News Line| Off Air
Generic placeholder image

Dec
29

Disney කුමරියට පණ ඇවිත්

Generic placeholder image

සිනමාවේ වගේම ටෙලි තිරයේත් එකලෙස ජනප්‍රියත්වය පවත්වාගෙන යන කෙනෙක් තමයි රශිප්‍රභා කියන්නේ. සමාජ මාධ්‍යයේත් ඇය එලෙසම ජනප්‍රියයි. පසුගියදා ඇය සිය උපන්දිනය වෙනුවෙන් අපූරු ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා. ඒ Disney කාටූන් චරිතයක් වුණු කවුරුත් ආදරය කරන Jasmine ලෙස සැරසිලයි. බලන්නකෝ ඇය නම් ඇත්තටම පණ ලැබුණු Jasmine වගේමයි,


Dec
29

වෙනස්ම ආකාරයට නත්තල සැමරූ සෙනාලි

Generic placeholder image

කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වන සෙනාලි ෆොන්සේකා කියන්නේ කලා පවුලකින් පැමිණි කෙනෙක්. මෙවර නත්තල කලා තරු සැමරූ ආකාරය ඔවුන් සිය සමාජ මාධ්‍යයට එකතු කර තිබුණා. නමුත් සෙනාලි නම් මෙවර නත්තල සමරා තිබුණේ වෙනස්ම ආකාරයට. ඒ පුංචි පැටවු පිරිවරාගෙන. බලන්නකෝ ඔවුන් සතුටු වෙලා තිබුණේ කොහොමද කියලා?


Dec
28

කැමරා කාචයේ හැඩ රටා මවන නිලූෂි

Generic placeholder image

කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නිලූෂි පවන්යා. ඇය මේ දිනවල සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්. සමාජ මාධ්‍යයේත් සක්‍රීය චරිතයක් වන ඇය විටින් විට සිදු කරන ඡායාරූගත කිරීම් කතාබහට ලක් වෙනවා. පසුගියදා ඇය බටහිර පන්නයේ සුන්දර මනාලියක් ලෙස හැඩ ගැන්වී තිබුණා. ඇගේ එම ඡායාරූප සඳහාත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Dec
28

සමිතා රෝහල් ගත කරයි?

Generic placeholder image

සමීතා මුදුන්කොටුව කියන්නේ ජනප්‍රිය ගීත ගණනාවකින් රසික හදවත් ආක්‍රමණය කල ගායන ශිල්පිනියක්. ඇය මේ වන විට රෝහල්ගත කර තිබෙනවා. මේ පිළිබඳව ඇගේ පවුලේ සියලු දෙනා සිය සමාජ මාධ්‍යයන්ට සටහන් හා ඡායාරූප එක් කර තිබුණා.


Dec
27

ගයාන් – පූජනීගේ හැඩ

Generic placeholder image

ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධනගේ එකම පුතු ගයාන් ගුණවර්ධන ගැන නම් ඔබට අමුතුවෙන් හදුන්වා දිය යුතු නෑ. ජනප්‍රිය ගායන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙක් ලෙස ඔහු කටයුතු කරනවා. ඔහුගේ පෙම්වතිය වන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් හා නිරූපණ ශිල්පිනියක් වන පූජනී භාග්‍යායි. මොවුන් දෙදෙනාගේ ප්‍රේම සබදතාව ගැන නම් නොදන්නා අයෙකු නොමැති තරම්. පසුගියදා ගයාන් සිය සමාජ මාධ්‍යය ගිණුමට ඔවුන් […]


Dec
27

නැගණියගේ උපන්දිනයට රයිනිගෙන් සුබ පැතුමක්

Generic placeholder image

ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි කෙනෙක් තමයි රයිනි චාරුකා කියන්නේ. කලා පවුලකින් ක්ෂේත්‍රයට පැමිණ ගීත කලාව තුල ඇයටම ආවේනික වූ අනන්‍යතාවක් ගොඩනගාගත් ඇය දක්ෂ ගායිකාවක්. පසුගියදා ඇගේ නැගණිය වන ජනප්‍රිය ගායිකා වින්ඩි ගුණතිලක සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් රයිනි නැගණිය වෙනුවෙන් අපූරු සුබ පැතුමක් සිය සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එය පහතින් බලන්න,


