News Line| Off Air
Generic placeholder image

Aug
25

කිසිදා මුණ නොගැසුණු මංගල

Generic placeholder image

කොරෝනා මේ වන විට ලොව පුරා මිනිස් ජිවිත දහස් ගණන් බිළිගෙන හමාරය..අප රටේ ද මේ වන විට සැලකිය යුතු පිරිසක් මේ කොරෝනා වෛරසය හමුවේ ජීවිතෙන් වන්දි ගෙවා තිබෙනවා… එවන් පිරිස අතර ඊයේ දිනයේ මෙරට දේශපාලනයට කෘතහස්ත මෙහෙවරක් කල දේශපාලකයෙක් වන මංගල සමරවීර මහතා ද කොරෝනා වෛරසය හේතුවෙන් සිය ජිවන ගමනට සමු දුන්නා.. අද මේ කතාව […]


Aug
25

මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවයි

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ බවට මෙරටදී හඳුනාගත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 4 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.ඒ අනුව එම සංඛ්‍යාව මේ වනවිට 403,285ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Aug
25

නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කරන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය ලබන සිකුරාදා

Generic placeholder image

නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කරන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය ලබන සිකුරාදා ප්‍රකාශයට පත් කරනු ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.


Aug
25

පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් පොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Generic placeholder image

පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විශේෂ ප්‍රකාශයක් කර තිබෙනවා. එම ප්‍රකාශයේ සදහන් වන්නේ 2019 වසරේ පාස්කු ඉරිදා දිනයේදී සහරාන් ඇතුළු කණ්ඩායම සිදු කරන ලද බෝම්බ ප්‍රහාර මාලාව කෙටි කාලයක් තුළ සැලසුම් කළ හුදු තනි අපරාධායක් නොවන බවත් එය සිදුවීමට පෙර සිදු වූ සිදුවීම් කිහිපයක් සැලකිල්ලට ගැනීමේදී දීර්ඝ කාලයක සිට එය සැලසුම්සහතව සිදු […]


Aug
25

ගුවන් හමුදාපති ස්වයං නිරෝධායනයට

Generic placeholder image

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ස්වයං නිරෝධායනය සඳහා යොමු වී සිටිනවා. ඒ ගුවන් හමුදාපතිවරයා සමග කටයුතු කළ පිරිසක් කොවිඩ් ආසාදිත හදුනාගැනීමත් සමගයි.


Aug
25

ඇෆ්ගනිස්තානයේ ව්‍යාපෘති සඳහා ලබාදෙන අරමුදල් නතර කිරීමට ලෝක බැංකුවෙන් තීරණයක්

Generic placeholder image

තලෙබාන් සංවිධානය විසින් ඉකුත් දා ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කර ගත් අතර ඉන් අනතුරුව ලෝක බැංකුව විසින් ඇෆ්ගනිස්තානයේ ව්‍යාපෘති සඳහා ලබාදෙන අරමුදල් නතර කිරීමට තීරණය කර තිබෙනවා.


Aug
25

ඇෆ්ගනිස්ථානයේ සේවයේ නියුතු කාන්තාවන්ට නිවසට වී සිටින්නැයි තලේබාන්වරුන් දන්වයි

Generic placeholder image

ඇෆ්ගනිස්ථානයේ සේවයේ නියුතු කාන්තාවන්ට නිවාසවලට වී සිටින්නැයි, තලේබාන් සටන්කාමීන් දැනුම් දී තිබෙන අතර කාන්තාවන්ට සේවය කිරීම සඳහා අවසර ලබා දී සදහා නිසි ක්‍රමවේදයක් සකස් කරන තෙක් නිවසට වී සිටින ලෙසට තලේබාන් සටන්කාමීන් නියෝග කර තිබෙනවා.


Aug
25

චීන හමුදාවෙන් ශ්‍රී ලංකා හමුදාවට සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක පරිත්‍යාගයක්

Generic placeholder image

චීන හමුදාවෙන් ශ්‍රී ලංකා හමුදාවට සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා. අදාල එන්නත් තොගය ලබන 28 වෙනිදා මෙරටට ගෙන එනු ඇති.


Aug
25

අද කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන ස්ථාන මෙන්න

Generic placeholder image

අද කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන ස්ථාන පහත පරිදි වේ…


Aug
25

මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Generic placeholder image

මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ලද තොරතුරක් මත පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් මෙම වැටලීම සිදු කර තිබෙනවා. සීනි ගෝනි 200ක පමණ තොගයක් පිටකොටුවේ සිට කල්මුණේ දක්වා ප්‍රවාහනය කිරීමට සුදානම් කර සිටියදී මෙම වැටලීම සිදු කර ඇත්තේ.


Aug
25

පූර්ණ එන්නත්කරණයට ලක්වූ බව සහතික කිරීමේ ඩිජිටල් කාඩ්පත සැප්තැම්බර් 15න් පසු නිකුත් කිරීමට තීරණයක්

Generic placeholder image

පූර්ණ එන්නත්කරණයට ලක්වූ බව සහතික කිරීමේ ඩිජිටල් කාඩ්පත සැප්තැම්බර් 15න් පසු නිකුත් කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කරනවා.


Aug
25

ඊයේ නව කොරෝනා ආසාදිතයින් 4446ක්

Generic placeholder image

ඊයේ දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 4446ක් වාර්තා වූ අතර වාර්තා වූ මරණ ගණන 190ක්. මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන තුන් ලක්ෂ 98, 801 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post