News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
29

තණබිම් නොමැතිව ආහාර හිගයෙන් ගවයින් 500 ක් මියයයි

Generic placeholder image

අනුරාධපුර – පදවිය ප්‍රදේශයේ තණබිම් නොමැතිව ආහාර හිගයෙන් ගවයින් 500 කට අධික ගණනක් මිය ඇති බව එම ප්‍රදේශයේ පශු වෛද්‍ය නිලධාරී බන්දුසිරි මහතා සදහන් කරනවා. දැඩි වර්ෂා තත්වය හේතුවෙන් එම ප්‍රදේශය ජලයෙන් පිරි යාම නිසා ඊට හේතු වී ඇත්තේද රක්ෂිත ප්‍රදේශයන් තුල අනවසර වගා කටයුතු කිරීමයි. මේ හේතුවෙන් තෘණ බිම් ගවයින්ට අහිමි වී තිබෙන බවයි […]


Jan
29

රංගන ශිල්පී බිමල් ජයකොඩිටත් කොරෝනා

Generic placeholder image

රංගන ශිල්පී බිමල් ජයකොඩි මහතාට කොවිඩ් – 19 වෛරසය වැළඳී ඇතැයි වාර්තා වෙනවා.ඒ මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා. ඊයේ උදැසන කරන ලද pcr පරීක්ෂණ වාර්තාව අනුව මේ බව හදුනා ගෙන තිබෙනවා.


Jan
29

නිදහස් දින පෙරහුරුව නිසා කොළඹ වැසෙන මාර්ග මෙන්න

Generic placeholder image

73 වන ජාතික නිදහස් දින සැමරුම හේතුවෙන් පැවැත්වෙන සැමරුම් උත්සවයේ පෙරහුරුව සදහා කොළඹ නිදහස් චතුරශ්‍රයේ හා ඒ අවට පරිශ්‍රයේ විශේෂ රථ වාහන සැලැස්මක් දියත් කර තිබෙනවා. එම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කරන වේලවන් හා මාර්ගයන් පහත පරිදි වේ,


Jan
29

නැවතත් වැඩි වූ කොළඹ කොරෝනා ආසාදිතයින්

Generic placeholder image

ඊයේ දිනය තුල මෙරටින් හදුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 892ක් ලෙස වාර්තා වූ අතර එයින් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වූ දිස්ත්‍රික්කය ලෙස කොළඹ දිස්ත්‍රික්කය වාර්තා අතරට නැවත ඇතුල් වී තිබෙනවා. එම ආසාදිතයින් ගණන 298ක්. ඒ අතරින් කොම්පඤ්ඤවීදියෙන් හා මට්ටක්කුලියෙන් වැඩිම ආසාදිතයින් හමුව තිබෙනවා. මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයන් 203 ක් වාර්තා වී තිබෙනවා.


Jan
29

අනියම් පෙම්වතා සමගින් ත්‍රිරෝද රියෙන් ගිය බිරිදට සැමියා කළ දේ

Generic placeholder image

ගිනිගත්හේන පොලිස් වසමට අයත් අඹගමුව සෙල්ලපිගම ප්‍රදේශයේ දෙදරු මවක අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑම හේතුවෙන් ඇයගේ සැමියා විසින් ගෙල කපා ඇයව ඝාතනය කර තිබෙනවා. කලක් තිස්සේ පවත්වාගෙන ගිය අනියම් සබදතාවයක් හේතුවෙන් සැමියා සහ බිරිද අතර ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදු කර තිබෙන අතර තම අවවාද නොතකා බිරිදගේ මෙම හැසිරීම පිලිබදව කෝපයට පත් […]


Jan
29

පුද්ගලයින් දෙදෙනෙකු යට කරමින් දියවන්නා ඔයට වැටුණු සුපිරි මෝටර් රථය ( PHOTO )

Generic placeholder image

අපරික්ෂාරීකාරීව ධාවනය කල BMW X1 වර්ගයේ මෝටර් රථයක් දියවන්නා ඔයට පෙරලී අනතුරට ලක්ව තිබෙනවා. ඒ ඊයේ දිනයේ රාත්‍රියේ. අදාල මෝටර් රථය මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක්ද යට කරමින් මෙලෙස දියවන්නා ඔයට වැටි තිබෙනවා.


