News Line| Off Air
Generic placeholder image

May
26

චීන රජය ප්‍රාදානය කළ තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5 මෙරටට

Generic placeholder image

චීන රජය ප්‍රාදානය කළ තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අද මෙරටට රැගෙනවිත් තිබෙනවා. ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින්. එම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා.. මෙරට චීන තානාපතිවරයා විසින් අදාළ එන්නත් තොගය ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් භාරදීම කටුනායක ගුවන්තොටුපොළේ දී සිදුකෙරිණි.


May
26

උතුම් සම්බුදු තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුන් පොහො දිනය අදයි

Generic placeholder image

උතුම් සම්බුදු තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුන් පොහො දිනය අදට යෙදී තිබෙනවා. ගෞතම බුදු පියාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන්පෑම යන උතුම් තෙමගුල ලෝකවාසී බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් සමරනු ලබනවා. මේ වන විට පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ වුවද බෞද්ධ ජනතාව නිවෙස් තුලට වී ලෝකවාසී ජනතාවට නිදුක් නීරෝගී සුවය පතා ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට ප්‍රමුඛත්වය ලබාදෙමින් […]


May
25

ඉන්දියාවේ පූනේ නගරයෙන් කළු දිලීර ආසාදිත මරණ 25ක් වාර්තා වෙයි

Generic placeholder image

ඉන්දියාවේ පූනේ නගරයෙන් කළු දිලීර ආසාදිත මරණ 25ක් වාර්තා වෙනවා. මේ අනුව එම නගරයෙන් පමණක් කළු දිලීර රෝගය ආසාදිතයින් 574 දෙනෙකු මේ වන විට හදුනාගෙන තිබෙන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.


May
25

X-Press Pearl නෞකාව ; බහලුම් 8 ක් මුහුදට වැටෙයි – කොළඹ සහ මීගමුව අවට වෙරළ තීරය ආශ්‍රිත ජනතාවට දැනුම් දීමක්

Generic placeholder image

කොළඹ වරායෙන් පිටත ගිනි ගනිමින් තිබෙන MV X-Press Pearl නෞකාවේ බහාලුමක හටගත් පිපිරීමෙන් අනතුරුව එම නෞකාවේ තිබු කන්ටේනර් 8ක් පමණ මුහුදට වැටී ඇති බව වාර්තා වෙනවා. එම කන්ටේනර් තුළ අඩංගු ද්‍රවය කොළඹ සහ මීගමුව අවට වෙරළ තීරයට ගොඩගැසීමට ඉඩ ඇති බැවින් එවැනි දේවල් වෙරල තීරය තුල නිරීක්ෂණය වුවහොත් ඒවා ස්පර්ශ කිරීමට යාමෙන් වලකින ලෙසත් ඒ […]


May
25

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගය අත් හිටුවයි

Generic placeholder image

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි. මේ පිලිබදව අදහස් දක්වමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කලේ, “මේ සාකච්ඡාවේදී තීරණය කළා දැනට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කරලා තියෙන මධ්‍යස්ථානවල කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව […]


May
25

ප්‍රදේශ කිහිපයකට ගංවතුර ඇතිවීමේ අවදානමක්

Generic placeholder image

මේ වන විට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගංවතුර ඇතිවීමේ අවදානමක් හටගෙන තිබෙනවා. ඒ අනුව අත්තනගලු ඔය, කැලණි ගඟ, කළු ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ ආශ්‍රිතව මෙම ගංවතුර අවදානම ඇතිව තිබෙන අතර එම ගංගාවල් ආශ්‍රිතව පහත් බිම් වල වෙසෙන ජනතාව අවදානයෙන් කටයුතු කරන ලෙසට බලධාරීන් සදහන් කර සිටිනවා.


May
25

බස්නාහිර පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කොවිඩ් මර්දන රාජකාරීවලින් ඉවත්වෙති

Generic placeholder image

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පවුල්වල සාමාජිකයින්ට කොවිඩ් එන්නත ලබාදීමට ගත් පියවර හේතුවෙන්. කොවිඩ් මර්දන රාජකාරී කටයුතුවල නිරතව සිටින ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයින්ට හට පවා එන්නත්කරණය සිදු නොවී තිබෙන පසුබිමක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පවුල්වල සාමාජිකයින්ට පමණක් මේ ආකාරයට එන්නත්කරණය සිදු කිරීම ගැටලු සහගත බව පවසමින්.


May
25

ගත වූ පැය 24 තුල කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

Generic placeholder image

ගත වූ පැය 24 මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2,971 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.


May
25

නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම්

Generic placeholder image

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. එන අනතුරු ඇගවීම සිදු කල ප්‍රදේශ පහතින්, නුවරඑළිය දිස්ත්‍රික්කය⭕අඹගමුව⭕නුවරඑළිය⭕කොත්මලේ රත්නපුර දිස්ත්‍රික්කය⭕ඇහැලියගොඩ⭕කුරුවිට⭕කිරිඇල්ල⭕අයගම⭕ රත්නපුර⭕ඇලපාත⭕පැල්මඬුල්ල⭕නිවිතිගල⭕කලවාන⭕ඉඹුල්පේ⭕බලංගොඩ


May
25

‘ යාස් ‘ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

Generic placeholder image

ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී’ යාස් ‘ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව ‘ යාස් ‘ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බවයි කාලගුණ අංශ සදහන් කරන්නේ. එම මුහුදු ප්‍රදේශ වල ධීවර හා […]


May
25

එක්ස්ප්‍රස් පර්ල් බහලුම් නෞකාවේ පිපිරීමක්

Generic placeholder image

එක්ස්ප්‍රස් පර්ල් බහලුම් නෞකාවේ පිපිරීමක් සිදුව තිබෙනවා. ඒ එම නෞකාවේ එක් බහාලුමකයි. කෙසේ වෙතත් එම නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන් 25 දෙනා ආරක්ෂිතව ඉවත් කර ගැනීමට නාවික හමුදාව සමත් ව තිබෙනවා. නයිට්‍රික් ඇසිඩ් බහාලුම් සහිත නෞකාවේ බහාලුම් තට්ටුවක් යටින් ගින්න මතුවන බවටයි අනාවරණය වී ඇත්තේ. නෞකාවේ ගින්න පාලනය කිරීම සඳහා මෙයෙහුම් ක්‍රියාත්මක වෙමින් පවතී.


May
25

තවත් කොරෝනා ආසාදිත මරණ 33ක්

Generic placeholder image

තවත් කොරෝනා ආසාදිත මරණ 33ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,243 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඉන් පුද්ගලයින් 11 දෙනෙකුම මියගොස් තිබුණේ නිවෙස්වලදීය


News Articles
Latest Videos
Most Popular Post