News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
13

ජනතාව බහුලව ගැවසෙන ස්ථානවල කොරෝනා ක්ෂණික පරීක්ෂණ

Generic placeholder image

වෙළඳපොළ, මසුන් අලෙවි කරන ස්ථාන ඇතුළු ජනතාව බහුලව ගැවසෙන ස්ථානවල කොරෝනා ක්ෂණික පරීක්ෂණ සිදු කිරීමට තීරණයකර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. එමෙන්ම බස්නාහිර පළාතෙන් වෙනත් පළාත් වෙත ජනතාව පිටව යන විට මින් පෙර සිදු කළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ යළිත් පැවැත්වීමට ද තීරණයකර ඇති බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ. ඒ අනුව අදාළ […]


Jan
13

මෙරට කොවිඩ් මරණ ගණන 244 දක්වා ඉහළට

Generic placeholder image

කොවිඩ් 19 වෙෙරසය ආසාදනය වී මිය ගිය තවත් සිව් දෙනෙකු පිළිබඳ තොරතුරු ඊයේ රාත්‍රී වාර්තා වුණා. කොළඹ 13, හංවැල්ල, මාතලේ සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් එලෙස මියගියා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් 19 මරණ ගණන දැක්වෙන්නේ 244ක් ලෙසයි. අදාළ මරණ පිළිබඳ තොරතුරු ඇතුළත් නිවේදනය පහතින් :


Jan
13

පාර්ලිමේන්තුවේ PCR පරීක්ෂණය අද

Generic placeholder image

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගැනීම නිසා අද දිනයේ පාර්ලිමේන්තුව තුළ PCR පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා. ඒ අනුව අද පෙරවරු 10 සිට පස්වරු 03 දක්වා මෙම PCR පරීක්ෂණ සිදු කෙරෙන අතර අනිද්දා දිනයේ ද PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිතව තිබෙන හෙයින් එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද PCR පරීක්ෂණ […]


Jan
13

විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් 284 ක් අදත් දිවයිනට

Generic placeholder image

කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඒමට නොහැකිව විදෙස් රටවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 284 දෙනකු දිවයිනට පැමිණ තිබෙනවා. අද උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුල රජයේ විශේෂ අවසරය මත ගුවන් යානා 08 කින් මෙරට පැමිණ තිබෙන අතර ඒ පැමිණි පිරිස ඩුබායි සහ කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පිරිස අතර වේ. ඔවුන් […]


Jan
13

කැලෑවකින් හෙරොයින් තොගයක් සොයා ගනියි

Generic placeholder image

බලපිටිය, කොස්ගොඩ ප්‍රදේශයේ ළඳු කැලෑවකින් හෙරොයින් තොගයක් සොයාගත් බව පොලිසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, පොලිස් විශේෂ කාර්යය බලකාය සිදු කළ විශේෂ මෙහෙයුමකදී අදාළ හෙරොයින් තොගය සොයා ගත් බවයි. හෙරොයින් කිලෝ ග්‍රෑම් 20ක ප්‍රමාණයක් එලෙස සොයා ගැනුණා. බෙදා හැරීමේ අරමුණින් එම හෙරොයින් තොගය සඟවා තබන්නට ඇති බවට සැක කරන […]


Jan
13

දිවයිනේ ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තද වැසි

Generic placeholder image

උතුරු සහ උතුරු-මැද, දකුණ, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. තවද දකුණ, සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 50 […]


Jan
12

කොවිඩ් 19 ආසාදනය වූ තවත් 310 දෙනෙකු හඳුනා ගැනේ – මෙරට ආසාදිතයින් ගණන 49,000 පසු කරයි

Generic placeholder image

තවත් කොරෝනා ආසාදිතයින් 310 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඔවුන්ගෙන් 8 දෙනෙකු බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් හඳුනා ගත් ආසාදිතයින් වන අතර සෙසු 302 හඳුනාගෙන ඇත්තේ, පෑලියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙසයි. එම පිරිස සමග මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් මේ දක්වා වාර්තා […]


Jan
12

“පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි” – මැතිවරණ කොමිසම

Generic placeholder image

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව තම කොමිසමේ ස්ථාවරය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසනවා. මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති ප්‍රධානීන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර අද පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ, පළාත් සභා මැතිවරණය පැවැත්වීම අත්‍යාවශ්‍ය කාරණයක් බවයි. පළාත් සභා දැනටමත් ක්‍රියාත්මක කෙරෙන බවත් එය ආණ්ඩුකාරවරයා සහ නිලධාරීන් කිහිපදෙනෙකු […]


Jan
12

පෑලියගොඩ, 90 වත්ත හුදෙකලා කෙරේ

Generic placeholder image

පෑලියගොඩ පොලිස් වසමේ ගඟබඩ ග්‍රාම නිලධාරී වසමට අයත් 90 වත්ත ප්‍රදේශය අද පස්වරු 6 සිට ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා තත්ත්වයට පත් කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා. ඊට අදාළ නිවේදනය පහතින් :


Jan
12

ජෝ බයිඩ්න්ගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් වොෂින්ටනයට අමතර ආරක්ෂාවක් ඉල්ලයි

Generic placeholder image

ඇමරිකා එක්සත් ජනපදයේ මීළග ජනාධිපතිවරයා ලෙස තේරීපත්ව සිටින ජෝ බයිඩ්න්ගේ පදවි ප්‍රාප්ති අවස්ථාව යෙදෙන එළැඹෙන 20 වැනිදා වොෂිංටන් ඩීසී අගනුවරට අමතර ආරක්ෂාවක් දෙන්නැයි එහි නගරාධිපතිනිය ඉල්ලීමක්කර තිබෙනවා. විදෙස් මාධ්‍යප පැවසුවේ, පසුගියදා වොෂින්ටන්හි කැපිටල්හිල් ගොඩනැගිල්ල ආශ්‍රිතව ඇති වූ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳ සළකා බලා අභ්‍යන්තර ආරක්ෂාව පිළිබද දෙපාර්තමේන්තුවෙන් ඇය එම ඉල්ලීමකර ඇති බවයි. ඉකුත් 6 වැනිදා ඇති […]


Jan
12

කොරෝනා ආසාදිතව සිටි තවත් 530කට පූර්ණ සුවය

Generic placeholder image

කොරෝනා වෙෙරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් 530 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 42,621ක් දක්වා ඉහළ ගියා. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 6,088ක්.


Jan
12

රන්ජන් පල්ලන්සේනට කලින් වැලිකඩට එයි

Generic placeholder image

හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට පෙර වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙනවිත් තිබෙනවා. එහිදී රන්ජන් රාමනායක මහතා බන්ධනාගාර රැදවියන් සදහා ලබා දෙන ඇදුමකින් සැරසී සිටින ආකාරය සහ බන්ධනාගාර බස් රථය වෙත රැගෙන එන ආකාරය දක්නට ලැබුණා. පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානය වෙත ගෙන යෑම සදහා එලෙස බන්ධනාගාර බස් රථය වෙත රාමනායක මහතාව රැගෙන […]


News Articles
Latest Videos
Most Popular Post