News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
19

ඇෆ්ගනිස්ථානයේ පිපිරීමකින් දරුවන් 15 දෙනෙකු ජීවිතක්ෂයට

Generic placeholder image

ඇෆ්ගනිස්ථාන‌යේ සිදු වූ පිපිරීමකින් දරුවන් පහලොස් දෙනෙකු මිය ගොස් විසි දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ගාස්නි පළාතේ ගම්මානයක ආගමික උත්සවයක් පැවති නිවසක් ආසන්නයේ මෙම පිපිරීම සිදුව ඇති බවයි. ළමුන් කිහිපදෙනෙකු යමක් වෙළෙන්දෙකුට අලෙවි කිරීමට සූදානම් වී ඇති අතර එම අවස්ථාවේ බෝම්බය පුපුරා ගොස් ඇති බවයි […]


Dec
19

මධ්‍යම අධිවේගයේ තුන්වැනි කොටසේ ඉදි කිරීම් ඇරඹෙයි

Generic placeholder image

මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවැනි අදියර ලෙස සැළකෙන පොතුහැර සිට ගලගෙදර දක්වා වන කොටසේ ඉදි කිරීම් කටයුතු අද ආරම්භ කෙරුණා. ඒ සඳහා සංවිධානකර තිබූ උත්සවය පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. පොතුහැර සිට ගලගෙදර දක්වා කොටස මංතීරු 4කින් සමන්විත වන අතර එහි සමස්ත දුර කිලෝමීටර් 31.7ක්. මහාමාර්ග අමාත්‍යාංශය පැවසුවේ, එහි ඉදි කිරීම් කටයුතු වසර 3කින් නිම […]


Dec
19

නත්තල් සමයේ ඉතාලිය වසා දැමීමේ තීරණයක්

Generic placeholder image

කොරෝනා වෛරස ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් නත්තල් උත්සවය සහ අලුත් අවුරුදු සමයේ සංචරණ සීමා පනවමින් ඉතාලිය යළි වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව අදියර තුනක් යටතේ රට වසා දැමීමට තීරණය කළ බවයි ඉතාලි අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ.


Dec
19

අද කොළඹට පැය 18ක් වතුර නෑ

Generic placeholder image

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (19) පෙරවරු 09.00 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.


Dec
19

ඊයේ වාර්තා වූ නව ආසාදිතයින් ගණන 662ක් – වැඩිම කොළඹින්

Generic placeholder image

ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 662ක් හඳුනාගත් අතර, ඉන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.විස්තර පහතින්,


Dec
19

අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

Generic placeholder image

දිවයින හරහා ඊසානදිග මෝසම් කාලගුණික ලක්ෂණ ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී. උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැගෙනහිර පළාතේ සහ මාතලේ සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක. සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 […]


Dec
18

කොරෝනා ආසාදිත තවත් 284ක් හඳුනා ගැනේ

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 284 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. පස්වරුවේ වාර්තා වූ ආසාදිතයින් 376 දෙනා සමග අද දිනයේ මේ දක්වා හඳුනාගත් මුළු ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 660ක් ලෙසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 36,047 දක්වා ඉහළ ගියා. එමෙන්ම වෛරසය ආසාදනය වූවන් 708 දෙනෙකු සුවය ලබා අද […]


Dec
18

රත්නපුර පාසල් තුනක් වසයි

Generic placeholder image

රත්නපුර මහනගර සභා සීමාව තුළ ආසාදිතයින් කිහිපදෙනෙකු හඳුනා ගැනීමත් සමග නගරයේ පාසල් තුනක් වසා දැමීමට බලධාරීන් තීරණයකර තිබෙනවා. රත්නපුර ගඟබඩ සීවලී විද්‍යාලය, රත්නපුර අල්මකියා මුස්ලිම් විද්‍යාලය සහ රත්නපුර ධර්මරාජ විද්‍යාලය එලෙස වසා දමා දැමුණා. ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ පවසන්නේ, පුද්ගලයින් 16දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බවයි. ඊට එකම පවුලේ 7දෙනෙකු ඇතුළත්. මේ අතර රත්නපුර […]


Dec
18

මෙරට කොරෝනා මරණ ගණන 165 දක්වා ඉහළට

Generic placeholder image

මෙරට කොරෝනා මරණ ගණන 165 දක්වා ඉහළ නංවමින් තවත් කොරෝනා මරණ 5ක් සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. අගලවත්ත, මග්ගොන, කොළඹ 15, මහරගම සහ වතුපිටිවල යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් ඇතුළු 5 දෙනෙකු එලෙස මියගොස් තිබෙනවා. ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු පහතින් :


Dec
18

හසිදි මරණ පරීක්ෂකවරුන්ට ආරක්ෂක ඇඳුම් කට්ටල

Generic placeholder image

හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා ආරක්ෂිත ඇඳුම් කට්ටල ප්‍රදානය කිරීම අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේදී අද සිදු කෙරුණා. හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව අදාළ පියවර ගෙන තිබෙනවා. ඒ අනුව දිවයින පුරා සිටින සියලු හදිසි මරණ පරීක්ෂකවරුන් සඳහා ඇදුම් කට්ටල ප්‍රදානය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. […]


Dec
18

“ගම සමග පිළිසඳර” තෙවැනි වැඩසටහනට ඉදිරිපත් වූ ගැටළුවලට ජනාධිපතිවරයාගෙන් විසඳුම් රැසක්

Generic placeholder image

“ගම සමග පිළිසඳර” තෙවැනි වැඩසටහන අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බලංගොඩ, ඉඹුල්පේ, රාවණාකන්ද ප්‍රදේශයේ, තෝරවෙල්කන්ද විද්‍යාලයීය ක්‍රීඩා භූමියේදී පැවැත්වුණා. එහි පළමුවැනි වැඩසටහන ඉකුත් සැප්තැම්බර් මස බදුල්ල, හල්දුම්මුල්ල ප්‍රදේශයේ ද දෙවැන්න ඔක්තෝබර් මස මාතලේ, විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිතව ද පැවැත්වුණා. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, දීර්ඝ කාලයක් ග්‍රාමීය ජනතාවගේ නොවිසඳුණු ගැටළු පිළිබඳව ඔවුන් සමඟ සාකච්ඡාකර, […]


Dec
18

අපේ ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පූජ්‍ය අතුරලියේ රතන හිමිට

Generic placeholder image

අපේ ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පත්කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ, අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ඒ බව ප්‍රකාශයට පත්කර ඇති බවයි. අදාළ ගැසට් නිවේදනය පහතින් :


News Articles
Latest Videos
Most Popular Post