Dec
26

ටීනාගෙන් අලුත්ම විලාසිතාවක්

Generic placeholder image

විවිධාකාරයේ අලුත් විලාසිතා සමග නිතර නිතර ඇස දකින්නට ලැබෙන කෙනෙක් තමයි නිරූපණ ශිල්පිනී ටීනා ශනෙල් කියන්නේ. නිරූපණය පමණක් නොවෙයි රංගනයටත් එකලෙස දක්ෂ ඇය ටෙලිනාට්‍යය තුළත් හමුවෙනවා. කවරාකාරයේ විලාසිතා කලත් ඊට වෙනස්ම ආකාරයේ අලංකාරයක් එක්කරන්නට ඇය සමත් වෙනවා . එය මෙම ඡායාරූප මගින් වඩාත් තහවුරු වෙනවා,


Dec
26

කලා තරු පිරිවරාගෙන පැවැත්වූ රෙඩ්ගේ දියණියගේ විවාහ මංගල්‍යය

Generic placeholder image

ගායන ක්ෂේත්‍රයේ සිටින දක්ෂ ගායන ශිල්පියෙක් තමයි රෙඩ් රාජ්. පසුගියදා ඔහුගේ දියණිය විවාහ දිවියට ඇතුළත් වුණා. ඇයගේ විවාහ මංගල්‍යය පැවැත්වුණේ කලා තරු පිරිවරාගෙන ඉතාමත් උත්කර්ශවත් අයුරින්. එහි ඡායාරූප පහතින් බලන්න,


Dec
25

සාරාගේ Mom to be Photoshoot එක

Generic placeholder image

සාරා අබේවර්ධන කියන්නේ දක්ෂ නිරූපණ ශිල්පිනියක් වගේම නර්ථන ශිල්පිනියක්. පසුගිය සමයේ ඇය පිළිබඳව බොහෝ කතාබහක් ඇති වුණේ මවක් වීමට සිටිමින් ඇය සිය රංගන කටයුතුත් සිදු කළ නිසා. ඉතින් ඇය පසුගියදා සිය පුංචි අමුත්තා වෙනුවෙන් අපූරු Baby Shower ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එම ඡායාරූ පහතින් බලන්න,


Dec
25

නර්මදාගේ පුතු උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

නර්මදා යාපා අබේවර්ධන, නිරූපණයෙන් ක්ෂේත්‍රයට පැමිණ මේ වනවිට නිවේදිකාවක් ‌ලෙසත් කටයුතු කරනවා. පුංචි පුතාලා දෙදෙනෙකුගේ මවක් වන ඇය සමාජ මාධ්‍යයෙත් ජනප්‍රියයි. පසුගියදා ඇගේ පුංචි පුතා උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් පුංචි පුතාට අමතක නොවන ආකාරයේ සාදයක් සූදානම් කරන්නට ඇය අමතක කර තිබුණේ නෑ. එහි ඡායාරූප පහතින් බලන්න,


Dec
24

එයාලාට කලින්ම නත්තල් ඇවිත්

Generic placeholder image

ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි රොෂාන් පිලපිටිය. ඔහුගේ ආදරණීය බිරිඳ නමින් රිද්මා. ඒ වගේම මේ දෙදෙනාගේ පුංචි පුතු තමයි රාහුල්. රිද්මා සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. පසුගියදා ඇය නත්තලට සූදානම් වන ආකාරයේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණා. ඒ සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරද හිමිව තිබුණා. ඡායාරූප පහතින් බලන්න,


Dec
24

මේ දෙන්නා තමයි මට ජීවිතේ… මාධවීගෙන් සටහනක්

Generic placeholder image

ඇය ඇන්තනී පවුලේ වැඩිමහල් දියණියයි. කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ගායන ශිල්පිනියක්. මාධවී සමාජ මාධ්‍යයේත් ඉතා සක්‍රීයයි. පසුගියදා ඇය සිය මුහුණු පොතේ ටිකක් විශේෂ සටහනක් තබා තිබුණා. ඒ ඇගේ පියා වන ජැක්සන් ඇන්තනී සහ ඇයගේ පෙම්වතා වන කසුන් පිළිබඳවයි.ඇය එම සටහන තබා තිබුණේ ඡායාරූප කිහිපයක්ද සමගින්. සටහන හා ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post