News Line| Off Air
Generic placeholder image

Apr
1

සහරාන්ගේ අන්තවාදී මත ප්‍රචාරය කළ 4ක් අත්අඩංගුවට

Generic placeholder image

පාස්කු බෝමබ ප්‍රහාරක සහරාන් හෂීම්ගේ අන්තවාදී මතවාද අන්තර්ජාලය ඔස්සේ විකාශය කිරීම හා අන්තවාදී දේශන සඳහා සහයවීමේ චෝදනා මත සැකකරුවන් 04ක් ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.


Apr
1

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට වැසි ස්වල්පයක්

Generic placeholder image

බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක්  හැරුණ කොට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු සහ උතුරුමැද පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් විටින්විට පැ.කි.මි. 40 පමණ දක්වාවන තරමක් තදසුළං ඇතිවිය හැක.


Mar
31

රන්ජන්ගේ පෙත්සමේ නොතීසි නිකුත් කරන්නේද නැද්ද යන තීන්දුව ප්‍රකාශයට පත්කිරීම කල් තැබේ

Generic placeholder image

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිර දඬුවම් විඳින රංජන් රාමනායක මහතා විසින් ඉදිරිපත් කළ එම පෙත්සමේ තීන්දුව අද (31) දින ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණි. රන්ජන් රාමනායක මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීම සඳහා නොතීසි නිකුත් කරන්නේද නැද්ද යන්න තීන්දුව ප්‍රකාශකිරීම ලබන මස 05 වනදා දක්වා කල්තබන […]


Mar
31

බ්‍රසීල ජනපති කැබිනට් මණ්ඩලයේ 6ක් ඉවත් කරයි

Generic placeholder image

බ්‍රසීල ජනාධිපති ජෙයා බෝල්සොනාරෝ විසින් සිය කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් 6 දෙනෙක් ඉවත්කර ඇති බව CNN වෙබ් අඩවිය වාර්තා කළේය. එය මීට වසර දෙකකට පෙර බලයට පැමිණි බ්‍රසීල ජනාධිපතිවරයා ඉන් අනතුරුව සිදුකළ විශාලතම කැබිනට් මණ්ඩල “වෙනස් කිරීම” මෙය ලෙස වාර්තා වෙයි.


Mar
31

පාකිස්තාන ජනාධිපතිට කොරෝනා වැළදෙයි

Generic placeholder image

පාකිස්තාන ජනාධිපති අරිෆ් අල්විටත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි ජනාධිපතිවරයාට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමෙන් පසුව එලෙස වෛරසය ආසාදනය වී තිබේ. පළමු මාත්‍රාව ලබා ගත්ත ද දෙවන මාත්‍රාව ලබා ගන්නා තුරු කොරෝනා වෛරසයට එරෙහිව තම දේහය තුළ ප්‍රතිදේහ වර්ධනය නොවීම අපේක්ෂා කළ හැකි කරුණක් බව පාකිස්තාන ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් […]


Mar
31

ජනමාධ්‍යවේදින් සඳහා වට්ටම් කාඩ්පතක්

Generic placeholder image

ජනමාධ්‍යවේදීන් සඳහා වටිටම් සහිත කාඩ්පතක් ප්‍රදානය කිරිමේ උත්සවය ඊයේ (29) දිනයේ දි ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකා පදනම් ආයතනයේ දි පැවැත්විය මේ සඳහා කොළඹ ව්‍යාපාරික සංගමය විසින් මේ සඳහා අනුග්‍රහය දක්වනු ලබයි.දේශිය ව්‍යාවසායකත්වය ශක්තිමති කිරිමේ අරමුණින් මේම වැඩසටහන ආරම්භ කළ අතර මේ අවස්ථාවට එක් වෙමින් ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ,සෞභාග්‍ය දැක්ම […]


Mar
31

අද සිට යතුරුපැදි පරීක්ෂා කිරිමේ දීපව්‍යාප්ත මෙහෙයුමක්

Generic placeholder image

අද සිට දින 4 ක යතුරුපැදි පරීක්ෂා කිරිමේ දීපව්‍යාප්ත මෙහෙයුමක් ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. යතුරුපැදිවලින් සිදුවන අනතුරු අවම කිරීම සදහා මෙම පියවර ගෙන තිබේ


Mar
31

තැපැල් සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයක

Generic placeholder image

තැපැල් සේවකයින් බඳවා ගැනීමේ නව ක්‍රමවේදය ඇතුළු දෙපාර්තමේන්තු තීරණය කිහිපයකට විරෝධය පල කරමින් තැපැල් සේවකයින් ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අද මධ්‍යම රාත්‍රිය දක්වා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දිපව්‍යාප්තව ක්‍රියාත්මක වන බව වාර්තා වෙයි.


Mar
31

ඊයේ වැඩිම කොවිඩ් රෝගීන් වාර්තා වූයේ රත්නපුර දිස්ත්‍රික්කයෙන්

Generic placeholder image

ඊයේ දිනයේ මෙරටින් කොවිඩි රෝගීන් 139ක් වාර්තා විය. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, ඒ අතරින් ආසාදිතයින් 14 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් අතරින් හඳුනා ගෙන ඇති බවත් ඉතිරි 125 දෙනා දේශීයව හඳුනා ගෙන ඇති බවත් ය. දේශීයව හඳුනා ගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිස රත්නපුර දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 39කි. ඊට […]


Mar
31

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්

Generic placeholder image

පිළියන්දල, ගල්කිස්ස, අඟුලාන යන ප්‍රදේශවල සිදු කළ වැටලීම් 4දී හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 9ක් සොයාගෙන තිබේ. එම මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් ඒ අතර කාන්තාවක්ද වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේය. එමෙන්ම කතරගම ප්‍රදේශයේදී ගංජා කිලෝ ග්‍රෑම් 6ක් සන්තකයේ තබා ගත් 32 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.


Mar
31

චීන එන්නත් තොගය අද දිවයිනට

Generic placeholder image

චීන රජය සතු සීනෝෆාර්ම් ආයතනය විසින් දියුණු කරන ලද ‍කොරෝනා සීනෝෆාර්ම් එන්නත් මාත්‍රා 600,000 ක් අද (31) උදෑසන ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා මෙරටට ලැබීමට නියමිතව තිබේ මෙම එන්නත් තොගය පසුගිය 28 වනදා සවස බීජිං කැපිටල් ගුවන්තොටුපළ වෙත ලබා දී තිබු බව වාර්තා වෙයි. අදාල එන්නත පළමුවෙන්ම මෙරට සිටිනා චීන ජාතිකයන් වෙත ලබා දීමට නියම්ත බව […]


Mar
31

දිවයිනේ වැසි රහිත කාලගුණ තත්ත්වයක්

Generic placeholder image

බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැක. ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. දිවයිනේ සෙසුප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. උතුරු සහ උතුරුමැද පළාත්වල විටින් විට පැ.කි.මි. 40 පමණ දක්වා වන තරමක් තදසුළං ඇතිවිය හැක. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක


News Articles
Latest Videos
Most Popular Post