මාධ්‍යය වෙත නිවේදනයක් නිකුත් කරමින් මහ විරු සැමරුම සඳහා රජයෙන් කිසිදු අවසරයක් ලබාදී නොමැති බවත් එසේ අවසර ලබා දී ඇති බව හැගී යන ආකාරයේ සිදු කරන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් රජය අවධාරණය කර සිටින බව රජයේ ප්රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් නාලක කලුවැව මහතා ප්‍රකාශ කරනවා.
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන එමින් සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අභිරහස් ලෙස පලා යැමේ සිද්ධියත් සමඟ වෙළේ සුදා, මොහොමඩ් සිද්ධික් සහ සුසෙයි යන රට හෙල්ලූ මත්කුඩු ජාවාරම්කරුවන් යළිත් ප්‍රබල ලෙස කුඩු ජාවාරම අරඹා ඇතැයි බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබෙනවා. වෙළේ සුදා, සිද්ධික් හා සුසෙයිගේ ගෝලයකු වන සුනිල් ශාන්ත නමැති පැනගිය කුඩු ජාවාරම්කරු 23 වැනිදා වනතුරුත් සුඟව […]
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ අගනුවර වන කාබුල් නුවර පුද්ගලයින් 50කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් තිබෙනවා. පූජක පිරිසක් රැස්ව සිටි ස්ථානයක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය එල්ල වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත. පිපිරීමෙන් පුද්ගලයින් 83දෙනෙක් තුවල ලබා ඇත. ඊයේ දිනයට යෙදී තිබූ නබි නායකතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් පැවති ආගමික සැමරුමක් සදහා මෙම […]
පාර්ලිමේන්තුවේ තීරණාත්මක අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වල පාලිත රංගේ බණ්ඩාර සහ රිෂාඩ් බදිව්දීන් යන මන්ත්‍රීවරුන් සියලු කටයුතු පසෙක දමා කිසියම් වීඩියෝවක් නරඹන අයුරු සියත 24 අපට වාර්තා වුණා. මේ පිළිබඳව සියත 24 අප කළ විමසීමසා බැලීමකදී දනගන්නට ලැබුණේ විනෝදය සඳහා භාවිතා කරන සමාජ ජාලා මාධ්‍යයක් වන ”ටික් ටොක්” සඳහා භාවිතා කළ වීඩියෝවක් මේ ආකාරයෙන් මෙම මන්ත්‍රීවරුන් […]
වත්මන් දේශපාලන තත්ත්වය පිළිබදව සාකච්ඡා කිරිම සඳහා මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් බැහැදැකිමට ඊයේ (24) පස්වරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතා ගොස් තිබෙනවා. මන්ත්‍රිවරයා මහානායක හිමියන් සමඟ පැයකට ආසන්න කාලයක් සුහද පිළිසදරක යෙදුන බව වාර්තා වුණා. මෙහිදි රජය විසුරුවා හැරිමට ජනාධිපතිවරයා ගත් තීරණය, නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරිම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ […]
විවෘත සංවාදයකට පැමිණෙන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කළ අභියෝගය එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් නොවන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාර පවසා තිබෙනවා. මේ වනවිට ජනාධිපතිවරයා හමුවේද අභියෝග රැසක් පවතින බවයි මන්තී‍්‍රවරයා මෙහිදී කියා සිටියේ. එහිදී “ජනාධිපතිතුමා උදේට කියන එක නෙමෙයි හවසට කියන්නේ. ජනාධිපතිතුමාට අපි කියනවා.. ජනතාව ඉස්සරහට ගිහින් අභියෝග කරන්න කියලා…ජනාධිපතිකමින් අයින් වෙලා ඡන්දයක් ඉල්ලන්න […]
නීත්‍යානුකූල රජයක් යටතේ නීත්‍යානුකූලව පවත්වන ඕනෑම මැතිවරණයකට සූදානම් බවත් බලයක් නැතිව කූඩැල්ලන් මෙන් එල්ලිලා සිටින පිරිස ඉවත් කිරීමට කටයුතු කරන බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා. එක්සත් ජාතික පෙරමුණ විසින් මහනුවර පැවැත්වූ ජන රැළිය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුවේදී සිරිසේන – රාජපක්ෂ හවුලට ඊයේ පිළිගන්න වුණා ඔවුන්ට බහුතරය නෑ කියලා. ලෝකයේ […]
එක්සත් ජාතික පක්ෂයයි, ජනතා විමුක්ති පෙරමුණයි, දෙමළ ජාතික සන්ධානයයි එකතුවෙලා පාර්ලිමේන්තුවේ රැස්වීමක් තිබ්බ නිසා ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුවෙන් ඉවත් වුණා යෑයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (23 වැනිදා) කියා සිටියේය. අගමැතිවරයා මේ බව කියා සිටියේ ඊයේ පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙද්දී ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් සභාවෙන් ඉවත් වූයේ මන්දැයි කළ විමසීමකදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද […]
ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේදී පෞද්ගලික මගී බස් රථයක් ඇළ මාර්ගයකට පෙරළීමෙන් පුද්ගලයින් 25දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. අනතුර සිදු වන අවස්ථාවේදී මගීන් 30දෙනෙකු පමණ බස්රථය තුළ සිට ඇති බවයි ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කළේ. ජීවිතක්ෂයට පත්වූවන් අතර කාන්තාවන් සහ කුඩා ළමුන් ද වන බව සඳහන් වෙනවා. ඇළ මාර්ගයේ තිබී ජීවිතක්ෂයට පත්වූවන්ගේ සිරුරු 09ක් සොයා ගැනීමට ප්‍රදේශවාසීන් සමත්වී […]
පාර්ලිමේන්තු මහමැතිවරණයක් කඩිනමින් පවත්වන ලෙස බලකරමින් ගිනිගත්හේන නගරයේ අද (24) උද්ඝෝෂණයක් පැවැත් වී තිබෙනවා. මෙය සංවිධාන කර තිබුණේ අඹගමුව ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මන්තී‍්‍රවරුන් විසින්. මෙහිදී කතානායක කරු ජයසූරිය මහතාගේ කි්රයාකලාපයටද විරෝධය පළ කෙරුණා. මෙම උද්ඝෝෂණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන ආධාරකරුවන් රැසක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයද කෘතියක් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර සිටිනවා. ඔහු මේ බව කියාසිටියේ ‘‘රනිල් සමග නොකෙරුණු දීගය’’ නමින් ලබන ජනවාරියේදී පොතක් එළිදක්වන බවට ජනාධිපතිවරයා ඊයේ (23) සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්. එක්සත් ජාතික පක්ෂය එළිදක්වන පොත ‘‘ජනාධිපතිවරයාගේ මහා පාවාදීම’’ ලෙස නම් කරන බවද […]
අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් කපා හැරීමේ යෝජනාවෙන් පසු එළඹෙන 30 වනදා සෙසු අමාත්‍ය කාර්යාලවල වියදම් කපා හැරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන ඡන්ද විමසීමක් සිදුකරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරනවා. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පිළි ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් දැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෝහිත අබේගුණවර්ධන ඊයේ නැගූ ප්‍රශ්නයකටද පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින්ද […]