News Line| Off Air
Generic placeholder image

Nov
6

ශ්‍රීලනිපයෙන් දැඩි තීරණයක්

Generic placeholder image

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ රාති‍්‍රයේ රැස් වූ අතර එහිදී කොළඹ සමුළුවට පැමිණි සියලු සංවිධායකවරු ඉවත් කිරීමට මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රීලනිපයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සදහන් කලේ එම සංවිධායකවරු ඉවත් කර නව වැඩ බලන සංවිධායකවරු පත් කර මැතිවරණ කටයුතු ඉදිරියට […]


Nov
6

කාශ්‍යප හිමියන් සිය මාරාන්තික උපවාසය අත්හරියි

Generic placeholder image

MCC ගිවිසුම අත්සන් කිරීමට විරෝධය පළ කරමින් පුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් ඊයේ පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී මෙම මාරාන්තික උපවාසය ආරම්භ කල අතර ජනපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ලිපියක් මගින් පුජ්‍ය උඩදුම්බර කාශ්‍යප හිමියන් වෙත දැනුම් දී ඇත්තේ මෙම ගිවිසුම කිසි විටකත් ජනාධිපතිවරණයට පෙර අත්සන් නොතබන බවත් ජනාධිපතිවරණයෙන් පසුව අත්සන් තබන්නේ නම් එය පාර්ලිමේන්තුවේදි […]


Nov
6

වැස්ස අඩු වෙයි

Generic placeholder image

පසුගිය දින කිහිපය පුරාම ඇද හෙලුනු අධික වර්ෂාව අද සිට ක්‍රමයෙන් අඩු වන බව කාලගුණ විද්‍යා දෙපර්තුම්නේතුව සදහන් වෙනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත් වලත් තරමක වැසි තත්වයක් අපේක්ෂා කල හැකි වුවද දිවයිනේ සෙසු ප්‍රදේශවල තරමක වැසි රහිත කාලගුණ තත්වයක් ඇති බවයි එම නිවේදනයේ සදහන් වන්නේ.


Nov
5

අයි.එස්. සංවිධාන නායකගේ සොහොයුරිය තුර්කි හමුදා අත්අඩංගුවට

Generic placeholder image

අයි.එස්. සංවිධානයේ නායක අබුබකර් අල් – බග්ඩාඩිගේ සොහොයුරිය වන රස්මියා අවාඞ්, තුර්කි හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පසුගියදා සිරියාවේ ඇමරිකානු හමුදා සිදුකළ මෙහෙයුමක් අතරතුර අබුබකර් අල් – බග්ඩාඩි ජීවිතක්ෂයට පත්වුණා. උතුරුදිග සිරියාවේ අසාස් නගරයේදී බග්ඩාඩිගේ සොහොයුරිය අත්අඩංගුවට ගනු ලැබූ බව තුර්කි බලධාරීන් රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇති බව සදහන්. […]


Nov
5

තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් දිල්ලි බුල්ස් පිලට

Generic placeholder image

ශ්‍රී ලංකා පිළේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් අබුඩාබි ටී – ටෙන් පන්දු වාර දහයේ ක්‍රිකට් තරගාවලියේ දිල්ලි බුල්ස් කණ්ඩායම සඳහා තෝරාගෙන තිබෙනවා. එම කණ්ඩායමේ පුහුණුකරු ස්ටීවන් ෆ්ලෙමින් ප්‍රකාශ කළේ මොහොමඩ් නබී සහ ෂර්ෆේන් රදෆ්ර‍ෙඩ් ඇතුළු ක්‍රීඩකයන් අතරට ජාත්‍යන්තර තලයේ මනා අත්දැකීම් සහිත ක්‍රීඩකයෙකු ලෙසට ඇන්ජලෝ මැතිව්ස් තෝරා ගත් බවයි. එක්සත් අරාබි එමීරයේ ටී – […]


Nov
5

අමෙරිකාව, පැරිස් කාලගුණ සම්මුතියෙන් ඉවත්වෙයි

Generic placeholder image

අමෙරිකාව, පැරිස් කාලගුණ සම්මුතියෙන් ඉවත්වීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබෙනවා. අමෙරිකාව ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ද දැනුම් දී ඇති බව විදෙස් වාර්තා සදහන් කළා. අමෙරිකාවේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පැරිස් කාලගුණ සම්මුතියට අයත් අනෙක් සාමාජික රටවල් සිය කණගාටුව පළ කර තිබෙනවා. පැරිස් කාලගුණ සම්මුතිය හරහා අමෙරිකානුවන්ට අසාධාරණ ආර්ථික බරක් දැරීමට සිදුවන බව අමෙරිකාවේ අදහසයි. ඒ අනුව […]


Nov
5

රටම කතාවෙන මොකද්ද මේ ගුරු මාරුව?

