හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරමින් අද දහවල් කොල්ලූපිටිය නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්වුණා. සාමකාමී අයුරින් පැවැති මෙම උද්ඝෝෂණයට සහභාගී වූ පිරිස් වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කළ බවයි වාර්තා වෙන්නේ. මීට අමතරව එක්සත් ජාතික පාක්ෂිකයින් අද පෙරවරුවේ සිට දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක විරෝධතා ව්‍යාපාර ආරම්භ කළා. ඒ වත්මන් රජයට විරෝධය පළ කිරීමින්.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව එම තනතුරෙන් නෙරපා මහින්ද රාජපක්ෂ මහතාව නව අගමැති ලෙස පත් කිරීම හේතුවෙන් බි්රතාන්ය පාර්ලිමේන්තුව ද පසුගිය සතියේ උණුසුම් වුණා. බි්රතාන්ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු විදේශ අමාත්‍ය ජෙරමි හන්ට් සහ ආසියානු කළාපය භාරව කටයුතු කරන මාක් ෆීල්ඞ් ඇමතිවරයා ගෙන් ශ්‍රී ලංකාව පිළිබඳව දිගින් දිගට ම ප්‍රශ්න කළ අතර ඔවුන් දෙදෙනා […]
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීම සඳහා සිදු කරන ලද කුමන්ත්‍රණය පිළිබඳව වැඩි දුරටත් සාක්ෂි ඉදිරිපත්ව තිබෙනවා. මෙතෙක් කලක් ඒ සඳහා සාක්ෂි වශයෙන් ඉදිරිපත්ව තිබුණේ නාමල් කුමාර සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අතර සිදුවූ දුරකථන කතා බහට අදාළ හඬපට පමණ. එම හඬපට 124 න් 123 ක් සැසදෙන […]
එක කුසේ උපන් සහෝදර සහෝදරියොත් විවිධ දේවල් නිසා රණ්ඩු සරුවල් වෙන කාලයක් තමයි මේක. ඒත් එකම ශරීරයක් තියෙන සහෝදරියන් දෙන්නෙක් හරිම සතුටින් ජීවත් වෙන හැටි ගැන ඔයාට හිතාගන්නවත් පුළුවන්ද? 1990 මාර්තු මස 7 වැනි දින ඇමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ දී උපත ලද ඇබී හා බ්‍රිටනි හෙන්සෙල් තනි ශරීරයක්, අත් දෙකක්, හා පා දෙකක් සහිත ව බිහි […]
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාරක සභාවට පැමිණෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ, එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන බවයි. පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව රැස්වන්නේ ලබන 8 වනදායි. එහිදී ශ්‍රී ලංකා […]
දීර්ඝ කාලයක් රඳවා සිටින දෙමළ සිරකරුවන්ගේ ගැටලුවට ළඟදීම සුදුසු විසඳුමක් ලැබෙනු ඇතැයි පාර්ලිමේන්තු මන්ති‍්‍ර නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ තම පක්ෂය ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණාත්මක සාකච්ඡාවක් සිදු කිරීමට සූදානම් බවයි. නව අග්රාමාතයවරයා සහ ජනාධිපතිවරයාද මෙම ගැටලූව සම්බන්ධයෙන් අඛණ්ඩ අවධානය යොමු කරන බවද පාර්ලිමේන්තු මන්ති‍්‍ර නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
තමන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාලිත රංගේ බණ්ඩාරට දුරකතන ඇමතුමක් ලබා දුන් බව පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. බී. දිසානායක මහතා පවසනවා. එහෙත්, මුදල් ලබා දී ඔහු ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීමට තමා කිසිවිටෙකත් ආරාධනා නොකළ බවයි මන්ති‍්‍රවරයා අවධාරණය කළේ. කෙසේවෙතත් අමාත්‍ය ධූරයක් ලබා ගැනිමට තමා ආරාධනා කළ බවද පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. බී. දිසානායක කියා […]
ලබන 16 වැනිදාට කැඳවීමට ගැසට් කර තිබූ පාර්ලිමේන්තු සැසිවාරය ඊට පෙර කැඳවීමට ජනාධිපතිතුමාගේ අවධානය යොමු වී ඇති බව වාර්තා වෙනවා. පාර්ලිමේන්තුව කැඳවන දිනය අද (04) පස්වරුවේ ජනාධිපතිතුමා විසින් තීරණය කරනු ඇති බවයි ඒ අනුව වාර්තා වෙන්නේ. හෙට උදෑසන ගැසට් නිවේදනයක් මගින් පාර්ලිමේන්තුව කැඳවන දිනය ප්‍රකාශයට පත් කරනු ඇති බවද වැඩි දුරටත් වාර්තා වුණා. ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව […]
රිද්මාගේ උපන් දිනයට රොෂාන් සප්‍රයිස් පාටි එකක් දුන්නා කියලා ආරංචියි ඔව්. මීට මාස දෙකකට කලින් ඉඳන් රොෂාන් අයියා කිය කියා හිටියා මගේ උපන් දිනය ළඟයි නේද කියලා. මම ඒක ඉතිං ඒ තරම් ගණන් ගත්තේ නෑ. උපන් දිනයට කලින් දවසේ එයා මට කිව්වා උපන් දිනය දවසේ ඩිනර් එකකට යන්න ලස්සන ඇඳුමක් ලෑස්ති කරගන්න කියලා. උපන් දිනය […]
රටේ පැවති තත්ත්වය සළකා විපක්ෂයේ සිටිමින් නව රජයට සහය දෙන බවත් එක්සත් ජාතික පෙරමුණු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ සදහන් කළේ නව අගමැතිවරයකු පත්කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අනුමත කරන බවයි. තමන්ට හිමි බලතල අනුව වහාම පාර්ලිමේන්තුව විසුරුවන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බව ද උන්වහන්සේ සදහන් […]
මෙහි සත්‍ය අසත්‍යයභාවය පිළිබඳව සියත 24 අප වගකියනු නොලබන අතර මෙය ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවියෙන් උපුටාගත්තක් බව කරුණාවෙන් සලකන්න. https://www.facebook.com/254661498514657/videos/2168196200173880/
ශ්‍රී ලංකාවේ ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2018-10-26 වන දින ගනු ලැබූ ඓතිහාසික දේශපාලනික තීන්දුවට උපහාරය පුද කරමි යනුවෙන් සඳහන් කරමින් මාතලේ, ගිරන්දපිටියේ, කලාශිල්පී ආර්.ජී. පතිරත්න විසින් නිම කරන ලද කලාත්මක කැටයම් නිර්මාණයක් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා වෙත පිළිගන්වා තිබෙනවා.