දිස්ත‍්‍රික් මැතිවරණ නිලධාරීන්ගේ විශේෂ සාකච්ඡවක් රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී අද පැවැත්වීමට නියමිතයි. එම සාකච්ඡව සදහා කැදවා ඇත්තේ දිස්ත‍්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සහ අතිරේක මැතිවරණ කොමසාරිස්වරුන්. ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡ කිරීමට නියමිත අතර මීට අමතරව ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡුාවක් පැවැත්වෙනවා. සාකච්ඡුාව පැවැත්වෙන්නේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් […]
දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. විශේෂයෙන්ම දිවයිනේ උතුරු සහ උතුරු මැද පළාත්වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40-50 දක්වා වැඩි විය හැකි බව දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති […]
ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ජීවත් වන අවුරුදු 73ක් වන කාන්තාවක් බිළිඳියන් දෙදෙනෙකු ප්‍රසූත කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. පියාට අවුරුදු 82 වන බව පැවසෙන අතර මන්ගායම්මා යාරාමතී වන මව සහ 82 හැවිරිදි සීතාරාමා රාජාරාඕ විවාහ වූ දිනයේ සිටම දරුවන් බලාපොරොත්තුවෙන් සිටියත් එම දරු පල සිහිනය සැබෑ කර ගැනීමට හැකිව ඇත්තේ වයස් ගත වීමෙන් පසුවයි. […]
ඉදිරි ජනපතිවරණය සදහා ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක නව ලකුණකින් සහ තරග වදින පක්ෂයේ නමත් නව මුහුණු වරකින් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව සිය ජන්ද ලකුණ සහ තරග වදින පක්ෂයේ නම ජනපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ජනතාවට ඉදිරිපත් කරන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. එමෙන්ම ජනතා විමුක්ති […]
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂගේ ප‍්‍රධානත්වයෙන් වියත්මග සංවිධානයේ මහා සමුළුව අද පැවැත්වෙනවා. ඒ කොළඹදීය. ඒ අනුව මෙහිදී ගෝඨාභය රාජපක්‍ෂ විසින් රට ගොඩ නගන සිය ඉදිරි දැක්ම ද එළිදැක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ මස අවසානයේදී එක්දින තරග 03 කට සහ විස්සයි විස්ස තරග 03 කට සහභාගිවීම සඳහා එළඹෙන 25 වැනිදා පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත් මේ තරග සංචාරය සදහා එක් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයින් වන ඇන්ජෙලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, ලසිත් මාලිංග යන ක්‍රීඩකයින් සිය අකමැත්ත පළ කර තිබෙන බව […]
පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කල තේරීම් කාරක සභාවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ප‍්‍රකාශයක් ලබා දීම වෙනුවෙන් දිනයක් වෙන්කරදී තිබෙනවා. නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සඳහන් කළේ ලබන 20 වනදා පෙරවරු 10 00 ට ප‍්‍රකාශය ලබා ගැනීම සඳහා තේරිම් කාරක සභාවේ සාමාජිකයින් ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙන බවයි. පාස්කු ඉරිදා ප‍්‍රහාරය […]
තලේබාන් සංවිධානය සමඟ ඇති කරගත් සාම ගිවිසුම අවලංගු කළ බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසනවා. ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් ට්‍රම්ප් සඳහන්කර තිබුණේ තලේබාන් නායකයින් සමග සාකච්ඡ කිරීමට තමන් සූදානම් බවයි. නමුත් කාබුල් නුවරදී පසුගිය 04 වනදා ඇමරිකා භටයෙකු ඇතුලූ පිරිසක් ඝාතකය කිරීමේ වගකීම භාර ගැනීමත් සමග තලේබාන් සංවිධානය සමග සාකච්ඡුා නතරකර දැමීමට ට්‍්‍රම්ප් තීරණයකර ඇති […]
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය සාකච්ඡාවක් සඳහා හෙට කැඳවා තිබෙනවා. පාකිස්තානු සංචාරය පිළිබද මෙහිදී සාකච්ඡ කරන බවයි ශ‍්‍රී ලංකා තේරීම් කමිටු සභාපති අසන්තද මෙල් මහතා සඳහන් කළේ. අන්තර් ජාතික ක‍්‍රිකට් කවුන්සිලය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට අපරාධ චෝදනා එල්ල කිරීම ඉතාම බරපතල තත්ත්වයක් බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ගම්පහ ප‍්‍රදේශයේ පැවති […]
මැතිවරණ භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ජගත් අබේසිරි ගුණවර්ධන මහතා පත්කර තිබෙනවා. ජේ්‍යෂඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා මේ වන විට කටයුතු කරන්නේ බස්නාහිර පලාත හා රථ වාහන දිසාව භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසයි. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත වහාම ක‍්‍රියාත්මක වන පරිදි මැතිවරණ රාජකාරි ආවරණය කිරීම සඳහා මෙම පත් කිරීම සිදුකර ඇති […]
ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන් වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. ඒ පරිපාලන නිළධාරීන් මුහුණ දී ඇති ගැටලූ සදහා බළධාරීන්ගෙන් විසදුම් ලබා ගැනීම අරමුණු කරගනිමින්. ලබන 10 වනදා සහ 11 වනදා අසනීප නිවාඩු වාර්තා කරන බවයි ශ‍්‍රි ලංකා පරිපාලන සේවා සංගමය සඳහන් කළේ ලබන 11 වනදා රාජ්‍ය පරිපාලන හා කළමණාකරණ අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතාවක් ද […]
ජාතික ජන බලවේගය ඉදිරිපත් කරන අපේක්ෂකයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ජනාධිපතිවරණය සදහා නාමයෝජනා භාරදීමෙන් පසු එළිදක්වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක මහතා සදහන් කළේ ඒ සදහා විශේෂ කමිටුවක්ද පත් කර ඇති බවයි.ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙෂ නම් කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහතායි.