News Line| Off Air
Generic placeholder image

Jan
11

අලුත් අමුත්තා එන්න කලින් එයාලා කරපු Photoshoot එක

Generic placeholder image

ඇන්තනී පවුලේ වැඩිමහල් පුතුවන අකිල ධනුද්දර ඇන්තනීව නොදන්නා අයෙකු නම් නොමැති තරම්. සිනමාවේ වගේම ටෙලි නාට්‍ය‌යේත් දක්ෂතා පෙන්වූ ඔහු ආදරණීය සැමියෙක් වගේම පියෙක්. අකිල නිතරම ඔහුගේ දියණියගේ හා බිරිදගේ ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ කරනවා. ඔහු පසුගියදා බිරිඳ හා දියණිය සමගින් අපූරු ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එය පහතින් බලන්න,


Jan
11

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී නික්ම ගොස් තෙමසක්

Generic placeholder image

“පනාපත්‍ර කුහුඹුපැණියා” හෙවත් හෙළ සිනමාවේ අසහය රංග පෞරුෂය ලෙස හැඳින්වෙන ජැක්සන් ඇන්තනී මහතා නික්ම ගොස් තෙමසක් සපිරුණා. ඒ වෙනුවෙන් ඔහුගේ ආදරණීය බිරිඳ ඇතුළු දරුවන් එක්වී ඔහුගේ තෙමස් පූර්ණ පිංකම පසුගියදා සිදු කෙරුණා. ඒ සඳහාත් විශාල ජනකායක් සහභාගි වී තිබුණේ ඔහු නික්මී ගියද ප්‍රේක්ෂක ආදරය නොමඳවම ඔහු සමගින් රැදෙන බව පසක් කරමින්. ඒ වගේම කලාකරුවන් බොහෝ පිරිසක් […]


Jan
10

යොහානිටත් මංගල සීනු ?

Generic placeholder image

යොහානි හා සචින් කියන්නේ නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පීන් දෙපළක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට පසුගියදා සුන්දර ඡායාරූ කිහිපයක් නෙත ගැටුණා. ඒ යොහානි හා සචින් බටහිර පන්නයේ මනාල යුවළක් ලෙස සැරසී සිදුකර තිබූ අපූරු ඡායාරූගත කිරීමක්. මේ දෙදෙනා විවාහ ගිවිසගෙනද? කොහොම වුණත් මෙම ඡායාරූගත කිරීමෙන් පසු මේ දෙදෙනා කතා මවන චරිතයන් වි ඇති බවයි ආරංචිය.


Jan
10

ධනාගේ දියණිය උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ දියණිය වන ආන්‍යාගේ පළමුවන උපන්දිනය පසුගියදාට යෙදී තිබුණා. උපන්දිනය වෙනුවෙන් දියණියගේ සුන්දර ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,


Jan
9

ඉන්දියානු මනාලියක් වු අසංකි

Generic placeholder image

නිරූපණයෙන් ක්ෂේත්‍රයට පැමිණ වර්තමානයේදී ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලෙසින්ද කටයුතු කරන ඇය අසංකි ද සිල්වා. ඇය නිරූපණ ශිල්පිනියක් නිසාම වෙනස් ආකාර‌යේ විලාසිතාවන් අත්හදා බලන්න ඇය නිතර නිතර කටයුතු කරනවා. සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රිය ඇය ඉන්දියානු පන්නයේ මනාලියක් ලෙස හැඩ වී සිටි ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Jan
9

ඕෂධී උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

සිනමාවේ වගේම පුංචි තිරය තුළත් නිතර නිතර දැකිය ඔබ හමුවට එන ඇය රංගන ශීල්පිනී ඕෂධී හේවාමද්දුමයි. නිතර නිතර වෙනස් ආකාරයේ කතා මවන ඇය එදා වගේම අදත් එකලෙස සුන්දරයි. පසුගියදා ඇය 40වන උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇය කිරි අම්මා දානයක් සිදුකර තිබුණා. ඒ පිළිබඳව ඇය සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ. එහි ඡායාරූප පහතින් බලන්න,


