News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
19

තවත් ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදෙකලා කෙරේ

Generic placeholder image

කොරෝනා ආසාදිතයින් කිහිප දෙනෙකු හඳුනා ගැනීමත් සමග බෙන්තර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව තුන්දූව නැගෙනහිර සහ තුන්දූව බටහිර යන ග්‍රාම නිලධාරී වසම් මේ මොහොතේ සිට නැවත දැනුම් දෙනතුරු හුදෙකලා කෙරුණා. බෙන්තර, තුන්දූව ග්‍රාම නිලධාරී වසමෙන් හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන […]


Dec
19

නව ආසාදිතයින් 123 දෙනෙකු හඳුනා ගනියි

Generic placeholder image

කොරෝනා වෛරසය වැළඳුණු නව රෝගීන් 123 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. ඒ අනුව අද දිනයේ මේ දක්වා හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 618ක්. එමෙන්ම මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ […]


Dec
19

තවත් කොරෝනා මරණ 6ක් පිළිබඳ තොරතුරු

Generic placeholder image

මෙරට කොරෝනා මරණ ගණන 171 දක්වා ඉහළ නංවමින් තවත් මරණ 6ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා. කාන්තාවන් තිදෙනෙකු ඇතුළු 6 දෙනෙකු එලෙස මියගොස් ඇති අතර එම මරණ වාර්තා වන්නේ කොළඹ 14, වීරඟුල, කොළඹ 15, කොළඹ 10, කිරිවත්තුඩුව සහ බණ්ඩාරගම යන ප්‍රදේශවලින්. ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු පහතින් :


Dec
19

කැබ් රථයක් වැවකට පෙරළී තිදෙනෙකු අතුරුදන් – අවුරුදු 2ක දැරියකුත් ඒ අතර

Generic placeholder image

මුලතිව්, මල්ලාවි, වව්නිකුලම් ප්‍රදේශයේදී කැබ් රථයක් වැවකට පෙරළී සිදු වූ අනතුරකින් තිදෙනෙකු අතුරුදන්ව තිබෙනවා. අද පස්වරුවේ අදාළ අනතුර සිදු වන අවස්ථාවේ කැබ් රථයේ සිව් දෙනෙකු සිට ඇති අතර එකම පවුලේ පියා, පුත්‍රයා සහ දියණිය එලෙස අතුරුදන් වී තිබුණා. තවත් දරුවෙකු අනතුරින් දිවි බේරාගෙන තිබෙනවා. එලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 38ක පුද්ගලයෙක් සහ ඔහුගේ 12 හැවිරිදි […]


Dec
19

නව ආසාදිතයින් 495 දෙනෙකු හඳුනා ගනියි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 495 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරවලින් හඳුනාගත් ආසාදිතයින් ගණන 32,875 දක්වා ඉහළ ගියා.


Dec
19

බස්නාහිර පළාතෙන් පිටට යන අයට සති දෙකක් ඇන්ටිජන් පරීක්ෂණ

Generic placeholder image

බස්නාහිර පළාතේ සිට වෙනත් පළාත්වලට පිටව යන පුද්ගලයින් තවත් සති දෙකක කාලයක් අහඹු ලෙස ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලට ලක් කරන බව පොලිසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, ශ්‍රී ලංකා පොලිසියේ ද සහය ඇතිව බස්නාහිර පළාතෙන් පිට වන කපොලු ආශ්‍රිතව මෙම පරීක්ෂණ සිදු කරන බවයි. එහිදී යම් කිසි පුද්ගලයෙකු ආසාදිතයෙකු ලෙස හඳුනා […]


Dec
19

කොරෝනා ආසාදිතව සිටි තවත් 491කට සුවයි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් 491 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 27,552 දක්වා ඉහළ ගියා. එමෙන්ම රෝහල්වල සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල තවමත් ප්‍රතිකාර ලබන ගණන 8,332ක්. මරණ ගණන දැක්වෙන්නේ 165ක් ලෙසයි. මේ අතර ගත වූ පැය 24 තුළ හඳුනාගත් […]


Dec
19

ඇෆ්ගනිස්ථානයේ පිපිරීමකින් දරුවන් 15 දෙනෙකු ජීවිතක්ෂයට

Generic placeholder image

ඇෆ්ගනිස්ථාන‌යේ සිදු වූ පිපිරීමකින් දරුවන් පහලොස් දෙනෙකු මිය ගොස් විසි දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ගාස්නි පළාතේ ගම්මානයක ආගමික උත්සවයක් පැවති නිවසක් ආසන්නයේ මෙම පිපිරීම සිදුව ඇති බවයි. ළමුන් කිහිපදෙනෙකු යමක් වෙළෙන්දෙකුට අලෙවි කිරීමට සූදානම් වී ඇති අතර එම අවස්ථාවේ බෝම්බය පුපුරා ගොස් ඇති බවයි […]


Dec
19

මධ්‍යම අධිවේගයේ තුන්වැනි කොටසේ ඉදි කිරීම් ඇරඹෙයි

Generic placeholder image

මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවැනි අදියර ලෙස සැළකෙන පොතුහැර සිට ගලගෙදර දක්වා වන කොටසේ ඉදි කිරීම් කටයුතු අද ආරම්භ කෙරුණා. ඒ සඳහා සංවිධානකර තිබූ උත්සවය පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. පොතුහැර සිට ගලගෙදර දක්වා කොටස මංතීරු 4කින් සමන්විත වන අතර එහි සමස්ත දුර කිලෝමීටර් 31.7ක්. මහාමාර්ග අමාත්‍යාංශය පැවසුවේ, එහි ඉදි කිරීම් කටයුතු වසර 3කින් නිම […]


Dec
19

නත්තල් සමයේ ඉතාලිය වසා දැමීමේ තීරණයක්

Generic placeholder image

කොරෝනා වෛරස ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් නත්තල් උත්සවය සහ අලුත් අවුරුදු සමයේ සංචරණ සීමා පනවමින් ඉතාලිය යළි වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව අදියර තුනක් යටතේ රට වසා දැමීමට තීරණය කළ බවයි ඉතාලි අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ.


Dec
19

අද කොළඹට පැය 18ක් වතුර නෑ

Generic placeholder image

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (19) පෙරවරු 09.00 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.


Dec
19

ඊයේ වාර්තා වූ නව ආසාදිතයින් ගණන 662ක් – වැඩිම කොළඹින්

Generic placeholder image

ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 662ක් හඳුනාගත් අතර, ඉන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.විස්තර පහතින්,


News Articles
Latest Videos
Most Popular Post