පොළොන්නරුව, ලංකාපුර ප්‍රදේශයේ නිරෝධායනට ලක්කර ඇති පිරිස් වෙතින් ලබාගත් පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අද නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ, එම ප්‍රදේශයේ පුද්ගලයින් 325 දෙනෙකුගේ පමණ සෙම් පටල ලබාගෙන ඇති බවය. ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (30) හඳුනාගැණුනු අතර මීට […]
මාරාන්තික කොරෝනා වෛරසයෙන් මේ වන විට ලොව පුරා මිය ගිය ගණන 671,000 ඉක්මවා ගොස් තිබෙනවා. වාර්තා වන ආසාදිතයින් ගණන 17,210 , 767 ක් . තවමත ඇමෙරිකාව කොරෝනා වාර්තා අතර පෙරමුණ ගෙන සිටින අතර ඉදිරි දින කිහිපය තුල එරට වාර්තා වන මරණ ගණන ඉහල යෑමක් බලාපොරොත්තු විය හැකි බව එරට සෞඛ්‍ය අංශ අනතුරු අගවා තිබෙනවා.
ඇෆ්ගනිස්ථානයේ මෝටර් රථ බෝම්බ පිපිරීමකින් 17 දෙනෙකු මියගොස් තිබෙනවා. මිය ගිය අය අතර ළමුන් කිහිප දෙනෙක්ද වන බවයි එරට වාර්තා සදහන් කරන්නේ. සිද්ධිය පිලිබදව එරට ආරක්ෂක අංශ විමර්ශන සිදු කරන අතර ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙක් භාරගෙන නොමැත.
කොරෝනා වෛරසය හමුවේ වුවද සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් එක්සත් ආරබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත ඉන්දිය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලිය සදහා නව නීති සමුදායක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් හදුන්වා දී තිබෙනවා. එම නීති අතර තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයින් සියලු දෙනා සති දෙකක කාලයක් නිරෝධායනය වී තිබීම අවශ්‍ය බවත් ප්‍රේක්ෂකයින් මෙම තරග නැරඹිම ක්‍රීඩාංගන වලට […]
කොරෝනා වෛරසය හමුවේ තාවකාලිකව නවතා දමා තිබු විදේශයන්හි රැඳී සිටින ශී‍්‍ර ලාංකිකයන් යළි දිවයිනට ගෙන්වා ගැනීම අද සිට යළි ආරම්භ කර තිබෙනවා. මේ අනුව අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සහ අබුඩාබිවල සිටින ශී‍්‍ර ලාංකිකයින් පිරිසක් ගෙන්වා ගැනීමට නියමිත බව විදේශ සබඳතා පිළිබද ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සදහන් කළා.
හිටපු CID අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අද උදෑසන කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ විමර්ශනයකට අදාලව සාක්ෂි සැගවිමේ චෝදනා මතයි.
දිවයිනේ දකුණු සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලටත් මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලටත් පැ.කි.මී. 60 – 70 ඉක්මවූ දක්වා තද සුළං තත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වෙනවා. එමෙන්ම දිවයිනේ දකුණු පළාතේ ඇතැම් ස්ථානවලට තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන්.
මෙරට කොරෝනා ආසාදනය වූ තවත් ආසාදිතයින් දෙදෙනෙකු හදුනාගෙන තිබෙනවා. මේ අනුව මෙරට දී හමු වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2814ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අසල්වැසි ඉන්දියාව මේ වන විට කොරෝනා වෛරසයෙන් පිඩාවට පත්ව සිටින ලොව අන් රටවල් අතර ඉදිරියෙන් පසුවෙනවා. එරට වාර්තා වන ආසාදිතයින් ගණන මිලියන 1.58ක්. මේ හේතුවෙන් ඉන්දියාවේ කොරෝනා වසංගතයෙන් පිඩාවට පත්ව සිටින ජනතාවට සහනයක් වීමේ බලාපොරොත්තුවෙන් ප්‍රංශ විසින් ඉන්දියාවට යුරෝ මිලියන 200 ක වටිනාකමකින් යුතු වෛද්‍යාධාර තොගයක් පරිත්‍යාග කර තිබෙනවා. එම ආධාර අතර ශ්වසන ආධාරක යන්ත්‍ර […]
සදාචාරසම්පන්න මාධ්‍ය කලාවක් මෙරටට හදුන්වාදීමේ පුරෝගාම්යකු බවට පත්වු වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය මෙරට මාධ්‍ය කේෂ්ත්‍රය තුළ සුවිශේෂි සලකුණු රැසක් තබා ජන හදවත් තුල ආදරණිය මෙන්ම වගකීම් සහිත විශ්වසනීය මාධ්‍ය ආයතනයක් ලෙස ප්‍රචලිත වි අවසන්. අප මෙම පැම්ණි ගමන තුළ විවිධ බාධා කරදර සහ නොයෙකුත් හැලහැප්පීම් වැටීම් මෙන්ම නැගිට්මිද තිබු වාර අනන්තයි. ඒ අතරේ පසුගිය […]
ඔස්ට්‍ර්ලියාවේ දෙවන වැඩිම ජනගහනයක් වෙසෙන වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් අද දිනයේ එම ප්‍රාන්තයෙන් නව ආසාදිතයින් 700 ක් හදුනාගෙන ඇති බව වාර්තා වෙනවා. වාර්තා වන මරණ ගණන 13 ක්. මෙම ගණන එම ප්‍රාන්තයේ දැනට වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන වන අතර විශ්ශයෙන්ම වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන ආශ්‍රිතව මෙම ආසාදිතයින් හදුනාගෙන තිබෙනවා. මේ අනුව තවදුරටත් එම […]
පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට කරන ලද PCR පරීක්ෂණය තුලින් තහවුරු වී තිබෙනවා. මේ අනුව එම පුද්ගලයා ආගිය තැන් හා ඔහු ඇසුරු කල පුද්ගලයින් සොයා පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මකයි.