කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 486 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඔවුන්ගෙන් 10 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ බන්ධනාගාරා ආශ්‍රයෙන් වන අතර සෙසු 476 දෙනා පෑලියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනා ගැනුණා. ඒ සමග මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරුවල සමස්ත […]
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් 351 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව මේ දක්වා මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 63,644 ලෙසයි.
හුදෙකලා බවට පත්කර තිබූ කොළඹට අයත් ප්‍රදේශ කිහිපයක් හෙට උදෑසන 5 සිට එම තත්ත්වයෙන් මුදා හරින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා. එම මධ්‍යස්ථානය පැවසුවේ නාරාහේන්පිට පොලිස් වසමේ 100 වත්ත, වරාය පොලිස් වසමේ පහළ ශාන්ත ඇන්ඩෘෘස් පෙදෙස, ඉහළ ශාන්ත ඇන්ඩෘෘස් පෙදෙස හා ඇන්ඩෘෘස් පාර යන ප්‍රදේශ එලෙස හුදෙකලා බවින් මුදා හරින […]
තලංගම ප්‍රදේශයේ නිවසකින් අභිරහස් ලෙස මිය ගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් හමු වී තිබෙනවා. පොලිසිය පැවසුවේ ඇය අදාළ නිවසේ කුලී පදනම මත හෝ කෙටි කාලීනව වාසයකර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. ඇය පසුගිය 27 වැනිදා පමණ මිය ගොස් ඇති බවට සැක කෙරෙන අතර ඇයගේ සිරුර හමු වී ඇත්තේ එම නිවසේ කාමරයක් තුළ තිබියදීයි. මියගොස් සිටි […]
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විකිණීමක් හෝ බදු දීමක් නොකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ඉන්දියාවේ සහ ජපානයේ සමාගම් දෙකකට ලබා දීමට යන බවට වෘත්තීය සමිති එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යෙව්දියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ පැනයට පිළිතුරු දුන්නේ සිය නිවසේ සිටයි. […]
බටහිර ඔස්ට්‍රේලියාවේ පර්ත් ඇතුළු ප්‍රදේශ කිහිපයක් වසා දැමීමට බලධාරීන් තීරණයකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ, පර්ත්හි පිහිටි හෝටලයක ආරක්ෂක නිලධාරියෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමත් සමගයි. ඒ අනුව ප්‍රදේශ 15ක් අද පස්වරු 6 සිට එළැඹෙන සිකුරාදා දක්වා දින 5ක කාලයක් සම්පූර්ණයෙන්ම වසා දැමීමටයි බටහිර ඔස්ට්‍රේලියානු කලාප ප්‍රධානී මාක් මැග්ගෝවන් තීරණයකර ඇත්තේ.
කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සිටි තවත් 882 දෙනෙකු සුවය ලබා අද දහවල් රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 57,000 ඉක්මවා ගියා. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සමස්ත ගණන දැක්වෙන්නේ 57,159ක් ලෙසයි. එමෙන්ම කොවිඩ් රෝගීන් 5,821 දෙනෙකු තවදුරටත් රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබනවා. මෙරට වෛරසය ආසාදිත සමස්ත ගණන දැක්වෙන්නේ […]
අපරාධ කල්ලි සාමාජිකයෙකු වන පොඩි ලැසී නැමැත්තාගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්ගොඩ, මීටියාගොඩ ප්‍රදේශයේදීයි. එමෙන්ම ඔහු සතුව තිබී ටී 56 ගිනි අවියක්ද පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් භාරයට ගැනුණා.
මුන්දලම, පුලිච්චාකුලම ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් තුළ තිබී මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමු වී ඇතැයි පොලිසිය පවසනවා. ඊයේ දහවල් කාලය වන තෙක් අදාළ ව්‍යාපාරික ස්ථානය විවෘත නොකිරීම පිළිබඳ සැක සිතූ අසල්වැසියන් ඒ පිළිබඳ සොයා බැලීමේදී එම මෘත ශරීරය හමු වී තිබුණා. අනතුරුව ඔවුන් ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත්කර ඇති අතර එහි පැමිණි නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇත්තේ පිහියක් සහ වස […]
කොළඹ – මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයේ ඒකල ප්‍රදේශයේදී අද උදෑසන සිදු වූ රිය අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජා – ඇල දෙස සිට මිනුවන්ගොඩ දෙසට ධාවනය කළ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් තාප්පයක ගැටී එම අනතුර සිදුව තිබුණා. එම අවස්ථාවේ අදාළ මෝටර් රථයේ තිදෙනෙකු ගමන්කර ඇති අතර අනතුරින් බරපතල තුවාල ලැබූ රියදුරා ඇතුළු තිදෙනා රාගම රෝහලට ඇතුළත් […]
තනි හා කෙටිකාලීන භාවිතයට ගන්නා සැෂේ පැකට් සඳහා යොදා ගනු ලබන PET සහ PVC පොලිතින් ඇසුරුම් මාර්තු මස 31 වැනිදා සිට තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ජාතික පාරිසරික පනතින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැවරී ඇති බලතල අනුව එම නියාමනයන් සිදුකර ඇති බව සඳහන්. ඒ අනුව යම් ක්‍රියාවලියක්, වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා […]
කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් ඩෙන්මාර්කය තව දුරටත් වසා දැමෙන බව එරට අග්‍රාමාත්‍ය මෙට් ෆෙඩ්රික්සන් ඊයේ එරට මාධ්‍ය වෙතට මේ පිලිබදව සදහන් කර සිටිනවා. ඒ අනුව පෙබරවාරි මස 28 වනදා දක්වා ඩෙන්මාර්කය තවදුරටත් වසා තැබෙන අතර වෛරස ව්‍යාප්තිය පැතිරීම මැඩපැවැත්විය නොහැකි වුවත් එය පාලනය කිරීම සදහා මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවයි එරට අග්‍රාමාත්‍ය මෙට් ෆෙඩ්රික්සන් […]