තවත් ආසාදිතයින් 376 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 35,763 දක්වා ඉහළ ගියා.
බස්නාහිර පළාතේ සිට වෙනත් පළාත්වලට පිටව ගිය පුද්ගලයින් 5 දෙනෙකුට කොරෝනා වෛසරය වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ, ස්ථාන කිහිපයකදී අහඹු ලෙස සිදු කළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින්. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ, බස්නාහිර පළාතේ සිට වෙනත් පළාත්වලට පිටත්ව ගිය 451 දෙනෙකුගෙන් 5 දෙනෙකුට එලෙස වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් […]
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ 600 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරු ලබාදී ඇති බව වාර්තා වෙනවා. මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වමින් සදහන් කරන්නේ එම ස්ථාන මාරුවීම් අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක බවයි.
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (19) පෙරවරු 09.00 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා. ඒ අනුව හෙට පෙරවරු 09.00 සිට 20 වන ඉරිදා අලුයම 03.00 දක්වා කොළඹ 01, 02,10 සහ 12 යන ප්‍රදේශවලට ජල සැපයුම් අත්හිටුවනු ඇති.
ඊයේ දිනය තුල මෙරට කොරෝනා ආසාදිතයින් 650 දෙනකු හදුනාගෙන තිබෙන අතර ඒ අතරින් වැඩිම ගණනක් වාර්තා වී ඇත්තේ කොළඹින්, එම ගණන 242ක්. ඊට අමතරව කොරෝනා ආසාදිතයින් 126 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද , මහනුවරින් 42 ක් අද වාර්තා වී තිබෙනවා.ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 35,387 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොරෝනා ආසාදිතයන් ඊයේ […]
නයිජීරියාවේ කට්සිනා ප්‍රාන්තයේ පාසලකින් පැහැරගනු ලැබූ දරුවන්ගෙන් 344 දෙනකු නිදහස්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ දරුවන් පිරිසක් තවදුරටත් අත්අඩංගුවේ පසුවන බවයි. නිදහස් කරන ලද දරුවන් කස්ටිනා නගරය වෙත රැගෙන යන බවද පසුව දෙමාපියන් වෙත බාරදෙන බවද එරට ආණ්ඩුකාරවරයා සදහන් කර තිබෙනවා.
රට පුරා පවතින කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ රෙගුලාසි සති අන්තයේත් අකුරටම පිළිපදින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. සංචරණය සීමා කිරීමෙන් රෝග ව්‍යාප්තිය පාලනය කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කළේ.
දිවයින හරහා ඊසානදිග මෝසම් කාලගුණික ලක්ෂණ ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී. දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැක. උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක. සෙසු […]
තවත් ආසාදිතයින් 338 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත ම්‍යස්ථානය පවසනවා. ඔවුන් සියලු පෑලියගොඩ පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් ගණන 650ක් වන අතර එම පොකුරුවල සමස්තය දැක්වෙන්නේ 31,720ක් ලෙසයි.
රජයේ ප්‍රකාශන කාර්යාංශයේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලය අද විවෘත කෙරුණා. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී එය සිදු කෙරුණේ, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී අදහස් දක්වමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, මහනුවර දිස්ත්‍රික්කය තුළ රජයේ ප්‍රකාශන කාර්යාංශයක් විවෘත කිරීම මගින් එම ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය රජයේ අණ පනත් මිල දී ගැනීමට මෙන්ම රජයේ තොරතුරු දැන ගැනීමට ඇති […]
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අද රැස් වුණා. එහිදී පළාත් පාලන ආයතනවල සභික ධූර පුරප්පාඩු පිරවීම සම්බන්ධව පනතේ පවතින අවහිරතා ඇතුළු වෙනත් නීතිමය ගැටළු සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත දැනුම්දීම ඇතුළු තීරණ කිහිපයක් ගෙන තිබෙනවා. එම තීරණ ඇතුළත් නිවේදනය පහතින් :