Generic placeholder image

හැමෝම මේ දවස් වල කතාවෙන මාතෘකාවක් තමයි ගුරු මාරුව කියන්නේ. ජ්‍යේතීර්වේදී වාස්තු විද්‍යාඥ කැලුම් ගුණතිලක සහ ජ්‍යේතීර්වේදී හස්ත රේඛා විශේෂඥ කසුන් සමරකෝන් මේ පිලිබද දක්වන අදහස් ගැන දැනගන්න පහත වීඩියෝව නරඹන්න. ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේ ද? වීඩියෝව බලාපොරොත්තු වන්න.


Nov
5

මම දැන් ප‍්‍රසිද්ධයි – මාව අල්ලන්න එපා – රනූ මොන්ඩාල් රසිකයන්ට කියයි

Generic placeholder image

පසුගිය දිනවල අන්තර්ජාලය තුළ බොහෝ කතා බහට ලක් වූ ජනපි‍්‍රය කාන්තාවක් වූ රනූ මොන්ඩාල් නැවත කතා බහට ලක් වන චරිතයක් බවට පත්ව තිබෙනවා. නමුත් මේ දිනවල ඇය පිලිබද ඇති කතා බහ හොද ආකාරයෙක් සිදු නොවන්නක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. දුම්රිය ස්ථාන වල ගීත ගායනා කරමින් සිටි ඇගේ ගායනය වීඩියෝවක් මගින් සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැරීමත් […]


Nov
5

රන්න ජල පවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශවලට හෙට ජල කප්පාදුවක්

Generic placeholder image

හෙට පෙරවරු අටේ සිට පැය 12 ක කාලයක් අලුත්වැඩියාවක් හේතුවෙන් රන්න ජල පවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සදහන් කළා. ඒ අනුව රන්න, තාලූන්න, කට්ටකඩුව, යාය විස්ස, නෙටොල්පිටිය, යාය 18, යාය 19, පට්ටියපොල, ගුරුපොකුණ ආදි ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇති. එසේම තංගල්ල – මැදකැටිය, දංකැටිය, මැඩිල්ල සහ හේනකඩුව […]


Nov
5

බස් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයන් 30 දෙනෙකු රෝහලේ

Generic placeholder image

වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ කුඩාඔය අලිවංගුව ප්‍රදේශයේ දී මගී ප්‍රවාහන බස් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයන් 30 දෙනෙකුට ආසන්න පිරිසක් රෝහල්ගතකර තිබෙනවා. මෙලෙස තුවාල ලබා ඇත්තේ බස් රථයේ ගමන්ගත් මගීන් 29 දෙනෙකු සහ ටිපර් රථයේ රියදුරුට බව වාර්තාවනවා. මාතර සිට මොනරාගල දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් වැල්ලවාය ප්‍රදේශයේ සිට තණමල්විල දක්වා […]


Nov
5

ඡන්ද පත්‍රිකා සියල්ලම මැතිවරණ කොමිෂන් සභාවට බාරදෙයි

Generic placeholder image

ජනාධිපතිවරණය සදහා රජයේ මුද්‍රණාලය මගින් මුද්‍රණය කරන ලද ඡන්ද පත්‍රිකා සියල්ලම මැතිවරණ කොමිෂන් සභාවට අද (05) බාරදීමට රජයේ මුද්‍රණාලය කටයුතු කර තිබෙනවා. රජයේ මුද්‍රණාලය මඟින් මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි නිල ඡන්ද පත්‍රිකා එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික සංඛ්‍යාවක් මුද්‍රණය කර ඇති බව සදහන්. එමෙන්ම ජනාධිපතිවරණයට අදාළ පෝරම හා වෙනත් පත්‍රිකා සියල්ලම රජයේ මුද්‍රණාලය මගින් මුද්‍රණය […]


Nov
5

දීර්ඝ සති අන්ත නිවාඩුවට විශේෂ දුම්රිය 4ක්

Generic placeholder image

දීර්ඝ සති අන්ත නිවාඩුව වෙනුවෙන් මගී ජනතාවගේ පහසුව සඳහා විශේෂ දුම්රිය 4 ක් ධාවනයට එක්කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ලබන 8, 9 සහ 11 යන දිනයන්හිදී එම දුම්රියයන් ධාවනයට එක්කර ඇති බවයි. එම දිනවලදී කොළඹ කොටුවෙන් රාත්‍රී 7.35 ට පිටත් වන දුම්රිය අලුයම 4.33 ට බදුල්ලට ළඟාවීමට නියමිතව තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව […]


News Articles
Latest Videos
Most Popular Post