මේ ගෙවී යන වසරේ මේ වන විට මෙරට පුද්ගලයින් 1900 ක් පමණ රිය අනතුරු හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වෙනවා. මෙම වසරේ කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් මෙරට පසුගිය කාලයේ ඇදිරි නිතිය හා යම් යම් ප්‍රදේශ මේ වන විටත් සංචරණ සිමා පනවා තිබෙන පසුබිමක රිය අනතුරු වලින් මෙපමණ පිරිසක් මිය ගොස් තිබෙන බව […]
බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින්ට අහඹු ක්ෂණික ප්‍රතිදේහජනක පරික්ෂණ සිදු කිරීම තවදුරටත් සිදුවන බව පොලිසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, ඊයේ දිනය තුළ එම පරීක්ෂණ 1,100ක් සිදු කළ අතර ඉන් ආසාදිතයින් 5 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි. එමෙන්ම පසුගිය සතිය තුළ බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින්ට එලෙස සිදු කළ අහඹු […]
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු පළමු ටෙස්ට් තරගවලියේ තෙවන දිනය අදයි. මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතද ඊයේ ආබාධයකට ලක් වුණා..මේ හේතුවෙන් මොහුටද මෙම තරගාවලිය අහිමි වී යා හැකි බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරන්නේ. මිට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩක ධනංජය ද සිල්වා ද අබාධයක් හේතුවෙන් තරගයට සහභාගී වුයේ නෑ.
රුපියල් මිලියන 50ක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් යාපනය, කන්කසන්තුරේ වෙරළ තීරයෙන් සොයාගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ, අදාළ කේරළ ගංජා තොගය කන්කසන්තුරේ වෙරළ තීරයට ගොඩගසා තිබියදී මෙලෙස සොයාගෙන ඇති බවයි. එම ගංජා තොගයේ බර කිලෝ ග්‍රෑම් 360ක්.
එංගලන්තයෙන් හදුනා ගැනුණු කොරෝනා වෛරසයේ ව්කෘති වීම තුලින් නිර්මාණය වූ නව කොරෝනා වෛරස් ප්‍රභේදය ශරීරගත වීම තුලින් මිනිසුන් දැඩි ලෙස රෝගයට දැඩි ලෙස ගොදුරු කර ගැනීමේ අවදානමක් දැනට සිදු කරන ලද පරීක්ෂණ තුලින් නොපෙන්වන බව පර්යේෂකයින් සදහන් කරනවා. මෙම වෛරස් ප්‍රභේදය වේගයෙන් මිනිසුන් අතර ව්‍යාප්තිය සිදු වුවත් එය මිනිස් සිරුරට දැඩිව ක්‍රියා කිරීමට අසමත් බවයි […]
තවත් ප්ලාස්ටික් සහ පොලිතින් නිෂ්පාදන වර්ග කිහිපයක් ලබන අප්‍රේල් මස සිට තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණයකර තිබෙනවා. එම අමාත්‍යාංශය පැවසුවේ වරක් භාවිතකර ඉවතලන ප්ලාස්ටික් සහ පොලිතින් නිෂ්පාදන වර්ග 6ක් ඇතුළත් ලැයිස්තුවක් තහනම් කිරීමට පියවර ගෙන ඇති බවයි. එලෙස තහනම් වන ප්ලාස්ටික් සහ පොලිතින් නිෂ්පාදන සදහා වන ගැසට් නිවේදනය එළැඹෙන පළමු වැනිදා නිකුත් කරන බවයි පරිසර […]
තවත් කොරෝනා මරණ 4ක් පිළිබද තොරතුරු වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 191 දක්වා ඉහළ ගියා. එලෙස මියගියේ පිටකෝට්ටේ, රාගම, කඩවත සහ වව්නියාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අවුරුදු 52ත් 78ත් අතර වයස් සීමාවන්වල පසුවන්නන්. ඔවුන්ගේ මරණ පිළිබද තොරතුරු පහතින් : මේ අතර ඊයේ දිනය තුළ හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් 668 […]
වේයන්ගොඩ ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් සැකකරුවෙකු මියගොස් තිබෙනවා. වේයන්ගොඩ ප්‍රදේශයේ මෙහෙයුමක් සඳහා සැකකරුවෙකු රැගෙන ගිය අවස්ථාවේ ඇතිවූ සිද්ධියක් අතරතුර පොලිස් වෙඩි පහරින් එම සැකකරු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළා. පෑලියගොඩ බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය මගින් අදාල සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඒ ඉකුත් 19 වනදා වේයන්ගොඩ මාලිගාතැන්න ප්‍රදේශයේදී […]
මීට දින දෙකකට පෙර අතුරුදහන් වූ පුද්ගලයෙකු ගේ මළ සිරුරක් යාපනය ප්‍රදේශයේ අරියකුලම වැවේ තිබී සොයාගෙන තිබෙන බව පොලිසිය සදහන් කරනවා. අදාල මිය ගිය පුද්ගලයා එම ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු 65 ක පමණ පුද්ගලයෙක් වන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
අද උදෑසන 5.00 සිට කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා බව ඉවත් කරන ලද ප්‍රදේශ, වේල්ලවීදිය පොලිස් වසමකෙසෙල්වත්ත පොලිස් වසමමරදාන පොලිස් වසම කොම්පඤ්ඤ වීදියේ පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසමකොම්පඤ්ඤ වීදියේ පොලිස් වසමේ හුනුපිටිය ග්‍රාම නිලධාරී වසමවැල්ලවත්ත පොලිස් වසමේ මයුර පෙදෙසබොරැල්ල පොලිස් වසමේ හල්ගහවත්ත සහ කාලිපුල්ල වත්තවැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය අද උදෑසන 5.00 සිට […]
ප්‍රවීණ ගායක ෂෙල්ටන් මුතුනමගේ මහතා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 73 හැවිරිදි වියේ පසුවුවා.
උතුරු , නැගෙනහිර උතුරු-මැද සහ ඌවපළාත් වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත් පැවතිය හැකි සදහන් වෙනවා. උතුරු , නැගෙනහිර උතුරු-මැදසහ ඌවපළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වීටින්විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තදවැසිද ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල විශේෂයෙන්ම ප.ව. 1.00 න් පමණපසු තැනින් තැන වැසි හෝ ගිගුරුම්සහිත […]