කොට්ටාව නගරයේ පිහිටි මාළු වෙළෙදසල් 13 ක සේවකයින් පිරිසක් අද pcr පරික්ෂණයට ලක් කරන බව බලධාරීන් සදහන් කරනවා. ඔවුන් මෙලෙස පරික්ෂාවට ලක් කරන්නේ දෙවන වරටයි. මේ වන විට ඔවුන්ගේ සමීපතමයින් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
තම පෙම්වතියගේ සහාය ඇතිව ඇගේ අවුරුදු 15 ක ඥාති නැගණිය සහ පෙම්වතිය දූෂණය කළ කටාන ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකු පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පසුදා අදාළ තරුණයා කොච්චිකඩේ පොලිසියට පැමිණ භාර වීමෙන් පසුවයි. එම තරුණයා සිය 17 හැවිරිදි පෙම්වතියට පවසා ඇත්තේ ඇය ඉදිරියේ තරුණියක් සමග අඹු සැමියන් වශයෙන් සිටීමට තමාට තදබල ආශාවක් පවතින […]
මිනුවන්ගොඩ ආසාදිතයින් වැඩිවශයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවත්, මේ වනවිට දිස්ත්‍රික්ක 13ක් දක්වා වෙෙරසය ව්‍යාප්ත වී ඇති බවත් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. ඒ අනුව කුරුණෑගල, පුත්තලම, කෑගල්ල, මහනුවර, ගාල්ල, හම්බන්තොට, යාපනය, වව්නියාව, අනුරාධපුර, බදුල්ල, පොළොන්නරුව හා මොණරාගල යන දිස්ත්‍රික්ක ඊට අයත්. මාළු මධ්‍යස්ථානයේ රෝගීන් ව්‍යාප්තියත් සමග කොරෝනා වෙෙරසය තවත් දිස්ත්‍රික්කවලට ව්‍යාප්ත වීමේ ඉඩකඩක් […]
මේ වන විට ශ්‍රී ලංකව තුල පවතින තත්වය සැලකිල්ලට ගෙන ජනතාව ඉතා වගකීමෙන් කටයුතු කල යුතු බව යුධ හමුදාපතිවරයා සදහන් කරනවා. එමෙන්ම දිවයින පුරාම කොරෝනා රෝගීන් වාර්තා වීම නිසා මේ වන විට සිදු කරනු ලබන pcr පරීක්ෂණ වැඩි කර තිබෙනවා. එමෙන්ම මේ ඇතිව තිබෙන කොරෝනා රැල්ලට හේතුව ප්‍රධාන වශයෙන් මංගල සාද දෙකක් බවට මේ වන […]
මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා අනු පොකුරු රාශියක් නිර්මණය වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා. මේ අනුව එම අනු පොකුරු ආසාදිත ප්‍රදේශ වල සිටින ජනතාව අදාල ස්ථානයන් වලම රැදී සිටින ලෙසට දැනුම් දෙන බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.
මධුෂ්ගේ හිසට පිටුපසින් එල්ල වූ වෙඩි පහර කොපමණ දුරක සිට එල්ල වී තිබේදැයි හෙළි කරන ලෙස මාකඳුරේ මධුෂ්ගේ මාමා කෙනෙකු වන සුනිල් සමරසිංහ මහතා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගෙන් ඉල්ලා තිබෙනවා. පොලීසියට වෙඩි ප්‍රහාර එල්ල වූයේ ඉදිරිපස සිට නම්, මධුෂ්ට පමණක් පසුපසින් වෙඩි ප්‍රහාර එල්ල වූයේ කෙසේද යන්න පිළිබඳවයි ඔහු ප්‍රශ්න කර සිටියේ. ඊයේ කොළඹදී මාධ්‍ය හමුවක් […]
රාජ්‍ය සේවයට බඳවා ගත් අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ පුහුණු වැඩසටහන් පවතින තත්වය හමුවේ නවතා දැමීමට පියවර ගෙන තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන්ට හිමි රුපියල් 20,000 මාසික දීමනාව ලබා දීමට පියවර ගන්නා බවයි බලධාරීන් සදහන් කරන්නේ.
කළුතර දිස්ත්‍රික්කයෙ අගලවත්ත සහ පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල පිහිටි ගොරකගොඩ, බෙරගම, අගලවත්ත, දාපිලිගොඩ, කැකුලන්ද උතුර සහ බෙල්ලන ග්‍රාම නිලධාරි වසම හුදෙකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරනවා.
පවතින තත්වය හමුවේ නිරෝධායන රෙගුලාසි කඩ කිරීම හේතුවෙන් පානදුර අධිකරණ භුමියේ ගේට්ටුව අසල ආරක්ෂක මුරකුටියේ රාජකාරි කටයුතු සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියෙකු සහ සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරිනියකට නිරෝධායන රෙගුලාසි යටතේ නඩු පැවරිමට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර තිබෙනවා. ඒ එක් වතුර බෝතලයක් බෙදාගනිමින් දෙදෙනාම ජලය පානය කිරීම හේතුවෙන්…
මේ වනවිට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කොළඹ, ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල රෝගීන්ට අවශ්‍ය ඔෞෂධ තැපෑල ඔස්සේ බෙදා හැරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව පැවසුවේ, රෝහල්වල සායනවලින් ලැබෙන හා ඖෂධසැල්වලින් ලබාදෙන ඖෂධ එලෙස බෙදා හැරීමට කටයුතු කරන බවයි.
රාගම පොදු වෙළෙඳපොළ පරිශ්‍රයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. පොලිසිය පැවසුවේ, පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වු ආරවුලක් දුරදිග යාමෙන් එක් අයෙකු අනෙක් පුද්ගලයාට තියුණු ආයුධයකින් පහරදී ඇති බවයි. සිද්ධියෙන් බරපතල තුවාල ලැබු පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කෙරුණු පසු මියගොස් තිබෙනවා. එලෙස මියගියේ, කඳාන ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි අයෙක්. සිද්ධියට සම්බන්ධ […]
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇතිවේ. දිවයිනේ උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මඩකලපුව, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී 50 පමණ තද සුළං ඇතිවිය හැක.