අග්‍රාමාත්‍ය වැය ශීර්ෂය කපා හැරිමට අදාළව විපක්ෂය විසින් ගෙන එන යෝනාව පාර්ලිිමෙන්තු මන්ත්‍රී රවී කරුණනායක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලා.ඔහු එම යෝජනාව ඉදිරිපත් කරමින් කියා සිටියේ ජනරජයේ කවර හෝ වියදමක් දැරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාට අවස්ථාවක් නොමැති බවයි. බහුතරයක් සම්මත කළ අයවැයක් සුළුතර ආණ්ඩුවක් භාවිත කිරීමට හැකියාවක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නා.
පක්ෂ නායක රැස්වීම අවසානයේදී එම ස්ථානයෙන් පිටතට වැඩම කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පැවසූවේ තමන් වහන්සේ ස්වාධීන මන්ත්‍රීවරයකු බවයි. තමන් වහන්සේ පාර්ලිමේන්තු සභාවාරය සඳහා සහභාගී වන බවත් උන්වහන්සේ මාධ්‍යවේදීන් කළ විමසීමේදී සදහන්කර සිටියා.
අද දවසේ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට ආණ්ඩු පක්ෂය තීරණය කලත් මේ වන විට උසස් අධ්‍යාපන ඇමති විජයදාස රාජපක්ෂ මේ වනවිට පාර්ලිමේන්තු සභාවට පැමිණ තිබෙනවා. මේ වන විට ඔහු සභාව අමතමින් සිටිනවා. වැඩි තොරතුරු බලාපොරොත්තුවන්න….
අදත් ආණ්ඩු පක්ෂය නැතුව පාර්ලිමේන්තුව ඇරඹේ කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරන බැවින් අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට එක්වීමට අවස්ථාවක් නොමැති බව ආණ්ඩු පක්ෂය දන්වා සිටියා. ඒ අනුව මේ මොහොතේ ආණ්ඩු පක්ෂයේ සහභාගිත්වයෙන් තොරව රැස්වීම ආරම්භවී තිබෙනවා. පාර්ලිමේන්තුවේදී මාධ්‍ය අමතමින් මේ සම්බන්දව බන්දුල ගුණවර්ධන පල කල අදහස් පහතින්… “ඇමතිවරයෙකුට වුණත් මුදල් පිළිබඳ යෝජනාවක් ගේනන් පුළුවන් කැබිනට් […]
Youth Eco Community සහ තවත් සංවිධාන රැසක් එකතු වී සංවිධානය කරන ලංකාව වටා වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් දෙසැම්බර් මස 03 වෙනිදා මීගමුව වෙරළ තීරයේදී ආරම්භ වෙනවා. මෙය පුරා දින හතක් පුරා දිවයින වටා වෙරළ තීරයම ආවරණය කරමින් සිදු කරනවා. දෙසැම්බර් 03 – මීගමුව වෙරළ තීරය දෙසැම්බර් 04 – කල්පිටිය වෙරළ තීරය දෙසැම්බර් 05 – යාපනය වෙරළ තීරය […]
අද පැවති මාධ්‍යය හමුවකට එක් වෙමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී තුෂාර ඉදුනිල් හෙට දවසේ එක්සත් ජාතික පෙරමුණට බහුතරය පෙන්වීමේදී 125 ත් 130 ත් අතර ප්‍රමාණයකින් හැකියාව ලැබෙන බව පවසා සිටියා. එමෙන්ම මහින්ද රාජපක්ෂ පාර්ශවයේ සිටින 103 ක හෝ 102 ක පිරිස ශුද්ධවූ පිරිසක්ද යන්න ඔප්පු කර පෙන්වන ලෙසද මන්ත්‍රීවරයා ප්‍රකාශකර සිටියා. ඒ එක්සත් ජාතික පක්ශයට […]
පන්දුව පළුදු කිරීමේ චෝදනාව හේතුවෙන් ජාත්‍යන්තර තරග තහනමකට ලක්ව සිටින ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු නායක ස්ටීව් ස්මිත් බංගලදේශ ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට නියමිතව තිබෙනවා.තරගාවලියේ දී කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම නියෝජනය කරමින් ඔහු තරග වැදීමට නියමිත බව වාර්තා වෙයි. මීට අමතරව තරග තහනමට ලක්වූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු උප නායක ඩේවිඩ් වොනර් ද එම ක්‍රිකට් තරගාවලියට සහභාගී […]
ආවා කල්ලියේ නායකයෙකු මෙන්ම ආවා කල්ලිය මෙහෙයවූ අශෝක් කුමාර් නොහොත් මෝහන් අශෝක් නැමත්තා අද යාපනය මල්ලාකම් අධිකරණයට පැමිණ භාර වී ඇති බවට යාපනය පොලීසිය කියා ප්‍රකාශකර සිටියා.මල්ලාකම් අධිකරණය භාරවීමෙන් පසුව මල්ලාකම් මහේස්ත්‍රාත් ඒ.ඇලෙක්ස්රාජා මහතා විසින් අශෝක් කුමාර් නැමත්තා දෙසැම්බර් 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කොට සිටියා. අශෝක්කුමාර් නැමත්තාගේ පෞද්ගලික ලිපිනය වී ඇත්තේ යාපනය […]
පසුගිය 26 වෙනිදා සිදුවුණ අගමැති මාරුවත් සමග රටේ ඇති වී තිබෙන අස්ථාවර භාවය ඉක්මණින්ම විසදා දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකික කාන්තාවන් අද දවසේ ජනපති ලේකම් කාර්යාලයේදී ජනපතිට ලියුමක් භාර දීමට නියමිතව තිබුණා. ඒ උපනුපන් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ශ්‍රී ලාංකීය කාන්තාවන් වෙතින් කෙරෙන ඉල්ලීමයි යන තේමාව යටතේයි. මෙම ලිපියට රටේ ජනප්‍රිය රංගන ශිල්පිණීන්, ගායන ශිල්පිණීන් මෙන්ම […]
ලොව පුරා දිනකට කාන්තාවන් 137 දෙනෙකු සිය සහකරු හෝ පවුලේ සාමාජිකයෙකු අතින් ඝාතනය වන බවට අනාවරණය වී තිබෙනවා.අපරාධ සහ මත්ද්‍රව්‍ය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය නිකුත් කළ නවතම දත්ත අනුව මේ බව අනාවරණය වි ඇති බවයි වාර්තා වෙන්නේ. කාන්තාවක් ඝාතනයට ලක්වීමේ වැඩි අවදානමක් ඇති ස්ථානය සිය නිවස බවද එම වාර්තාවේ සඳහන් වෙනවා. එම කාර්යාලය නිකුත් කළ […]
කථානායක කරූ ජයසූරිය මහතාට එරෙහිව අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ගොනු කරන බව ආණ්ඩුව පවසනවා.අමාත්‍ය සී. බී. රත්නායක ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූවා. එහිදී විධිමත් පටිපාටියෙන් බැහැරව පාර්ලිමේන්තුව රැස් කිරීම නිසා සිදු වන වියදම් කථානායකවරයාගෙන් අයකර ගැනීමට ද ඉදිරියේදී කටයුතු කරන බවයි අමාත්‍ය සී. බී. රත්නායක කියා සිටියේ.
නියමිත කාලයට පෙර ජනපතිවරණයක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ පවසනවා. රජයේ ප්රවෘත්තී දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කලා. ” ජනපතිවරණයට තව මාස 13ක් තිබෙනවා. ජනපති මැතිවණය තියෙන්නේ සම්පූර්ණ කාලය ගියාට පස්සෙයි”