මේ වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ pcr පරීක්ෂණ සිදු කර සිටින සියලු දෙනා එහි ප්‍රතිපල ලබෙන තෙක් නිවෙස් වලටම වී රැදී සිටින ලෙසට විශේෂ ඉල්ලීමක් බලධාරීන් විසින් සිදු කරනු ලබනවා. එසේ නොවුනහොත් ඉදිරිය භායනක බවද පවසන අතර විශේෂයෙන්ම මෙලෙස pcr සිදු කරනු ලැබූ පුද්ගලයින් සිවුදෙනකු පමණ ප්‍රතිපල ලැබෙන තෙක් නොසිට නැවත ධිවර වාරයන්වලට ගොස් තිබෙන බවයි […]
ඇමරිකානු ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සිය නිල ෆේස්බුක් ගිණුමේ දැවැන්ත ජයග්‍රහණයක් පිළිබඳ සටහනක් තබා තිබෙනවා. එමනේම අද රාත්‍රී ප්‍රකාශයක් කරන බව ද එම පණිවිඩයේ සඳහන් කර තිබුණා.
හොරණ මාස් බොඩිලයින් ආයතනයේ තවත් සේවකයන් 23 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. ඒ එම ආයතනයේ සේවකයින් 450 කට සිදු කරනු ලැබූ pcr පරීක්ෂණ ප්‍රතිපල මතයි. මිට පෙරද එම ආයතනයෙන් කොරෝනා ආසාදිතයින් 34 දෙනකු වාර්තා වී තිබුණු අතර ඒ අනුව එම ආයතනයේ මේ වන විට හමු වී තිබෙන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන […]
නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නුවර මෙට්‍රෝ දුම්රිය ස්ථානයක ගමන් කරමින් තිබු දුම්රියක් එම ධාවන පථ කඩාගෙන ගොස් ඒ අසල තිබුණු විශාල තල්මස්මුර්තියක් අසල ගැටී දුම්රිය නතර වී තිබෙනවා. එම තල්මස් මුර්තිය නිසා සිදු වීමට ගිය විශාල දුම්රිය අනතුර වැලකි තිබෙන බව වාර්තා වෙනවා. එසේ නොවුනානන් දුම්රිය පහල ජලාශයකට වැටිමට ඉඩ තිබෙන බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.
තොග වෙළඳාම් කටයුතු සඳහා කොළඹ ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් අද යළි විවෘත කෙරුණා. එලෙස විවෘත කෙරුණේ, බෝකුන්දර, රත්මලාන, මීගොඩ ,වේයන්ගොඩ සහ නාරාහේන්පිට යන ආර්ථික මධ්‍යස්ථානයි. කෙසේ වෙතත් එම ආර්ථික මධ්‍යස්ථානවල සිල්ලර වෙළඳාම් කටයුතු සිදු නොවන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ. අදාළ ආර්ථික මධ්‍යස්ථාන මේ වනවිට විෂබීජහරණය කර ඇති අතර සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපදිමින් ආර්ථික මධ්‍යස්ථාන වෙත […]
පී.සී.ආර් පරීක්ෂණ සිදු වීමේ ප්‍රමාදයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ, එම ප්‍රමාදය කඩිනමින් නිවැරදි කර නොගතහොත් රට තවදුරටත් අවදානම් සහගත විය හැකි බවයි. පී.සී.ආර්. පරීක්ෂණ කටයුතු පිළිබඳ සොයා බලා ඒවා වැඩිදියුණු කිරීමට කඩිනම් පියවර ගත යුතු බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය හමුවක් කැඳවමින් පෙන්වා […]
ඇමරිකානු ජනාධිපතිවරණයේ දැනට නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵල අනුව ඩිමොක්‍රටික් පක්ෂයෙන් තරඟ වදින ජෝ බයිඩ්න් පෙරමුණේ පසුවන බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කරනවා. මේ වනවිට ප්‍රාන්ත 50න් 31ක ප්‍රතිඵල නිකුත් වී අවසන් වන අතර කොට්ඨාස 192ක ජය හිමි කර ගැනීමට ජෝ බයිඩ්න් සමත්ව සිටිනවා. එමෙන්ම රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූ වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හිමිකරගෙන […]
පන්නල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරන 24 හැවිරිදි තරුණියක් හදිස්සියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් දඹදෙණිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව මිය ගිය පුවතක් ඉකුත් දා වාර්තා වුණා. එහිදී ඇයගේ හදිසි මරණය කොරෝනා මරණයක් ද යන්න අනාවරණය කර ගැනීම සදහා pcr පරීක්ෂනයක් ද සිදු කෙරුණා. කෙසේ වෙතත් එහි වාර්තා අනුව මිය ගිය මෙම තරුණියට කොරෝනා වෛරසය […]
මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 8266ක් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඉන් පුද්ගලයින් 1041 දෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින් වන අතර සෙසු 7225 දෙනා එම කම්හලේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වනවා. මේ අතර යුද හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථානවලින් පුද්ගලයින් 34 දෙනකෙු සිය නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර අද දිනය තුළ සිය […]
දින 13 ක් ඇතුලත කොරෝනා ආසාදිතයින් 5513 ක් මෙරටින් වාර්තා වූයේ පෑලියගොඩ කොරෝනා පොකුර සම්බන්ධවයි. ඒ අනුව මෙතරම් ඉක්මනට මෙම පොකුර හරහා කොරෝනා වෛරසය ව්‍යප්ත වුයේ එනම් B.1.42 නමැති දරුණු කොවිඩ් වයිරසය පැතිර තිබෙන්නේ මුදල් නෝට්ටු මගින් බවට මේ වන විට කරුණු අනාවරණය කර ගෙන තිබෙනවා. මේ අතර මත්ස්‍ය වෙළෙඳපොළ තුළ කෑගසන වෙළෙඳුන්ගේ කෙළ බිඳිති […]
අද දිනය තුළ දිවයින පුරා කොරෝනා වෛරසයේ පැතිරීම පහත පරිදි වේ :
කොරෝනා වෛරසය සම්බන්ධ හදිසි හා වැදගත් සිද්ධීන් දැනුම් දීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ඇමතීමට ක්ෂණික දුරකතන අංක කිහිපයක් හඳුන්වා දී ඇතැයි එම මධ්‍යස්ථානය නිවේදනය කළා. ඊට අමතරව විද්‍යුත් තැපැත් ලිපියක් ද හඳුන්වා දී තිබෙනවා. එම දුරකථන අංක සහ විද්‍යුත් ලිපිනය පහතින් : කාර්යයභාර නිලධාරී (Duty Officer) – 011 2 860 002 / 011 […]