Jan
29

මෙරට කොවිඩ් පළමු එන්නත්කරණය IDH රෝහලේදී නිල වශයෙන් ඇරඹෙයි

Generic placeholder image

ඉන්දියාව විසින් ලබාදෙනු ලැබූ කොවිඩ් එන්නත මෙරට ලබාදීම අද පෙරවරුවේ IDH රෝහලේදී නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා. එහිදී පළමු එන්නත විශේඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාට ලබා දුන් අතර ඊට පෙර නාරාහේන්පිට යුධ හමුදා රෝහලේදී තෝරාගත් හමුදා සාමාජිකයින් තිදෙනෙකු හට මෙම එන්නත ලබා දීමට කටයුතු කරනු ලැබුවා.


Jan
29

පානදුරේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පැමිණි යතුරු පැදිය බොල්ගොඩ ගගෙන් අද ගොඩගනී

Generic placeholder image

පානදුර, පල්ලෙමුල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක රියදුරෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් පැමිණි යතුරු පැදිය සැකකරුවන් විසින් බොල්ගොඩ ගගෙ අතු ගංගාවකට දමා තිබෙන අතර අදාල යතුරු පැදිය කිමිදුන්කරුවන් යොදා ගොඩ ගැනීමට අද දිනයේ නියමිත බවයි පොලිසිය සදහන් කරන්නේ. සැකකරුන් විසින් ඔරුවක් ආධාරයෙන් මෙම යතුරු පැදිය බොල්ගොඩ ගගට දමා ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


Jan
29

බත්තරමුල්ලේ සිව් මහල් ගොඩනැගිල්ලක ගින්නක්

Generic placeholder image

බත්තරමුල්ල නගරයේ පිහිටි සිව්මහල් ගොඩනැගිල්ලක ඊයේ රාත්‍රියේ ගින්නක් හටගෙන තිබෙනවා. එහිදී එම ගින්න මැඩ පැවැත්වීම සදහා ගිනි නිවීමේ රථ තුනක් යොදවා ගැනීමට පියවර ගෙන තිබුණා. මේ වන විට ගින්න සම්පුර්ණයෙන්ම පාලනය කර ඇති අතර ගින්නෙන් සිදු වූ දේපල හානිය මේ වන තෙක් තක්සේරු කර නොමැත.


Jan
29

දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් ඊයේ දිනයේ

Generic placeholder image

ඊයේ දිනය තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා රොගීන් වාර්තා වූ අතර ඒ අනුව වාර්තා වූ එම ආසාදිතයින් ගණන 892ක් ලෙස සදහන් විය. දේශීය හදුනාගත් ආසාදිතයින් ගණන 852 ක් වූ අතර විදේශීය මෙරටට පැමිණි පිරිසෙන් හදුනාගත් ආසාදිතයින් ගණන 40 ක්. එමෙන්ම ඊයේ දිනය තුල මෙරටින් නව කොරෝනා මරණ 07 ක් වාර්තා වූ අතර ඒ අනුව […]


Jan
29

අද බස්නාහිර පළාතෙන් එන්නත්කරණය ඇරඹෙයි

Generic placeholder image

ඉන්දියාවෙන් මෙරටට රැගෙන ආ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත්කරණය අද (29) බස්නාහිර පළාතේ රෝහල් 6 කදී ආරම්භ කිරිමට නියම්තව තිබෙනවා. මේ අතර හෙට (30) දිනයේ සිට සෙසු පළාත්වල සිදු කිරිමට නියම්ත බවත් ඊයේ (28) දිනයේ මෙරටට ලැබුණ එම එන්නත්, මධ්‍යම එන්නත් ගබඩාව මඟින් බෙදාහැරීම් කටයුතු ඊයේ රාත්‍රියේදීම ආරම්භ කරනු ලැබු බවත් සෞඛ්‍ය අංශ සදහන් කලා.


Jan
28

තවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වෙයි

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය වැළඳී මියගිය තවත් 7 දෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. එම මරණ වාර්තා වන්නේ කොළඹ 6, නිට්ටඹුව, රත්නපුර, කොළඹ 13, එඬේරමුල්ල යන ප්‍රදේශවලින් සහ කොළඹ බන්ධනාගාරයෙන්. එලෙස මියගොස් ඇත්තේ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 7 දෙනෙකු වන අතර ඔවුන් අවුරුදු 61ත් 86ත් අතර වයස් සීමාවන්වල පසු වූවන්. ඒ අනුව ශ්‍රී […]


News Articles
Latest Videos
Most Popular Post