මාරාන්තික කොරෝනා වෛරසයෙන් මේ වන විට ලොව පුරා මිය ගිය ගණන 682,800 ඉක්මවා ගොස් තිබෙනවා. වාර්තා වන ආසාදිත ගණන 17,752,332 ක්. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ අද උදැසන නිකුත් දත්ත අනුව මේ වන විට ලොව පුරා සුවය ලැබූ පිරිස 10,484, 442 ක් ලෙස වාර්තා වනවා.
මෙවර මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. මේ අනුව සියලු ආකාරයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීම තහනම් වනවා. මේ අනුව ප්‍රචාරක රැස්වීම් පැවැත්වීම, ඡන්ද ආයාචනය සඳහා ගෙයින් ගෙට යෑම, අත් පත්‍රිකා බෙදීම, නියෝජිත ශාඛා කාර්යාලවල ප්‍රචාරන පුවරු ප්‍රදර්ශනය කිරීම සහ පෝස්ටර්, දැන්වීම්, බැනර් ප්‍රදර්ශනය ඇතුළු ප්‍රචාරක කටයුතු සිදු කිරීම තහනම් වන බවයි. […]
දිවයිනේ සබරගමුව, බස්නාහිරසහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වලට මි.මී.100ක පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැක. වයඹ පළාතේවැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දකුණු පළාතේ, පොලොන්නරුව,මන්නාරම,ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවලසහමධ්‍යම […]
මෙවර මහ මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. ඒ අනුව, ප්‍රචාරක රැස්වීම් පැවැත්වීම, වතු රැස්වීම් හෝ නිවාස තුළ රැස්වීම් පැවැත්වීම, ඡන්ද ආයාචනය කිරීම සඳහා ගෙයින් ගෙට යෑම, අත් පත්‍රිකා බෙදීම, නියෝජිත ශාඛා කාර්යාලවල ප්‍රචාරණ පුවරු ප්‍රදර්ශනය කිරීම, සහ පෝස්ටර්, දැන්විම්, බැනර් ප්‍රදර්ශනය කිරීම තහනම් වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. […]
ලංකාපුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් හඳුනාගත් නව කොවිඩ් නයින්ටීන් ආසාදිත රෝගීයාගේ බිරිඳට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ. නිරෝධායන මධ්‍යස්ථානයක සිටින ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (31) තහවුරු වූ බව අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විශේෂඥ, වෛද්‍ය පී. සංජය මහතා පැවසුවේය. ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යව 2815 දෙනෙකු […]
පරිත්‍යාගයට හා සාමූහිකත්වයට මුල්තැන දෙමින් ලොවපුරා ඉස්ලාම් බැතිමත්හු අද හජ් උත්සවය සමරනු ලබනවා. අල්ලාහ් දෙවිඳුන්ගේ ශ්‍රේෂ්ඨත්වය සිහිපත් කරමින් සාමකාමී සහජීවනයේ උද්යෝගය වර්ධනය කර ගැනීම හජ් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කරනවා.
දිවයිනේ සබරගමුව, බස්නාහිරසහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවත් ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති බලපොරෝර්හ්ර්හු විය හැකින්බ්ව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්. එමෙන්ම සබරගමුවසහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක් පමණ […]
රාජාංගණය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ පනවා තිබූ සංචරණ සිමා පනවා තිබූ, ගම්මාන 05ක සංචරණ සීමා අද දින ඉවත් කර තිබෙනවා. රාජාංගණය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාසය තුළ ස්වයං නිරෝධායනය ලක් කළ පිරිසෙන් 90%ක් මේ වන විට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඇති බවද වෛද්‍ය තේජන සෝමතිලක මහතා වැඩිදුරටත් සඳහන් කළා.
මහනුවර ලෝකයේ වටිනාකම වැඩිම සංස්කෘතික නගරයක් බවට පත්කරන බවත් බෝගම්බර සිරගෙදර තිබූ ස්ථානයේ හෝටලයක් සැදීම පිළිබඳ ප්‍රචාර සම්පුර්ණයෙන්ම අසත්‍ය බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ පස්වරුවේ මහනුවර පැවති හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය වරයා සඳහන් කළේ බෝගම්බර හිරගෙදර හෝටලයක් ඉදිකරන බවට ඇතැමුන් ගෙනයන ප්‍රචාර සම්පුර්ණයෙන් අසත්‍ය බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කලේ දළඳා වහන්සේ […]
බ්‍රසීල ජනපති ආර්යා මිෂෙල් බෝල්සොනරෝ හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා කරන්නේ මේ වන විට ඇය ප්‍රතිකාර ලබමින් ස්වයං නිරෝධායනයට ලක්ව වෙසෙන බවයි. බ්‍රසීල ජනපතිවරයාට ද මීට පෙර කොරෝනා ආසාදනය වූ අතර ඔහු ද මෙලෙස හුදෙකලා වී ප්‍රතිකාර ගනු ලැබුවා. කෙසේ වෙතත් මේ වන විට ජනපතිවරයා කොරෝනා අසදානයනේ […]
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙවර ඇමෙරිකානු ජනපතිවරණය කල්දැමිය යුතු බව යෝජනවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ කොරෝනා වසංගතය පාලනය කිරීමට තවමත් එරට අපොහොසත් වීම හේතුවෙන්. කෙසේ වෙතත් එලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට ජනපතිවරණය කල් දැමීමට අමෙරිකානු ව්‍යවස්ථාව අනුව නොහැකි අතර එමෙන්ම එරට ඉතිහාසයේ කිසිදු ජනපතිවරණයක් මේ දක්වා කල් දමා නොමැත. එම ව්‍යවස්ථා විධිවිධාන අනුව ජනාධිපතිවරණය නොවැම්බර් […]
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා. ඒ, අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ය. රිෂාඩ් බදියුදීන් මහතා මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ප්‍රධාන කාර්යාලයේදී හා වව්නියාව කාර්යාලයේදී ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගත්බව පොලිස් මධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ ය. මේ අතර […]