Jan
8

අම්මයි, තාත්තයි එක්ක දෝණි කරපු ලස්සන Photoshoot එක

Generic placeholder image

සිනමාවේ වගේම ටෙලි නාට්‍යයේත් එක ලෙස දක්ෂ කලා යුවළක් තමයි සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ. ඔවුන්ගේ 3වන විවාහ සංවත්සරය පසුගියදා සැමරුවා. මේ දෙදෙනා පුංචි දියණියක්ගේ දෙමව්පියන්. පුංචි සිගිතියත් අම්මයි, තාත්තයි වගේම හරි ජනප්‍රියයි. පසුගියදා මේ දෙන්නා පුංචි දියණිය සමගින් අපූරු ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. බලන්නකෝ මෙයාලගේ ලස්සන,


Jan
8

මගේ හයියට හිටපු ඔයා, අද මාව තනිකරලා යන්න ගියා… සෙනාලිගෙන් සංවේදී සටහනක්

Generic placeholder image

කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වන සෙනාලි ෆොන්සේකා කියන්නේ කලා පවුලකින් පැමිණි කෙනෙක්. මේ නම් කියන්න යන්නේ ඇගේ කලා ජීවිතය ගැන නම් නෙමෙයි. ඇගේ පෞද්ගලික ජීවිතය හා සම්බන්ධ කතාවක්. ඇගේ පියා මීට ටික කලකට ඉහතදි මෙලොව හැර ගියා. එය සියල්ලන්ම දන්නා කරුණක්. ඊයේ දින ඇගේ මව අභාවප්‍රාප්ත වුණා. ඉතින් ඒ පිළිබඳව ඇගේ සමාජ මාධ්‍යයට […]


Jan
8

ක්‍රිකට්වලින් පොලීසියට ගිය අපේ කොල්ලෝ

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂ පිතිකරුවෙකු වූ කුසල් ජනිත් පෙරේරා ඇතුළු ක්‍රිඩකයින් 6 දෙනෙක් පොලිස් සේවය සඳහා එක් වී තිබෙනවා. එදින ඔවුන් කැමරා කාචයට හසු වී තිබුණේ මෙන්න මෙහෙමයි ,


Jan
7

හොඳම යාළුවෝ දෙන්නා එකම කැමරා කාචයක සටහන් වුණේ මෙහෙමයි

Generic placeholder image

ශිරෝෂි රොමේෂිකා සහ අමායා අධිකාරි කියන්නේ කලා ක්ෂේත්‍රයේ සිටින හොඳම යහළුවන් වන රංගන ශිල්පිනියන් දෙපළක්. මේ දෙදෙනා එක වගේම සමාජ මාධ්‍යය තුළත් ජනප්‍රියයි. පසුගියදා විශේෂ උත්සව අවස්ථාවක් සඳහා සහභගි වූ අවස්ථාවේ මේ දෙදෙනා සුන්දර ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එය පහතින් බලන්න,


Jan
7

කසුන්ගේ පියා ගැන මාධවී තැබූ සංවේදී සටහන

Generic placeholder image

කසුන් මහේන්ද්‍ර හීනටිගලගේ ආදරණීය පියානන් පසුගියදා අභාවප්‍රාප්ත වුණා. ඇන්තනී පවුලේ වැඩිමහල් දියණිය වන මාධවී ඇන්තනීගේ ආදරණීය සහකරු වූ කසුන් මහේන්ද්‍රගේ පියා නික්ම යෑම පිළිබඳව ඇය සංවේදී සටහනක් සිය මුහුණු පොතට එක් කර තිබුණේ මෙලෙසයි,


Jan
6

කැමරා කාචයේ හැඩ මවන පූජනී

Generic placeholder image

ජනප්‍රිය රංගන ශිල්පිනියක්, නිරූපිකාවක් වගේම නිවේදිකාවක් ලෙස කටයුතු කරන පූජනී භාග්‍යා‌ගේ සුන්දර ඡායාරූප එකතුවක් අපට දැකගත හැකි වුණා. ඒ සඳහා විශාල ප්‍රතිචාරද හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post