News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
18

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Generic placeholder image

අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බවයි. දකුණ, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මිලි මීටර 50ට වැඩි […]


Nov
18

බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි පිරිසක් පළා යාමට තැත් කිරීමේදී අයෙක් මරුට

Generic placeholder image

පැරණි බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැඳවියන් පස් දෙනෙක් ඊයේ රාත්‍රී පැන යාමට තැත්කර තිබෙනවා. ඉන් තිදෙනෙක් අල්ලාගෙන ඇති අතර එක් අයෙක් පැන යාමට තැත් කළ අවස්ථාවේ මරණයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් තවත් රැඳවියෙක් බන්ධනාගාරයෙන් පැන ගොස් ඇති බව බන්ධනාගාර කොමසාරින් ජනරාල්වරයා පැවසුවා.


Nov
18

වරාය කටයුතු අත්‍යාවශ්‍යය සේවාවක් කරමින් ගැසට් නිවේදනයක්

Generic placeholder image

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කටයුතු අත්‍යාවශ්‍යය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වරාය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යෑම සඳහා එම කටයුතු අත්‍යාවශ්‍යය සේවාවක් කරමින් මෙලෙස ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්. එම ගැසට් නිවේදනය පහතින් :


Nov
18

කොරෝනා මරණ සංඛ්‍යාව 66 දක්වා ඉහළට

Generic placeholder image

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 66ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා. ඒ, ඊයේ රාත්‍රී තවත් මරණ 5ක් වාර්තා වීමත් සමගයි. කොළඹ 10, රත්මලාන, කිරුළපන, කොළඹ 02 සහ දෙමටගොඩ යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් තිදෙනෙක් ඇතුළු 5 දෙනෙක් එලෙස මියගොස් තිබෙනවා. ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු ඇතුළත් නිවේදනය පහතින් :


Nov
17

රාමඤ්ඤ මහා නිකායේ මහානායක අති පූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් අපවත් වෙයි

Generic placeholder image

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අති පූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් අපවත් වී තිබෙනවා. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර උන්වහන්සේ අපවත් වී ඇති අතර ඒ වනවිට උන්වහන්සේගේ වයස අවුරුදු 98ක්. 2012 වසරේ සැප්තැම්බර් මස රාමඤ්ඤ මහා නිකායේ මහානායක ධුරයට පත් වූ අති පූජ්‍ය නාපානේ පේමසිරි හිමියන් ඉන් පෙර එම නිකායේ අධිකරණ සංඝ නායක […]


Nov
17

තමන්ට විරුද්ධ වූ මාධ්‍යවලට එරෙහිව නව රූපවාහිනි නාලිකාවක් ඇරඹීමට ට්‍රම්ප් සැරසෙයි

Generic placeholder image

ඇමරිකා එක්සත් ජනපදයේ ජනපති ධුරයෙන් ඉදිරියේදී ඉවත්ව යනු ඇතැයි විශ්වාස කෙරෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියේදී නව රුපවාහිනී නාලිකාවක් ආරම්භ කිරීමට සුදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තමන්ට එරෙහිව ක්‍රියාත්මක වූ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා ඔහු මෙලෙස නව රූපවාහිනී නාලිකාවක් ආරම්භ කිරීමට සූදානම් බවයි ධවල මන්දිර ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය […]


Nov
17

2021 අයවැය ප්‍රකාශය ඉදිරිපත් කිරීම ඇරඹෙයි

Generic placeholder image

2021 වසර සඳහා වන අයවැය ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා. පස්වරු 1.40ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වීමත් සමග මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අයවැය කතාව ඉදිරිපත් කිරීම ආරම්භ කළා.


Nov
17

රංජන් රාමනායකට එරෙහි නඩුවකට දින නියම කෙරේ

Generic placeholder image

අධිකරණයට අපහාස කළේ යැයි රංජන් රාමනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුව යළි කැඳවීමට දින නියමකර තිබෙනවා. ඒ අනුව එම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී යළි කැඳවනු ලබන්නේ එළැඹෙන දෙසැම්බර් මස 8 වැනිදායි.


Nov
17

ව්‍යාපාරයක් ලෙස සිඟමන් යදින්නන්ට නඩු – මාර්ග අවහිර වන සේ වාහන නවතා එවැන්නන්ට මුදල් දෙන රියදුරන්ටත් දඬුවම්

Generic placeholder image

ව්‍යාපාරයක් ලෙස සිඟමන් යදින පිරිස් සොයා එවැනි පුද්ගලයින්ට විරුද්ධව ඉදිරියේදී නඩු පවරන බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පවසනවා. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිටින සියයට 95ක පිරිස සැබෑ යාචකයින් නොවන බවත් ඒ හරහා ව්‍යාපාරවල යෙදෙන පිරිස් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා. විශේෂයෙන් මාර්ගවල ලාම්පු සංඥා ආසන්නයේ වාහන නවතා එවැනි පුද්ගලයින්ට මුදල් […]


Nov
17

බන්ධනාගාර ආසාදිතයින් ගණන 506 දක්වා ඉහළට

Generic placeholder image

බන්ධනාගාර ආශ්‍රයෙන් හඳුනා ගන්නා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 506ක් දක්වා ඉහළ ගොස් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ, බන්ධනාගාර ආශ්‍රයෙන් නව ආසාදිතයින් 68 දෙනෙකු වාර්තා වී ඇති බවයි.


Nov
17

පෙම්වතියගේ අසභ්‍ය ඡායාරූප සකසා මුහුණු පොතේ පළ කළ පෙම්වතා රිමාන්ඩ්

Generic placeholder image

තම පෙම්වතියගේ චරිතයට හානියක් වන අන්දමින් අසභ්‍ය ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඌරාපොළ, බෝපැත්ත ප්‍රදේශයේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා. දෙපාර්ශ්වයේම කැමැත්ත මත එම යුවළ විවාහ වීමට සිට ඇති අතර පෙම්වතිය ඊට අකමැත්ත පළ කිරීම නිසා උරණ වූ පෙම්වතා සිය පෙම්වතියගේ චරිතයට කැළැලක් ඇති වන ආකාරයෙන් සැකසූ අසභ්‍ය ඡායාරූප මෙලෙස මුහුණුපොතට එක්කර […]


Nov
17

2021 අයවැයට කැබිනට් අනුමැතිය

Generic placeholder image

2021 අයවැය සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව මේ වනවිට පැවැත්වෙන අතර එහිදී අයවැය සඳහා අනුමැතිය හිමි වුණා. අද පස්වරුවේ මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ සඳහා පස්වරු 1.40ට පාර්ලිමේන්තුව […]


News Articles
Latest Videos
Most Popular Post