News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
19

කොච්චිකඩේ දේවස්ථානය අසල මාර්ග වල හෙට පස්වරුවේ සිට විශේෂ රථ වාහන සැලැස්මක්

Generic placeholder image

ලබන 21 වෙනිදා පාස්කු ප්‍රහාරය සිහි කරමින් කොළඹ – කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිදු කිරීමට නියමිතව තිබෙන විශේෂ දේව මෙහෙයන් හේතුවෙන් හෙට පස්වරු 4.00 සිට අනිද්දා දවහල් 12.00 දක්වා කාලය තුල දේවස්ථානය අසල මාර්ග කිහිපයක ගමනාගමනය සිමා කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඊට අදාල නිවේදනය පහතින්,


Apr
19

රෝහල් ගත කළ මුරලිගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට

Generic placeholder image

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි රෝහලකට ඇතුළත් කර තිබෙනවා. ඒ ඔහුගේ හෘදයේ රුධිර නාලිකාවක තිබූ අවහිරයකට ප්‍රතිකාර ගැනීම සදහායි. ඔහුට සුළු ශෛල්‍යකර්මයක් ද සිදු කර ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. කෙසේ වෙතත් ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් බවයි වාර්තා වන්නේ.


Apr
19

එළඹෙන 21 වනදා දේවස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක් යොදවයි

Generic placeholder image

පාස්කු ප්‍රහාරය සිදුවී වසර 2ක් ගතවන එළඹෙන 21 වනදා දිනට පැවැත්වීමට නියමිතව තිබෙන විශේෂ දේව මෙහෙයන් සහ වෙනත් ආගමික උත්සව සදහා උපරිම ආරක්ෂාව ලබා දෙන බව පොලිස් මූලස්ථානය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා. . අදාල එම නිවේදනය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරුන්, පොලිස් අධිකාරිවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත […]


Apr
19

දෙවැනි පාසල් වාරය අදින් ඇරඹෙයි

Generic placeholder image

දිවයින පුරා සියලු පාසල් දෙවැනි පාසල් වාරය සදහා අද ආරම්භ වෙනවා. පළමු පාසල් වාරයේ සදහන් වන සෞඛ්‍ය උපදෙස් එලෙසින්ම දෙවැනි පාසල් වාරය සදහා ක්‍රියාත්මක බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරන්නේ. කොළඹ ගම්පහ කළුතර යන දිස්ත්‍රික්කවල පාසල් වල ළමුන් තවදුරටත් කාණ්ඩ යටතේ පාසල් වෙත ගෙන්වා ගැනීම සිදු කරනු ලබනවා.


Apr
19

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට සවස් වරුවේ තද වැසි

Generic placeholder image

මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව […]


Apr
18

රුසියානු විපක්ෂ නායකයා සති තුනක් තිස්සේ ආහාර වර්ජනය නිරත වෙයි

Generic placeholder image

රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවල්නි සති තුනක් තිස්සේ ආහාර වර්ජනය නිරත වන බව වාර්තා වෙනවා . වෛද්‍යවරුන් සදහන් කරන්නේ ඔහු ඕනෑම මොහොතක මියයෑමේ අවදානමක් පවතින බවයි. මේ වන විට සිරගත කර සිටින විපක්ෂ නායක ඇලෙක්සි නවල්නි 44 වියේ පසුවෙනවා.


Apr
18

පුතාගේ පහරදීමෙන් පියා ජිවිතක්ෂයට

Generic placeholder image

ඉකුත් 11 වෙනිදා කිලිනොච්චි කනගපුරම් ප්‍රදේශයේ දී 20 හැවිරිදි පුත්‍රයෙකු විසින් පහර දී 53 හැවිරිදි සිය පියාව ඝාතනය කර තිබෙන බව වාර්තා වෙනවා. පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් මෙම පහර දීම සිදු කර ඇති බවයි පැවසෙන්නේ.


Apr
18

මෙරට කොවිඩ් මරණ 617ක් දක්වා ඉහළට

Generic placeholder image

මෙරට කොවිඩ් මරණ 617ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 2ක් වාර්තා වීමත් සමගයි.


Apr
18

දෙවැනි පාසල් වාරය හෙට ඇරඹෙයි

Generic placeholder image

හෙට දිනයේ රජයේ සහ පෞද්ගලික පාසල්වල සියලු ශ්‍රේණි දෙවන වාරය සඳහා විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසනවා.


Apr
18

ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් 234,000 පනියි

Generic placeholder image

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ගතවු පැය 24 තුළ ඉන්දියාවෙන් නව ආසාදිතයින් 234,692 ක් වාර්තා වී තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. වාර්තා වී ඇති මරණ ගණන 1,341 ක්. මේ හේතුවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකම මේ වනවිට සංචරණ කටයුතු සිමා කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


Apr
18

අණ නොතකා ධාවනය කළ කැබ් රථයක් හමුදා සාමාජිකයන් දෙදෙනකු අනතුරට ලක් කරමින් පළා යයි

Generic placeholder image

වවුනියාව, ඕමන්තේ මාර්ග බාධකයකදී අණ නොතකා ධාවනය කළ කැබ් රථයක ගැටී යුද හමුදා සාමාජිකයින් දෙදෙනකු තුවාල ලබා තිබෙන බව වාර්තා වෙනවා. බලපත්‍ර නොමැතිව දැව ප්‍රවාහනය කළ කැබ් රථයක් මෙලෙස ඕමන්ත මහා විද්‍යාලය අසල මාර්ග බාධකයේදී නැවැත්වීමට සංඥා කිරීමේදී රාජකාරියේ නිරතව සිටි හමුදා සාමාජිකයින් දෙදෙනකු අනතුරට ලක්කරමින් පළා ගොස් තිබෙනවා. කෙසේ වෙතත් අදාල කැබ් රථය මේ […]


Apr
18

දින 05ක් තුල රිය අනතුරු වලින් පුද්ගලයින් 52ක් මිය යයි

Generic placeholder image

ගත වු දින 05ක කාලය තුල මෙරට රිය අනතුරු 399ක් සිදුව ඇති අතර එම අනතුරු වලින් පුද්ගලයන් 52 ක් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය සදහන් කරනවා..


News Articles
Latest Videos
Most Popular Post