පානදුර, පල්ලිමුල්ල ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට වෙඩි තබා තිබුණා. ඉන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කෙරුණු අතර එම අවස්ථාවේදී අදාළ පුද්ගලයා මිය ගොස් තිබෙනවා. එලෙස මියගියේ 32 හැවිරිදි පුද්ගලයෙක්. පොලිසිය පැවසුවේ, වෙඩි තැබීම සිදු වූ ස්ථානයට […]
ශ්‍රී ලාංකික බෞද්ධ ජනයාගේ මුදුන්මල්කඩ ලෙස හැඳින්වෙන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට අදට වසර 23ක් සපිරෙනවා. 1990 වසරේ අවසන් භාගය වනවිට මෙරට සිවිල් යුද්ධය උපරිම මට්ටමක් දක්වා වර්ධනය වී තිබූ අතර 1995 දක්වා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයින්ගේ ග්‍රහණයේ තිබූ උතුරු පර්යන්තය වූ යාපනය අර්ධද්වීපය නැවතත් සියතට නතුකර ගැනීමට ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාව සමත් වනවා. […]
ඊයේ දිනයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවන ටෙස්ට් තරගය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයට පැමිණි අමුත්තෙකු පිලිබදව ICC යෙන් අමුතු ආකාරයේ ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම පිටියේ පන්දු රකිමින් සිටි අවස්ථාවේ දී තලගොයකු පිටියට පැමිණීම හේතුවෙන්. මේ පිලිබදව ට්විටර් සටහනක් තබමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කර සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායම අතිරේක ක්‍රීඩකයෙකු […]
වයස අවුරුදු 03 ක් පමණ දැරියක් සෙල්ලම් කිරීමට කියා සිය නිවෙසට රැගෙන ඇවිත් එම දැරියට ලිංගික අතවර සිදු කල බව කියන 14 වයසැති ඥාති සහෝදරයෙකු මිනුවන්ගොඩ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. අදාල බාලවයස්කාර පුද්ගලයා එම දැරියගේ මවුපියන් රැකියාවට ගොස් සිටියදී මිත්තණිය භාරයේ සිටියදී මෙලෙස එම දැරියව රැගෙන ගොස් තිබෙන්නේ.
ඉකුත් දා හෝමාගම ප්‍රදේශයේ පැවැත් වූ මංගල උත්සව දෙකක මනාළ යුවළ දෙකකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා. ඒ ඔවුන් හට සිදු කර තිබෙන pcr පරීක්ෂණ තුලින්. එක් මංගල උත්සවයක සාද අවස්ථා තුනක් පවත්වා තිබෙන අතර ඒ ඔවුනොවුන් ගේ නිවෙස් වල හා හෝටලයකයි. මේ අනුව මෙම උත්සව අවස්ථාවන්ට සහභගි වූ පිරිස් මේ වන […]
අභාවප්‍රාප්ත කලාකීර්ති, ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව බොරැල්ල පොදු සුසාන භූමියේදී අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. ඒ මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා ඊයේ උදෑසන සිට බොරැල්ල ජයරත්න අවමංගල්‍යය ශාලාවේ තැන්පත්කර තැබුණා. අද පස්වරු 3.30ට අවමංගල්‍යය සභාව බොරැල්ල සුසාන භූමියේ ඉදිකර ඇති විශේෂ චිතකය අසලදී ආරම්භ වන අතර ආදාහන කටයුතු […]
කොවිඩ් 19 වෙෙරසය ආසාදනය වූ කාන්තාවන් තිදෙනෙකු මිය ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රියේ නිවේදනය කළා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ 77, 84 සහ 65 යන වයස් සීමාවන්වල පසු වූ කාන්තාවන් තිදෙනෙක් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ඔවුන් කොළඹ 14, මරදාන සහ පූජාපිටිය යන ප්‍රදේශවල පදිංචිව සිටියා. ඳම කාන්තාවන්ගේ මරණ පිළිබද තොරතුරු පහතින් […]
මාතර, ගන්ධර ප්‍රදේශයේ නිවසක තිබී ගෙල වැල ලා ගෙන මිය ගිය බවට සැක කෙරෙන කුඩා දරුවෙකුගේ සහ කාන්තාවකගේ මළ සිරුරු දෙකක් ඊයේ හමු වුණා. පොලිසිය පැවසුවේ අදාළ කාන්තාව ලියූ බවට සැක කෙරෙන ලිපියක් එම නිවසේ තිබී හමු වූ බවයි. ඇගේ සැමියා ධීවර රැකියාවේ නිරත අයෙක් වන අතර ඔහු මුහුදු ගිය අවස්ථාවේ අදාළ කාන්තාව එම ලිපිය […]
ඊයේ දිනය තුල හදුනාගත් කොරෝනා ආසාදිතයින් 843 දෙනා අතරින් ආසාදිතයින් 480ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර මෙය අවදානම් තත්වයක් වන බව දක්නට ලැබෙන බවයි පැවසෙන්නේ. මේ අනුව කොළඹ දිස්ත්‍රික්කය යලිත් වරක් අවදානම් තත්ත්වය කට පත්ව ඇති අතර කොළඹ 1-15 සියලු ප්‍රදේශවලින්ම ආසාදිතයින් වාර්තා වීමද මෙම අවදානම තවත් ඉහලට යෑමට හේතුවක් වී ඇති බවයි සදහන් වන්නේ
අද උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි කල්මුණේ ප්‍රදේශයේ කොටස් කිහිපයක් හුදෙකලා බවින් ඉවත්කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොටට අයත් ගම්මානයක් සහ පූජාපිටිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අලුතින් හුදෙකලා කරන බව එම මධ්‍යස්ථානය නිවේදනය කළා. එම තොරතුරු පහතින් :
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට කොවිඩ් -19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත. බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.