News Line| Off Air
Generic placeholder image

Dec
13

අහංගම මාස 11ක බිළිඳෙක් අනපේක්ෂිත ලෙස මිය යයි

Generic placeholder image

කෙසෙල් ගෙඩියක කැබැල්ලක් හිරවීමෙන් අහංගම පොලිස් වසමේ ඇද්දුන්කැළේ පදිංචි මාස එකොළහක් වයසැති බිළිඳෙකු ඊයේ (12) මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ අහංගම පොලිස් වසමේ අංක 56, මැදගේට්ටුව, ඇද්දුන්කැළේ ලිපිනයේ පදිංචි ඩබ්. එච්. ධනුෂ්ක මධුෂංක සහ තිළිණි සමන්තිකා යන දෙපළගේ මාස එකොළහක් වන චලන නිම්සර නැමැති පිරිමි දරුවායි. කෑමට ලබාදුන් කෙසෙල් කැබැල්ලක් උගුරේ හිරවීම හේතුවෙන් මෙම දරුවා […]


Dec
13

බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 18 වැඩි සියලු පුරවැසියන්ට බූස්ටර් එන්නත

Generic placeholder image

ඔමික්‍රෝන් මර්දනය සඳහා වහාම බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 18 ට වැඩි සියලු පුරවැසියන්ට බූස්ටර් එන්නත ලබා දීමට තීරණය කර තිබෙනවා. වැඩිහිටියන්ට ලබන ජනවාරි වන විට බූස්ටර් එන්නත ලබා දී අවසන් කරන බවයි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පවසන්නේ. ඔමික්‍රෝන් විශාල රැල්ලකට රට සූදානම් කරන බවයි ඔහු පවසන්නේ.


Dec
13

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක

Generic placeholder image

ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. තම ගැටළු සඳහා විසඳුම් ලබා දෙන්නේ නැතිනම් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා ප්‍රකාශ කළා. මේ අතර වැටුප් විෂමතා ඇතුළු සේවා ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් […]


Dec
13

දියර පොහොර කෑන් පිපිරීම් ප්‍රදේශ කිහිපයකින්ම

Generic placeholder image

රජයෙන් ලබා දීපු දියර පොහොර කෑන් පිපිරීම් ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වුණා. මෙලෙස පුපුරා ගිය දියර පොහොර සුනඛයින් පවා ආහාරයට ගන්නා අයුරු ද දක්නට ලැබුණා. මේ කාබනික දියර පොහොර හදලා තියෙන්නේ මත්ස්‍යය නිශ්පාදන ආශ්‍රිතව කියලයි ඇමති මහින්දානන්ද පවසන්නේ. දඹුල්ල අප වාර්තාකරු සිදු කළ ගවේෂණයකදී අනාවරණය වුණේ ඇතැම් කාබනික පොහොර මත්ස්‍ය කොටස් යොදා සකස් කරන බවටයි. රජය […]


Dec
13

2021 වසරේ විශ්ව රූ රැජිණ කිරුළ ඉන්දියාවට

Generic placeholder image

2021 වසරේ විශ්ව රූ රැජිණ කිරුළ ඉන්දියාවේ හර්නාස් සන්දු විසින් හිමි කරගෙන ඇත. මෙවර විශ්ව රූ රැජිණ තෝරාපත් කර ගැනීමේ තරගාවලිය ඊශ්‍රායලයේ දී 70 වන වරට පැවැත්වුණි. එහිදී 21 හැවිරිදි වියේ පසුවන හර්නාස් සන්දු විශ්ව රූ රැජිණ කිරුළ දිනා ගැනීමට සමත් වී තිබේ.


Dec
11

ප්‍රදේශ කිහිපයකට වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (11) දිනයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකි බවය. නැගෙනහිර සහ ඌව පළාත්වල සිහින් […]


Dec
10

මධ්‍යම මෙක්සිකෝවේ කන්ටේනර් අනතුරකින් 53 දෙනෙකු මිය යයි

Generic placeholder image

මෙක්සිකෝවේ දී සංක්‍රමණිකයන් රැගත් කන්ටේනරයක් අනතුරට ලක්ව තිබෙනවා. මෙම කන්ටේනරය තුළ සැඟවී අමෙරිකා එක්සත් ජනපද දේශසීමාව වෙත ලඟා වීමටයි මෙම පිරිස උත්සහ දරා ඇත්තේ. කන්ටේනරය තුළ 100කට වැඩි පිරිසක් සැඟවී පලායමින් සිට තිබෙනවා. අනතුරෙන් 53 දෙනෙකු එම ස්ථානයේදී ම මිය ගොස් ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. අනතුරෙන් තුවාල ලැබූ සංක්‍රමණිකයන් 58 දෙනෙකු රෝහල් ගත කර […]


Dec
10

දිවයින පුරා 30ට වැඩි පිරිසට තෙවන මාත්‍රාව ලබා දීම අද සිට

Generic placeholder image

වයස අවුරුදු 30 වැඩි පුද්ගලයින්ට බුස්ටර් එන්නත ලබා දීම අද ඇරඹුණා. දෙවන එන්නත ලබා ගෙන මාස 3ක් ගිය පසු බූස්ටර් එන්නත ලබා ගත හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කලේ.


Dec
10

අයවැය තුන්වනවර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ

Generic placeholder image

අයවැය තුන්වනවර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණා. අද පස්වරුවේ අයවැය තුන්වන වර කියවීමට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. ආරම්භයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා යොමු කල පැනයකට මුදල් අමාත්‍යංශය දෙවන වරටත් කල් ඉල්ලීම හමුවේ මන්ත්‍රීවරයා සිය අප්‍රසාදය පළ කළා. සංචාරක ක්ෂේත්‍රය මුහුණ දී ඇති ගැටලුව පිළිබදව ද අද පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්ණ කෙරුනා.


Dec
10

විදුලි සැපයුම ගැන විදුලිබල අමාත්‍යංශයෙන් නිවේදනයක්

Generic placeholder image

විදුලිබල සැපයුම ගැන විදුලිබල අමාත්‍යංශය නිවේදනයක් නිකුත්කර ඇත. ඒ අනුව අද (10) සිට දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් සිදු නොකරන බව එම අමාත්‍යංශය පැවසීය.


Dec
10

ආසාදිතයින් 744ක්

Generic placeholder image

තවත් කොරෝනා ආසාදිතයන් 744 දෙනෙක් ඊයේ (09) දිනයේ වාර්තා වී ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මෙරට දී මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 570,672ක් දක්වා ඉහළගොස් තිබේ.


Dec
9

පළාත් කිහිපයකට වැසි

Generic placeholder image

දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බවය. බස්නාහිර සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේ දී වැසි ස්වල්පයක් ඇති වේ. සබරගමුව, […]


News Articles
Latest Videos
Most Popular Post