News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
18

ඔලිම්පික් ක්‍රීඩා උළෙලට යන ක්‍රීඩකයින්ට කොරෝනා වලින් ආරක්ෂා වීමට එන්නතක්

Generic placeholder image

2021 වසරේ පැවැත්වීමට නියමිත ටෝකියෝ ඔලිම්පික් උළෙල සදහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ට කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට එන්නතක් ලබා දීමට තමන් උපරිම උත්සහ කරන බව ඔලිම්පික් සංගමයේ සභාපති තෝමස් බාක්‌ මහතා සදහන් කරනවා. ජපන් අගමැතිවරයා ඒ පිලිබදව සෞඛ්‍ය බලධාරීන් සමග කතිකා කරන බවයි සභාපතිවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ.


Nov
18

23 වැනිදා පාසල් ආරම්භ කරනවාද නැද්ද අවසන් තීරණය අද

Generic placeholder image

පාසල්වල තෙවන වාරය ලබන 23 වැනිදා ආරම්භ කරනවාද? නැද්ද? යන්න පිළිබඳව, අද දිනයේ අවසන් තීරණය ප්‍රකාශ කරන බව වාර්තා වෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙන කොවිඩ් -I9 වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ රැස්වීමේ දී ය.


Nov
18

විදෙස්ගතව සිටි ලාංකිකයන් තවත් පිරිසක් දිවයිනට එයි

Generic placeholder image

විදේශයන්හි රැඳීසිටින ශ්‍රී ලාංකිකයන් 381 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍ය, මාලදිවයින සහ ඉන්දියාව යන රටවල සිට මෙරටට පැමිණ තිබෙන්නේ. සියලු දෙනා මීගමුව ප්‍රදේශයේ සංචාරක හෝටල් වෙත නිරෝධායනය සදහා යොමුකර තිබෙනවා.


Nov
18

අගමැති මහින්ද රාජපක්ෂගේ 75 වන ජන්ම දිනය අදයි

Generic placeholder image

අද දිනට වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ 75 වන ජන්ම දිනය අදට යෙදී තිබෙනවා. 1945 වසරේ නොවැම්බර් මස 18 වැනිදා හිටපු නියොජ්‍ය කතානායකවරයකු වූ ඩී.ඒ රාජපක්ෂ මහතාට සහ දන්දිනා සමරසිංහ මහත්මියට දාව සහෝදර සහෝදරියන් 8 දෙනකුගෙන් යුත් පවුලක දෙවැනියා ලෙස උපත ලද පර්සි මහින්ද රාජපක්ෂ මහතා මූලික අධ්‍යාපනය ලැබුවේ කොලඹ නාලන්දා,තර්ස්ටන් හා ගාල්ල රිච්මන්ඩ් යන […]


Nov
18

මෙරට කොරෝනා ආසාදිත සමස්ත ගණන 18,000 පනියි

Generic placeholder image

ඊයේ දිනයේ නව කොරෝනා ආසාදිතයින් 398 දෙනකු වාර්තා වූ අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත ගණන 18,000 ඉක්මවා ගොස් තිබෙනවා. එය සටහන් වන්නේ 18075 ක් ලෙසයි. මෙරට මේ වන විට කොරෝනා ආසාදිතව සිට සුවය ලැබූ ගණන 12,210 ක් වන අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන පිරිස 5799 ක්. නිරෝධායන මධ්‍යස්ථාන 33 කදී පුද්ගලයින් 3281 තවමත් […]


Nov
18

මහනුවර ප්‍රදේශයේ යළිත් භූ කම්පනයක්

Generic placeholder image

මහනුවර සහ දිගන ප්‍රදේශවලට අද පෙරවරු 9.27 ට පමණ භු චලනයක් වාර්තා වී තිබෙනවා. එය පල්ලෙකැලේ සහ මහකනදරාව පිහිටි භූකම්පන මාපකයේ මෙය ඒකක 2 -2.5ත් අතර අගයකින් සටහන් වී තිබෙනවා.


Nov
18

වරාය කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

Generic placeholder image

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් කටයුතු අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය පරිදියි.


Nov
18

බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර ගැන සොයන්න CID යෙන් කණ්ඩායමක්

Generic placeholder image

බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර පිළිබඳ විමර්ශනය කිරීම සදහා CID යෙන් කණ්ඩායමක් පත් කළ බව වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා නීතිපතිවරයාට දන්වා තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ අදාල විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිත බවයි වැඩබලන පොලිස්පතිවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ.


Nov
18

පැරණි බෝගම්බර හිරගෙදරින් රැඳවියෙක් පනී – තවත් අයෙක් මරුට

Generic placeholder image

ඊයේ රාත්‍රියේ දී බෝගම්බර පැරණි හිර ගෙදරින් රැඳවියන් පස් දෙනෙකු පළා යැමට උත්සහා දරා ඇති අතර එහිදී පළා යෑමට තැත් කල අයෙක් බන්ධනගාර නිලධාරින් විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මිය ගොස් තිබෙන අතර තවත් රැඳවියෙකු පළා ගොස් තිබෙනවා. එහිදී පළා යෑමට තැත් කල තවත් රැඳවියන් තිදෙනකු බන්ධනාගාර නිලධාරීන් විසින් කොටු කර ගෙන තිබෙනවා.


Nov
18

ඊයේ කොළඹින් නව ආසාදිතයින් 210ක් වාර්තා වෙයි

Generic placeholder image

ඊයේ හමු වූ කොරෝනා නව ආසාදිතයින් ගණන 398 වූ අතර එයින් ආසාදිතයින් 210ක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගම්පහින් 82ක් ද කළුතරින් 32ක් ද වාර්තා වනවා. ඊයේ දිනයේ දිස්ත්‍රික්ක අටකින් ආසාදිතයින් වාර්තා වූ අතර පොලීසියේ හා බන්ධනාගාර ආශ්‍රිතව ද ආසාදිතයින් හමුව තිබෙනවා.


Nov
18

2021 අයවැයෙන් සහන රැසක්

Generic placeholder image

2021 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීම ඊයේ මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එහිදී රාජ්‍ය අංශය වෙනුවෙන් සහන ලබා දී තිබූ අතර ක්ෂේත්‍ර රැසක් සඳහා සහන සහ සංශෝධන සහිත යෝජනා ඉදිරිපත් වුණා. එම යෝජනා පහතින් : විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් හඳුන්වා දීම ඉදිරි වසර 5 තුළ කෘෂිකර්මාන්තය, සත්ත්ව හා […]


Nov
18

ජනපතිගෙන් අද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක්

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. ඒ අද රාත්‍රි 8.30ට යි.


News Articles
Latest Videos
Most Popular Post