News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
25

ඊයේ දිනයේ හමු වූ කොරෝනා රෝගීන් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

Generic placeholder image

ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් 458 දෙනෙකු හදුනාගත් අතර එයින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. එම ගණන 259ක්. කළුතරින් 78 දෙනෙක් ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 23 දෙනෙකු ද හදුනා ගැනුණා. මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදනය වූ සමස්ථ අසාදිතයින් ගණන 20,965ක් වන අතර ඉන් රෝගීන් 14,961ක් මේ වන විට සුවය ලබා […]


Nov
25

අයවැය කාරක සභා අවස්ථා තෙවන දින විවාදය අදයි

Generic placeholder image

අද දිනයේ අයවැය කාරක සභා අවස්ථා තෙවන දින විවාදය පැවැත්විමට නියම්තයි. අද පෙරවරු 9.30ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භවීමට නියමිත අතර එහිදී ජනමාධ්‍ය සහ විදේශ කටයුතු අමාත්‍යාංශවල වැයශිර්ෂ විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.


Nov
25

කෙටි කලක් තුල පෙර පාසැල් ආරම්භ කිරීමටත් සැළසුම්

Generic placeholder image

මේ වන විට කොරෝනා වෛරසය හමුවේ පාසැල්වල ප්‍රාථමික ශ්‍රේණි හා පෙර පාසල් ආරම්භ කිරීමට නොහැකිව තිබෙනවා. කෙසේ වෙතත් ඉතාමත් කෙටි කලක් තුල පෙර පාසැල් සහ ප්‍රාථමික ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සදහන් කරනවා.


Nov
25

නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වලට තද වැසි හා සුළං

Generic placeholder image

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “නිවාර්” සුළි කුණාටුව ඊයේ රාත්‍රී (24) 11.30 වන විට චන්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ලංකාවේ කන්කසන්තුරය වෙරළට කි.මී. 230ක් නැගෙනහිරින් (10.1N, 82.1E) ස්ථානගතව පැවතුනි. එය ඉදිරි පැය 24ක කාලය තුල ඉතා චන්ඩ සුළි කුණාටුවක් බවට පත්වෙමින් දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ හරහා ගමන් කරනු ඇතැයි […]


Nov
24

තවත් ආසාදිතයින් 171ක් හඳුනා ගනියි

Generic placeholder image

නව ආසාදිතයින් 171 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. එම ආසාදිතයින් සියලු දෙනා පෑලියගොඩ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ අනුව අද දිනයේ මේ දක්වා කාලය තුළ හඳුනාගත් දිවලුපිටිය සහ පෑලියගොඩ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් සංඛ්‍යාව 458ක්. එහි සමස්තය දැක්වෙන්නේ 17,436ක් ලෙසයි.


Nov
24

තවත් කොරෝනා මරණ 4ක් වාර්තා වෙයි

Generic placeholder image

තවත් කොරෝනා මරණ 4ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. ගිනිගත්හේන ප්‍රදේශයේ 74 හැවිරිදි පුද්ගලයෙක්, සියඹලාපේ ප්‍රදේශයේ 54 හැවිරිදි පුද්ගලයෙක්, බණ්ඩාරගම ප්‍රදේශයේ 42 හැවිරිදි පුද්ගලයෙක් සහ කොළඹ 15 ප්‍රදේශයේ 73 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 94ක් දක්වා ඉහළ ගියා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද […]


Nov
24

“නිවාර්” කන්කසන්තුර‍යට නැගෙනහිරින් ස්ථානගත වෙයි – ධීවර ප්‍රජාවට මුහුදු යෑමෙන් වළකින්නැයි තවදුරටත් උපදෙස්

Generic placeholder image

නිරිතදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින නිවාර් සුළි කුණාටුව අද පස්වරුව වනවිට කන්කසන්තුරය වෙරළට කිලෝ මීටර 280ක් නැගෙනහිරින් ස්ථානගතව පැවති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, එය ඉදිරි පැය 36 තුළ ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි. තවදුරටත් උතුරු සහ නැගෙනහිර මුහුදේ ධීවර හා නාවික කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙසයි […]


Nov
24

මහනුවර භූ කම්පනයට හේතුව හුණු ගල් කැණීම නොවන බව අනාවරණ වෙයි

Generic placeholder image

පසුගිය දා මහනුවර – දිගන, අලුත්වත්ත, අඹකොටේ, මයිලපිටිය, අනුරවත්ත සහ හාරගම යන ප්‍රදේශවල ඇතිව තිබූ භූ කම්පනයට හේතුව හුණු ගල් කැනීම නොවන බවට ආනරවණ වී ඇතැයි ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පත් කළ කමිටුව පවසනවා. ඒ පිළිබඳ විද්‍යාත්මක පරික්ෂණයක් සිදුකිරීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපතිවරයා සය පුද්ගල කමිටුවක් පත් කළේ පරිසර අමාත්‍ය මහින්ද […]


Nov
24

පෑලියගොඩ පොකුර 17,000 ඉක්මවයි – නව ආසාදිතයින් 287ක් හඳුනා ගැනේ

Generic placeholder image

පෑලියගොඩ කොරෝනා පොකුරේ ආසාදිතයින් ගණන 17,000 ඉක්මවා ගියා. ඒ, අද එම පොකුර ආශ්‍රයෙන් තවත් ආසාදිතයින් 287 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, එලෙස හඳුනාගත් ආසාදිතයින් පෑලියගොඩ පොකුරෙන් මින් පෙර වාර්තා වූ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව මේ වනවිට දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 17,265ක් ලෙසයි.


Nov
24

අකුරණ ග්‍රාම සේවා වසම් දෙකකට සංචරණ සීමා

Generic placeholder image

මහනුවර, අකුණ ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් දෙකක් සඳහා අද සිට ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමා පැනවීමට පියවර ගෙන ඇති බව දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පවසනවා. ඔහු පැවසුවේ, ඊයේ දක්වා මහනුවරින් ආසාදිතයින් 144 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් වැඩි පිරිසක් හඳුනාගෙන ඇත්තේ අකුරණ ප්‍රදේශයෙන් බවයි. ඒ අනුව අකුරණ – තෙළැඹුගහවත්ත සහ බුළුගහතැන්න යන ග්‍රාම […]


Nov
24

ගර්භණී මව්වරුන්ට දැනුම් දීමක්

Generic placeholder image

ගර්භණී මවකට යම් රෝගී තත්ත්වයක් හෝ සංකූලතාවක් පවතින්නේ නම් නිවසට වී නොසිට වහාම ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා. මේ වනවිට හුදෙකලාකර ඇති ප්‍රදේශවල වෙසෙන ගර්භණී මාතාවකට යම්කිසි අවදානම් තත්ත්වයක් මතු වුවහොත් ගර්භණී සටහන් පොත භාවිත කළ හැකි බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. එමෙන්ම හුදෙකලා තත්ත්වයේ පවතින ප්‍රදේශවල මාතෘ හා ළමා සායන නියමිත පරිදි […]


Nov
24

අපරාධ නඩු 9,688කට අදාළ කටයුතු අවසන්

Generic placeholder image

අපරාධ නඩු 9,688කට අදාළ කටයුතු පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වුව ද අවසන්කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ අනුව අදාළ නඩුවල චූදිතයින් 4,019 දෙනෙකුට එරෙහිව මහාධිකරණය හමුයේ අධි චෝදනා ගොනුකර ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post