අද දිනය තුළ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 1,320ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.
අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 2,009ක් සුවය ලැබු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා. ඒ අනුව සුවය ලැබු සමස්තය 209,296ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ජාතික බලශක්ති දිනය ලෙස ජුනි මස 26 වනදා ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා. එස් එස් හෙලියොස් නැමති ජර්මානු නෞකාව කොළඹ වරායට පැමිණි අවස්ථාවේ විදුලි පහනින් නිකුත් වූ ආලෝකය ප්‍රථම වතාවට ශ්‍රී ලාංකිකයන්ට දැක ගැනීමට හැකි වූ දිනය 1882 ජුනි මස 26 වනදා වන අතර එය සිහිපත් කරමින් ජුනි 26 වනදා ජාතික බලශක්ති දිනය […]
ඒ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කලේ කුමන පාඩුවක් ලැබුවද ගෑස් මිල වැඩි නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි.
අමෙරිකාවේ චීන තානාපති කුයි ටියැන්කායි එම තනතුරෙන් ඉවත් වී තිබෙනවා. ඒ මහතා පෞද්ගලික අවශ්‍යතාවයක් මත එම ධූරයෙන් ඉවත් වී තිබෙන බවයි වාර්තා වන්නේ.
ගෙවුණු පැය 24ක කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සදහන් කරනවා.
වික්ටෝරියා ජලාශය ආසන්නයේ නව භූ කම්පන මාන 10ක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනිම් කාර්යාංශය පවසනවා. ඒ තුලින් වික්ටෝරියා ජලාශය ආසන්නයේ සිදුවන භු කම්පනවල තත්ත්වය හොඳින් නිශ්චය කිරීමට හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.
ඊයේ පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ගත් තීරණ පහතින් දැක්වේ.
ඊයේ මෙරටින් නව ආසාදිතයින් 2,131 දෙනෙකු හඳුනාගත් අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වුයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන 271ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 229,ක් ද රත්නපුර දිස්ත්‍රික්කයෙන් 208 දෙනෙකු, ද හදුනාගෙන තිබෙනවා. ආසාදිතයින් හමුවූ ප්‍රදේශ පහතින්,
සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ දේශීය වෙළෙඳපොලේ අසාමාන්‍ය ලෙස සහල් මිල ඉහළ යාම පාලනය කිරීම සදහායි. අදාල යෝජනාව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
දැනට පවතින කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් ඉදිරි දින කිහිපයේ දී ( විශේෂයෙන්ම 23 වනදා සිට ) බලාපොරොත්තුවේ. බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. නැගෙනහිර සහ ඌව පළාත්වල සහ මුලතිව් දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් වැසි ඇති විය හැක.
අද (22) උදෑසන 6.00 සිට බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක 02ක ග්‍රාම නිලධාරී කොට්ඨාස කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව පොලිස් බලප්‍රදේශයේ සේරපුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ආනන්දරාම පාර හා රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල පොලිස් බලප්‍රදේශයේ කොටවල ග්‍රාම නිලධාරී වසම ද හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා.