විවිධ හේතු නිසා අසරණව සිටින දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් දරුවන් සුරකිමු – ජාතික භාර අරමුදල ස්ථාපනය කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද ජනාධිපති කාර්යාලයේදී සිදු කළා. විවිධ පරිත්‍යාගශීලි පුද්ගලයින්ට සහ සංවිධාන වෙත තම පරිත්‍යාගයන් වගකීමෙන් හා නෛතිකව පිළිගත හැකි අයුරින් ලබාදිය හැකි ව්‍යුහයක් ඇති කිරීමේ කාලීන අවශ්‍යතාව ඉටු කරමින් මෙම අරමුදල පිහිටුවා ඇති බව ජනාධිපති මාධ්‍ය […]
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ කාලයේ රුපියල් තිස්කෝටියකට වැඩි මුදලක් උපයාගෙන මුදල් විශුද්ධිකරණ වැරදි සිදුකළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ලබන වසරේ පෙබරවාරි 25 වනදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය අද නියම කරනු ලැබුවා. පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් කර ඇති පස්දෙනෙකුට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි […]
ලෝක ළමා දිනය අදට යෙදී තිබෙනවා. මේ වෙනුවෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද දින සිය රාජකාරී ආරම්භ කරනු ලැබුවේ දරුවන් වෙනුවෙන් සුවිශේෂී කටයුත්තක් ඉටු කරමින්. තුන් නිවුන් දරුවන්ගේ කටයුතු වෙනුවෙන් පවතින ආර්ථික දුෂ්කරතා සඳහා සහනයක් ලෙස පවුල් 03ක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 20 බැගින් මුදල් පරිත්‍යාග පිරිනැමීම ඒ අනුව අද (01) පෙරවරුවේ ජනාධිපතිතුමා අතින් ජනාධිපති කාර්යාලයේ […]
විදේශීය මත්පැන් සිල්ලරට විකිණීම, ප්‍රවාහනය කිරීම සහ ළඟ තබාගත හැකි උපරිම සීමාව ලීටර 7.5 සිට 80 දක්වා ඉහළ දමා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. පසුගිය 27 වනදා විෂයභාර අමාත්‍යවරයා ලෙස මුදල් අමාත්‍යවරයාගේ අත්සනින් නිකුත් කළ සුරාබදු නිවේදනය මගින් මුළු දිවයිනට බලපවත්වන පරිදි මෙම සංශෝධනය සිදුකර ඇති බව එම දෙපාර්තමේන්තුව කියා සිටියා. ඒ අනුව සුරාබදු ආඥා […]
මාර්තු 12 ව්‍යාපාරය සහ පැෆරල් ආයතනය එක්ව සංවිධානය කරන ඉදිරි ජනාධිපතිවරණයේදී තරගවදින ප්‍රධාන අපේක්ෂකයින් එක තැනකට ගෙන්වා රට ගොඩනැගීම පිළිබදව ඔවුන්ගේ ප්‍රතිපත්ති සහ සැලසුම් පිළිබද සාකච්ඡාවක් ඔක්තොම්බර් මස 05 වනදා පැවැත්වීමට නියමිතයි. මේ සදහා ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාද සහභාගි වීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේඛම් ටිල්වින් සිල්වා මහතා […]
අනිද්දා එනම් ලබන 3 වනදා සියළු සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. ඊට හේතු වන්නේ ලෝක අමද්‍යප දිනය එදිනට යෙදී තිබීමයි. විශේෂයෙන්ම නීති විරෝදී ලෙස මත්පැන් අළෙවි කරන ස්ථාන සම්බන්ධයෙන් සොයා බැලීමට හා එම ස්ථාන වැටලීමට මෙහෙයුම් යොදන බව සුරාබදු දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කළා.
පළාත් කීපයක අද(01) සවස ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ හා උතුරු මැද පළාත්වලත් මන්නාරම, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ මෙලෙස වැසි ඇති විය හැකියි. ගිඟුරුම් සහිත වැසි සමඟ පැයට කිලෝ මීටර 70-80 ක පමණ කෙටි […]
ජාතික ජනබල ව්‍යාපාරය විසින් අද (01) දින පෙරවරුවේ රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාවේදී ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයාගේ අපේක්ෂකත්වය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. මෙම අවස්ථාවට ජවිපෙ ප්රචාරක ලේකම් පා.ම. විජිත හේරත් ,මහාචාර්ය චන්දන අබේරත්න, නීතීඥ සුනිල් වටගල , නීතීඥ හර්ෂණ නානායක්කාර, නීතිඥ උපුල් කුමාරප්පෙරුම, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර, මහින්ද […]
මැතිවරණ කාල සිමාවේ මැතිවරණ නීති ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික රූපවාහිනි නාලිකා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර අවශ්‍ය නියාමන කටයුතු සිදු කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව විදුලි සංදේශ නියාමන කොමිසමට උපදෙස් දී තිබෙනවා. ඇතැම් පෞද්ගලික රූපවාහිනි නාලිකාවල විකාශනය කෙරෙන ප්රවෘත්ති වැඩසටහන් හා වෙනත් විශේෂාංග හේතුවෙන් ජනපතිවරණයට තරග කරන අපේක්ෂකයෙකු ප්‍රවර්ධනයට හෝ අගතියට පත් කිරීමට වැඩි අවස්ථා තිබෙන […]
අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දේවස්ථාන හා විහාරස්ථානවල ආරක්ෂාව තර කරන්නැයි ලිඛිතව දැනුම් දීමක් කර ඇති බව පොලිස් මුලස්ථානය සදහන් කරනවා. ඒ අනුව මීට අමතරව ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල ද ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව පොලිසිය සදහන් කරනවා. මේ පිලිබදව ජනපති වරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයාගේ විශේෂ […]
පොලිස් මුලස්ථානයේ දී පුද්ගලයෙකුට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. විදුලි සෝපාන ක්‍රියාකරවන පුද්ගලයෙකුට බැන තර්ජනය කිරීමේ සිදුවීමක් හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බවයි සදහන් වන්නේ.
හොරතුඩුව චන්ද්‍රසේකර මහා විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය විසින් එම විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් පාවහන් බෙදා දීමේ උත්සවක් සංවිධානය කර තිබුණා. අදට යෙදී තිබෙන ලෝක ළමා දිනය වෙනුවෙන් මෙම වැඩ සටහන ක්‍රියාත්මක වුණා.