කොළඹ සේදවත්ත නවලෝක විහාරයේ විහාරාධිපති කිවිපති ශාස්ත්‍රපති පුජ්‍ය පන්නල ඤාණාලෝක ස්වාමින් වහන්සේ අපවත් වි තිබෙනවා.
කොරෝනා අසාදනය වී මිය ගිය පුද්ගලයින් 24 දෙනෙකුගේ මළ සිරුරු මේ දක්වා භූමදානය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. මඩකලපුව, ඔට්ටමාවඩි ප්‍රදේශයේදී අද දිනයේ ත් රඳවා ගෙන තිබූ මළ සිරුර 7ක් පමණ භූමදානය කිරීමට නියමිත අතර ඊයේ (7) දිනයේ භූමදානය කර ඇති මළ සිරුරු සංඛ්‍යාව 4ක් බව යුද හමුදාපති ශවේන්ද්‍ර […]
විභාග දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කළ විශේෂ නිවේදනය පහතින්,
මේ වන විට මෙරට කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන මඟින් මේ දක්වා එන්නත් 729562ක් ලබා දී තිබෙන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරනවා. මේ අතර ශ්‍රී ලංකාව තුල මේ වන විට භාවිත කරනු ලබන කොවිඩ් සඳහා ලබාදෙන එන්නත ලබා ගැනීමෙන් පසුව වඳභාවයට පත්විය හැකි බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නිලීකා මලවිගේ […]
ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබෙනවා. සෑම කාන්තාවක්ම දියණියක් බිරිදක් මවක් යෙහෙළියක් වශයෙන් ලෝකයට ලබාදෙන ශක්තිය අති මහත්. කාන්තාවන්ට තිබෙන ඉව මේ ලෝකයේ කිසිම සත්වයෙකුට නොමැති අතර යම් අනතුරක් සිදු වීමට එනම් ඉදිරියේදී සිදුවිය හැකි දේ පිළිබද දැනීමක් බොහෝ විට කාන්තාවන්ට තිබෙනවා. බොහෝ කාන්තාවන්ට අනතුරක් සිදු වේය යන්න පිලිබදව පෙර දැනීමක් තිබුණද ඒ අනතුර කුමක් […]
බුත්තල ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් ඊයේ පස්වරුවේ පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා. සිදු කල පහරදීමකදී මෙලෙස මෙම පුද්ගලයා ඝාතනයට ලක්ව ඇති බවයි පැවසෙන්නේ. මේ වන විට ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හදුනාගෙන තිබෙන අතර ඔවුන් එම ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.
බස්නාහිර හැර දිවයිනේ සෙසු සියලු පළාත්වල පාසල් අධ්‍යයන කටයුතු ලබන 15 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කරනවා.
බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩ් ආසාදනය වූ බවට හඳුනාගත් රෝගීයෙකු ඊයේ රාත්‍රීයේ ජීවිතක්ෂකයට පත්ව තිබෙනවා. මෙසේ මරණයට පත්ව ඇත්තේ පස්සර, යූරි වත්තේ පදිංචිව සිටි 62 හැවිරිදි පුද්ගලයෙක් බවයි සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ.
බුත්තල පැල්වත්ත ප්‍රදේශයේ ඊයේ සිදු වූ මාරක රිය අනතුරකින් 23 හැවිරිදි තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අධික වේගයෙන් ධාවනය කෙරුණු මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල ගසක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් තිදෙනෙකු මෝටර් රථයේ ගමන් කර ඇති අතර දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
ගිනියාවේ ප්‍රධාන නගරය වන බාටා හි සිදුවූ පිපිරිම් මාලාවකින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. බාටා නගරයේ හමුදා බැරක්කයක් අසල මෙම පිපිරීම් සිදුව තිබෙන අතර ඊට හේතු වශයෙන් සදහන් වන්නේ බැරැක්ක තුළ ඩයිනමයිට් ගබඩාකර තිබීම පැවසෙනවා.
ජාත්‍යන්තර කාන්තා දින ආශිර්වාද පූජාව අගමැති ප්‍රධානත්වයෙන් ඊයේ දින කැලණිය රජ මහා විහාරයේදි පවත්වනු ලැබූවා.
කොරෝනා ආසාදිත විසි එක් හැවිරිදි තරුණයෙකු මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඊයේ රාත්‍රී 9 ට පමණ එම රෝහලෙන් පළා ගොස් තිබෙනවා. මෙලෙස පළා ගොස් ඇත්තේ කන්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අදාළ පුද්ගලයා සොයා මෙහෙයුම් මේ වන විට ආරම්භ කර තිබෙනවා.