මෙවර මහ මැතිවරණයේ වැඩිම ජන්ද දායකයින් පිරිසක් සුදුසුකම් ලබා ඇති බව එම දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරී වරයා සදහන් කරනවා. එම ගණන 17, 85,964 ක් ලෙස සදහන් වනවා. මෙවර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ජනතා නියෝජිතයින් 18 දෙනකු තෝරා පත් කර ගැනීමට නියමිතව තිබෙනවා. මේ අනුව ජන්ද මධ්‍යස්ථාන 1118 ජන්දය පැවැත්වෙන අතර ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් 693ක්. එමන්ම මේ අතර මැතිවරණ […]
මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළඳා මාලිගාවේ ඇසල පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහර අද (03) රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිත බව පැවසෙනවා. දළදා මාළිගාව අභියසින් දකුණු දිශාභිමුඛව රාත්‍රී 7.15 ට පිටත්වන පෙරහර දළඳා වීථිය, යටිනුවර වීථිය, කන්දේ වීථිය, ඩී.එස්. සේනානායක වීථිය ඔස්සේ ගමන් ගෙන රජවීථියෙන් ඉහළට විත් ගෙවදීමට නියමිතව තිබෙනවා.
මෙවර මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා. ඒ අනුව මැතිවරණය පැවැත්වෙන අගෝස්තු මස 05 වනදා දක්වා කාලය නිහඬ කාලයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙන බව මැතිවරණ කොමිසම සදහන් කරනවා. මෙම කාලය තුළ ප්‍රචාරණ කටයුතු වලින් වැලකි නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සහය දෙන්නනැයි සියලු අපේක්ෂකවරුන්ගෙන් හා ජනතාවගෙන් මැතිවරණ කොමිසම වැඩි දුරටත් ඉල්ලා සිටිනවා.
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2823 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ ඊයේ දිනයේ නව ආසාදිතයින් 8 දෙනෙකු සොයාගැනීමෙන් අනතුරුවයි. එයින් එක් පුද්ගලයෙකු ලංකාපුර වාර්තා වු ආසාදිතයාගේ ආශ්‍රිතයෙකු වන අතර අනෙක් 07දෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අය වනවා.
නිකිණි පුර පසළොස්වක පෝය දිනය අදට යෙදී තිබෙනවා. ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් නිකිණි පුර පසළොස්වක පොහොය දිනය මුල් කරගෙන සිදුව තිබෙනවා. මේ අතර ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම, ආනන්ද හිමියන් රහත් වීම, භික්ෂූන් වහන්සේ පසුවස් සමාදන් වීම ඇතුළු වැදගත් සිදුවීම් රැසක් සිදු වූ පොහොය දිනයක් ලෙස අද දිනය ලෝකවාසී බෞද්ධ ජනතාවට වැදගත් වනවා. මේ අනුව […]
දිවයිනේ සබරගමුව, බස්නාහිරසහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වලට මි.මී.50 ට වැඩි තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැකි අතර උතුරු මැද පළාතේ, පුත්තලම, හම්බන්තොට, මන්නාරම,ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවලසහමධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වල විටින් විටහමන පැ. කි. මි.60 දක්වා තද සුළං ඇති විය හැක. බේරුවල සිට ගාල්ල […]
කොළඹ වරාය සේවකයින්ගේ ගැටලුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ වරාය වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් අද (02) උදෑසන පැවැත්වීමට නියමිතව තිබෙනවා. ස්වාධීන වරාය සේවක සංගමයේ සභාපති ලාල් බංගමුව මහතා සඳහන් කළේ පෙරවරු 7.00ට තංගල්ල කාල්ටන් නිවසේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙන බවය. කොළඹ වරායේ වෘත්තීය සමිති 23ක් ඒකාබද්ධව මේ වන විට සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ. කොළඹ […]
මාරාන්තික කොරෝනා වෛරසයෙන් මේ වන විට ලොව පුරා මිය ගිය ගණන 682,800 ඉක්මවා ගොස් තිබෙනවා. වාර්තා වන ආසාදිත ගණන 17,752,332 ක්. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ අද උදැසන නිකුත් දත්ත අනුව මේ වන විට ලොව පුරා සුවය ලැබූ පිරිස 10,484, 442 ක් ලෙස වාර්තා වනවා.
මෙවර මහ මැතිවරණයේ ප්රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. මේ අනුව සියලු ආකාරයේ මැතිවරණ ප්රචාරක කටයුතු සිදු කිරීම තහනම් වනවා. මේ අනුව ප්රචාරක රැස්වීම් පැවැත්වීම, ඡන්ද ආයාචනය සඳහා ගෙයින් ගෙට යෑම, අත් පත්‍රිකා බෙදීම, නියෝජිත ශාඛා කාර්යාලවල ප්‍රචාරන පුවරු ප්‍රදර්ශනය කිරීම සහ පෝස්ටර්, දැන්වීම්, බැනර් ප්‍රදර්ශනය ඇතුළු ප්රචාරක කටයුතු සිදු කිරීම තහනම් වන බවයි. […]
දිවයිනේ සබරගමුව, බස්නාහිරසහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වලට මි.මී.100ක පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැක. වයඹ පළාතේවැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දකුණු පළාතේ, පොලොන්නරුව,මන්නාරම,ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවලසහමධ්‍යම […]
මෙවර මහ මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. ඒ අනුව, ප්රචාරක රැස්වීම් පැවැත්වීම, වතු රැස්වීම් හෝ නිවාස තුළ රැස්වීම් පැවැත්වීම, ඡන්ද ආයාචනය කිරීම සඳහා ගෙයින් ගෙට යෑම, අත් පත්‍රිකා බෙදීම, නියෝජිත ශාඛා කාර්යාලවල ප්‍රචාරණ පුවරු ප්‍රදර්ශනය කිරීම, සහ පෝස්ටර්, දැන්විම්, බැනර් ප්‍රදර්ශනය කිරීම තහනම් වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. […]
ලංකාපුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් හඳුනාගත් නව කොවිඩ් නයින්ටීන් ආසාදිත රෝගීයාගේ බිරිඳට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ. නිරෝධායන මධ්‍යස්ථානයක සිටින ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (31) තහවුරු වූ බව අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විශේෂඥ, වෛද්‍ය පී. සංජය මහතා පැවසුවේය. ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යව 2815 දෙනෙකු […]