News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
22

කොරෝනා වැළඳුණු තවත් රෝගීන් 438ක් හඳුනා ගැනේ

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 438 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඔහු පැවසුවේ, ඔවුන් සියලු දෙනා මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව අද දිනයේ මේ දක්වා කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ පුද්ගලයින් ගණන 784ක්.


Jan
22

තවත් කොරෝනා මරණ දෙකක් – මෙරට සමස්ත මරණ ගණන 278 තෙක් ඉහළට

Generic placeholder image

කොරෝනා වෛරසය වැළඳී මියගිය තවත් පුද්ගලයින් දෙදෙනෙක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. කොළඹ 8 සහ හෝමාගම යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් එලෙස මරණයට පත්ව තිබෙනවා. ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු පහතින් :


Jan
22

ඉන්දියාවේ කොරෝනා එන්නතත් හදිසි භාවිතයට අනුමැතිය

Generic placeholder image

ඉන්දියාවේ නිෂ්පාදනය කළ “කොවිෂීල්ඩ්” එන්නත හදිසි භාවිතයට ශ්‍රී ලංකා රජය අනුමැතිය දී තිබෙනවා. කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඒ බව නිවේදනය කළා. එම කාර්යාලය පැවසුවේ අදාළ එන්නත ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා දෙරටේ බලධාරීන් කටයුතු කරමින් සිටින බවයි.


Jan
22

ආගමික ස්ථානයක් තුළට පැමිණ සිරුරට ගිනි තබා ගත් එක් දරු පියා මරුට

Generic placeholder image

පුත්තලම ප්‍රදේශයේ ආගමික ස්ථානයක් තුළට පැමිණ සිරුරට ගිනි තබා ගත් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ, නිවසේ නිරන්තරයෙන් ඇති වන ගැටුම් නිසා කලකිරීමට පත් වූ අදාළ පුද්ගලයා මෙලෙස ආගමික ස්ථානයක් තුළට පැමිණ පෙට්‍රල් සහ භූමිතෙල් වත්කර, ගිනි තබාගෙන ඇති බවයි. එමෙන්ම එම පුද්ගලයා අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙක් බවට තොරතුරු අනාවරණ වී ඇතැයි ද පොලිසිය […]


Jan
22

නව ආසාදිතයින් 346ක් හඳුනා ගනියි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 346 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. මේ අතර වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 633 දෙනෙකු සුවය ලබා අද දහවල් රෝහල්වලින් පිටව යාමත් සමග ශ්‍රී ලංකාවේ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 48,617ක් දක්වා ඉහළ ගියා.


Jan
22

පළා ගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් කොටුකර ගැනීමට පොලිසිය මහජන සහය පතයි

Generic placeholder image

ගාල්ල – දොඩන්දුව මුහුදු තීරයේ නාවික හමුදාව ඉකුත් දෙසැම්බර් 31 වැනිදා කළ වැටලීමකදී පළා ගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය ඉල්ලා සිටිනවා. එම වැටලීමේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 යි ග්‍රෑම් 947ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 2ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 3ක් නාවික හමුදා භාරයට ගැනුණා. එමෙන්ම සැකකරුවන් සිව් දෙනෙකු ද බහුදින යාත්‍රාවක් සමග අත්අඩංගුවට ගත් […]


Jan
22

කොරෝනා එන්නත්කරණයට හෙට පෙරහුරුවක්

Generic placeholder image

කොරෝනා එන්නත් ලබා දීම සම්බන්ධයෙන් පෙරහුරු වැඩසටහන් කිහිපයක් හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, පිළියන්දල ප්‍රාදේශීය රෝහල ඇතුළු ස්ථාන 3කදී එම පෙරහුරු වැඩසටහන් පැවැත්වෙන බවයි.


Jan
22

ඉන්දියාවේ කොරෝනා එන්නත ගැන නීතිපති යළිත් කරුණු විමසයි

Generic placeholder image

ඉන්දියාවේ නිෂ්පාදිත කොවිඩ් 19 මර්දන එන්නත සම්බන්ධයෙන් නීතිපති දප්පුල ද ලිවේරා මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගෙන් යළිත් කරුණු විමසා තිබෙනවා. අදාළ එන්නතට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම සඳහා ඊට අදාළ කරුණු නීතිපතිවරයා වෙත ඊයේ යොමු කෙරුණා. කෙසේ වෙතත් එම කරුණු ප්‍රමාණවත් නොමැති වීම හේතුවෙන් මෙලෙස යළි කරුණු විමසා ඇති බවයි වාර්තා වන්නේ.


Jan
22

ඇන්ජලෝ මැතිව්ස් 11වැනි ටෙස්ට් ශතකය රැස් කරයි

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සිය 11 වැනි ටෙස්ට් ශතකය රැස් කිරීමට මීට සුළු මොහොතකට පෙර සමත් වුණා. ඒ, එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරඟයේ පළමු දිනයේදීයි. මැතිව්ස්ගේ 88 වැනි ටෙස්ට් තරඟය මෙය වන අතර ඔහු මේ දක්වා ලබා ඇති ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 6,179.


Jan
22

කොළඹ කොටස් වෙළඳපොළ යළිත් වාර්තා අළුත් කරයි

Generic placeholder image

ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තවත් වාර්තාවක් තබමින් සියලු කොටස් මිල දර්ශකය තනි දිනක් තුළ සටහන් කළ ඉහළම අගය අද වාර්තා කළා. ඒ, පෙර දිනයට සාපේක්ෂව සියලු කොටස් මිල දර්ශකය ඒකක 332.18ක වර්ධනයක් වාර්තා කිරීමත් සමඟයි. ඒ අනුව අද දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය වන […]


Jan
22

කොරෝනා ආසාදිතව සිටි තවත් 633 දෙනෙකු සුවය ලබයි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් 633 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, ඒ අනුව සුවය ලැබූ සමස්ත ගණන 48,000 ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව 48,617ක් බවයි. එමෙන්ම තවත් රෝගීන් 7,183 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.


Jan
22

“ඇවිදින පුස්තකාලය” මඟ නවතියි

Generic placeholder image

“ඇවිදින පුස්තකාලය” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුණු කලාශූරී, ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 99 වැනි වියෙහි පසු වුණා. එඩ්වින් ආරියදාස මහතා මෙරට ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සිනමා විචාරකයකු, මාධ්‍යවේදියකු, පරිසරවේදියකු, ගුරුවරයකු මෙන්ම වියතෙකු ලෙස ද සැළකෙනවා. ආරියදාස මහතා 99 වැනි වියට පා තැබුවේ, ඉකුත් දෙසැම්බර් 3 වැනිදායි. සිංහල සහ ඉංග්‍රීසි යන […]


News Articles
Latest Videos
Most Popular Post