යාපන ක‍්‍රමය ප්රතිසංස්කරණය කළ යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ රත්නපුර ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. මිහිඳු මහා රහතන් වහන්සේගේ ආගමනයත් සමඟ ලංකාවට විධිමත් අධ්‍යාපනයක් පැමිණි බවත් අපේ රටේ විශාල ජන ඝනත්වයක් පවතින අතර […]
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ විශේෂ තේරීම් කාරක සභාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් පැය දෙක හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත් බව එහි සභාපති කථානායක ආනන්ද කුමාරසිරි සදහන් කළා. ලබන 24 වන දා විශේෂ තේරීම් කාරක සභාව පාර්ලිමේන්තුවේදී යළි රැස්වීමට නියමිත අතර එහිදී අවසන් වාර්තාව පිළියෙල කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙනු ඇති. එමෙන්ම, පාස්කු […]
උසස් පෙළ විභාගයේ ප‍්‍රායෝගික පරීක්ෂණ විභාග ලබන 24 වනදා සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. දේශීය නර්තනය / භරත නැටුම් / පෙරදිග සංගීතය / කර්ණාටක සංගීතය / බටහිර සංගීතය / නාට්‍ය හා රංග කළාව ප‍්‍රායෝගික පරීක්ෂණ විභාග එදින ආරම්භ වීමට නියමිතයි. එම ප‍්‍රායෝගික පරීක්ෂණ විභාග ඔක්තෝම්බර් 6 වනදා දක්වා පැවැත්වෙනවා. ඉංජිනේරු තාක්ෂණවේදය ප‍්‍රායෝගික පරීක්ෂණ […]
රාජ්‍ය උත්සව සහ රාජ්‍ය දේපළ භාවිත කර පක්ෂ, අපේක්ෂකයින් සහ දේශපාලනඥයින් ප‍්‍රවර්ධනය හෝ අගතියට පත් වන ආකාරයෙන් කටයුතු කිරීම තහනම් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම කොමිසම සදහන් කලේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව සහ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනතේ සහ මැතිවරණ කොමිසමේ විධිවිධානවලට අනුව එය දඬුවම් ලැබිය හැකි වරදක් බවයි. මහජන මුදල් වැය කරමින් […]
කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය අද ආරම්භ වුණා. ඒ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ දීයි. ප‍්‍රදර්ශනයේ ආරම්භ වුනේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් ජෙකොබ් මහතාගේ ප‍්‍රධානත්වයෙන්. ප‍්‍රදර්ශනය අද සිට ලබන 29 වනදා දක්වා පෙරවරු 09 00 සිට රාත‍්‍රී 09 00 දක්වා පැවැත්වීමට නියමිතයි.කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය සදහා මෙවර වෙළද කුටි 445 ක් ඇතුළත්. විදේශ […]
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් එහි නියෝජිතයින් රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ ජනාධිපතිවරණයට අදාළව ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා. එම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටි බව සදහන්.
ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය ප‍්‍රමාදයට හේතුව සංඥා පද්ධතියේ මෘදුකාංග වල දෝශයක් බව හෙළිව තිබෙනවා. දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සදහන් කලේ එය මේ වන විට යථා තත්වයට පත් කර ඇති බවයි.ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ද සාමාන්‍ය පරිදි සිදු වන බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සදහන් කලා. සංඥා දෝශය ඇති වුනේ මරදාන සහ කොළඹ කොටුව අතර […]
පාපන්දු තරග නැරඹීම සඳහා ඉරාන කාන්තාවන්ට ක්‍රීඩාංගණයට පැමිණීමට අවසර දෙන ලෙස පාපන්දු සම්මේලනයේ සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ එරට පාපන්දු සම්මේලනයට දැනුම්දී තිබෙනවා. 1979 වසරේ ඇතිවු ඉස්ලාම් කැරැල්ලෙන් පසු මෙම තහනම ඉරාන කාන්තා ක්‍රීඩාලෝලීන්ට පැනවූවා. ඉරාන ක්‍රීඩකයන් තරග වදින අවස්ථාවලදී එරට කාන්තාවන්ට තරග නැරඹීමට ක්‍රීඩාංගණය වෙත පැමිණීම 1979 වසරේදී තහනමක් කර තිබෙනවා. එම නිසා පාපන්දු සම්මේලනයේ සභාපති […]