වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියින් ඇතුළු 7 දෙනෙකුට කොරෝනා වෛසරය වැළඳී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. රැඳවියින් දෙදෙනෙකු, කාන්තා රැඳවියින් සිව්දෙනෙකු සහ නිලධාරියෙකු එලෙස හඳුනාගත් බවයි බන්ධනාගාර කොමසාරිස්වරයා පැවසුවේ. ඒ අනුව සියලුම කාන්තා රැඳවියින් පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවක් මත අත්අඩංගුවට ගත් තරුණයෙකුට අධිකරණයෙන් නියම කළ දඩ මුදල ගෙවා ගැනීමට නොහැකව සියදිවි හානි කරගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ, අදාළ පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු වරද පිළිගෙන ඇති බවයි. ඒ අනුව අධිකරණයෙන් ඔහුට රුපියල් 10,000ක දඩ මුදලක් ගෙවන ලෙසත්, එය ගෙවීමට අපොහොසත් වන්නේ නම් මසක සිර දඩුවමකට යටත් විය යුතු […]
පෞද්ගලික රෝහලකට පැමිණ පුද්ගලයෙක් විසින් pcr පරීක්ෂනයක් සිදු කරගෙන ඇති අතර එහිදී අදාල පුද්ගලයා රෝහලට සිය තොරතුරු ලබා දීමේදී අසත්‍ය තොරතුරු ලබා දී තිබෙන අතර එම පුද්ගලයාගේ pcr වාර්තාව අනුව ඔහු කොරෝනා අසදිතයෙක් බව හදුනා ගෙන තිබෙනවා.. අදාල පුද්ගලයා සොයා මේ වන විට පොලිසිය පරික්ෂයක් ආරම්භ කර තිබෙනවා.
මේ වනවිට පොලිස් නිලධාරීන් 273 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඉන් 180 ක් බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කළ නිලධාරීන්. එමෙන්ම නිලධාරීන් 257 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති නිලධාරීන් සංඛ්‍යාව 1, 302ක්. මේ අතර වරාය සේවකයින් […]
කොළඹ දිස්ත්‍රික්කයෙන් 212 138 මට්ටක්කුලිය මෝදර උයනින්කොළඹ වරායෙන් 11 දෙනෙක්කොළඹ උතුර ප්‍රදේශයෙන් ආසාදිතයින් 21බත්තරමුල්ල 05,හංවැල්ල 08,කොළොන්නාව 06,මෝදර 06,අතුරුගිරිය 03අංගොඩ 03මාළඹේ 02අවිස්සාවේල්ල 02මොරටුව 02දෙහිවල 01රත්මලාන 01පිළියන්දල 01රාජගිරිය 01කඩුවෙල 01 ගම්පහ දිස්ත්‍රික්කයෙන් 62 ගම්පහ 18, මහර 08, කටාන 07 මීගමුව 07 බියගම 11 සහ කැළණිය 11 කළුතර දිස්ත්‍රික්කයෙන් 20 අගලවත්ත 05, වාද්දුව 09 සහ හොරණ 06 කුරුණෑගල […]
බදුරලිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 01 යි මාස 10 ක් පමණ වයසැති කුඩා දරුවෙක් හදිස්සියේ ඇති වූ හුස්ම ගැනීමේ අපහසුවක් හේතුවෙන් ප්‍රතිකාර සදහා නාගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙන බව වාර්තා වෙනවා. මෙම හදිසි මරණය කොරෝනා මරණයක් ද යැයි සැක පිට මිය ගිය දරුවාගේ ජෛව සාම්පල් ලබාගෙන පී.සී.ආර්. පරීක්ෂණය සදහා යොමු කිරීමටද පියවර ගෙන […]
අධික වර්ෂාවත් සමග කෑගල්ල දිස්ත්‍රික්කයට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරකට නායයෑම් පිළිබඳ විමසිලිමත් වීමේ අනතුරු ඇඟවිමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ආපදා කළමණකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදිප් කොඩිප්පිලි මහතා පැවසුවේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අවදානම් ප්‍රදේශ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, ඇලපාත, රත්නපුර සහ ඇහැලියගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අවදානම් ප්‍රදේශ ඉලක්ක කර […]
ඉමදුව ප්‍රදේශයේ 21 හැවිරිදි විවාහක තරුණියක් සමූහ දූෂණය කිරීම පිලිබදව පුද්ගලයින් 05 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.අදාල තරුණිය විවාහ වී ටික දිනකින් ගමේ වෙනත් තරුණයෙකු සමග අනියම් සම්බන්ධයක් ගොඩ නගා ගෙන තිබෙන අතර එහිදී අදාල තරුණයා සමගඅඹු සැමියන් ලෙස හැසිරි ඇති බවත් එම අවස්ථාව තවත් අයෙකු වීඩියෝගත කර තිබෙන අතර ඊට පසු පස් […]
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දමා තිබෙනවා. තැපැල්පතිවරයා පැවසුවේ, කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු අදාළ තීරණය ගෙන ඇති බවයි.
ඊයේ මධ්‍යම රාත්‍රිෙය්දී සිදු වූ රිය අනතුරකින් ආණමඩුව පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොට්ටුකච්චිය ප්‍රදේශයේ ගොවිපොලකින් අනවසරයෙන් ගවයින් ප්‍රවාහනය කරන බවට ලද තොරතුක් මත එම ස්ථානාධිපතිවරයා තවත් නිලධාරියෙකු සමග අදාළ රථය පසුපස හඹා ගොස් තිබුණා. පොලිසිය පැවසුවේ, නිලධාරියාට රථය පාලනය කරගත නොහැකිව ආණමඩුව ඔරලෝසු කණුවේ ගැටී මෙම අනතුර සිදුව තිබූ බවයි. අනතුරින් […]
ඇමෙරිකානු ජනපතිවරණ සටනේ මේ වන විට වත්මන් ජනපති ට්‍රම්ප්ගේ ප්‍රතිවිරුද්ධ අපේක්ෂක ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඞ්න් පැහැදිලි ජයක් අත්පත් කර ගෙන සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අනුව අමෙරිකාවේ ප්‍රාන්ත 50 න් ප්‍රාන්ත 46 ක පමණ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර අවසන්. එහි දී ජෝ බයිඞ්න් ඡන්ද විද්‍යාල 264 ක බලය හිමිකර ගැනීමට […]
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රියැදුරන් සිව් දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. මේ වන විට ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයාත් ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා. එමෙන්ම එම සංස්ථාවේ 37 දෙනකුට සිය නිවසේ සිට ස්වයං නිිරෝධායනයට ලක්වෙන ලෙස උපදෙස් ලබා දී ඇති බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.