ශී‍්‍ර ලංකාවෙන් තවත් කොරෝනා ආසාධිතයින් 10 දෙනෙකු හදුනාගෙන් තිබෙනවා. ඒ අනුව මේ වන විට දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 142 දක්වා ඉහළගොස් තිබෙනවා.
කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතිනවා. සෙසු සියළු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරී නීතිය හෙට (අප්‍රේල් 01 බදාදා) උදෑසන 6.00 ට ඉවත් කොට දහවල් 2.00ට යළි පනවනු ලැබේ. අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් […]
දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව අද පස්වරු 4.15 වන විට 132 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
නව කොරෝනා වෛරසය වැළදුණු පුද්ගලයින් සංඛ්‍යාව 129 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද (31) දිනයේ මේ වන විට කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වූ පුද්ගලයින් 07 දෙනෙක් හඳුනා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.
දියඹ මුහුදේ සිදුකළ මෙහෙයුමකින් රුපියල් මිලියන දස දහසකට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා. අයිස් නම් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500ක් සහ කොකේන් කිලෝග්‍රෑම් 500ක් ඇතුළු මත්ද්‍රව්‍ය මෙලෙස සොයා ගැනීමට නාවික හමුදාව සමත් වූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කළා.
තවත් කොරෝනා රොගීන් දෙදෙනෙක් අද (31) සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා. මේ අතර මෙරටින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින්ගේ ගණන 122 දක්වා ඉහළ ගියේ අලුතින් ආසාදිතයන් පස් දෙනකු වාර්තා වීමත් සමඟයි. ඒ අනුව මේ වන විට ආසාදිතයන් 16 දෙනකු පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති අතර රෝහල් ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන් ගණන […]
මෙරටින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින්ගේ ගණන 122 දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් ආසාදිතයන් 14 දෙනකු පූර්ණ සුවය ලබා පිටව ගියේය. ඒ අනුව රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන් ගණන 107 ක්. කොරෝනා ආසාදනය වී ඇතැයි සැක පිට පුද්ගලයන් 104 දෙනකු මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව සිටී.
මේ දක්වා කොරෝනා බවට සැක කෙරෙන රෝගීන්ගේ සාම්පල 1600ක් පමණ මේ වන විට පරීක්ෂා කර ඇති බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය සදහන් කරනවා. ඉන් කොරෝනා ආසාදිතයින් බව තහවුරු වී ඇත්තේ සුළු පිරිසක් බවයි මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක් වූ එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේ.
පවතින තත්ත්වය යටතේ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශිය ලේකම්වරුන් වෙත බලය පැවරීමට රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය කටයුතු කර තිබේ. එමෙන්ම ඖෂධ නිවෙස්වලටම බෙදාහැරීමේ වැඩසටහන යටතේ ප්‍රදේශ කිහිපයක රෝගී ජනතාව වෙත ඖෂධ ගෙන ගොස් භාරදීමද මේ වනවිට ක්‍රියාත්මකයි. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ […]
ඇදිරි නීතිය උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් පුද්ගලයින් 7358 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය සදහන් කළා. පසුගිය 20 වන දින සිට අද (31) පෙරවරු 6 දක්වා කාලය තුළ මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. එම කාලය තුළ පොලිස් භාරයට ගත් රථවාහන සංඛ්‍යාව 1643ක් බව පොලිස් මුලස්ථානය පැවසුවා. ඊයේ උදෑසන 6 සිට අද පෙරවරු […]
කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ජපානයෙන් පරිත්‍යාග කෙරුණු ‘ඇවිගන්’ නමැති ඖෂධ පෙති 5000 ක් මෙරටට ලැබී ඇතැයි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පවසයි. එහි සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ, ඉදිරියේදී අවශ්‍යතාව මත එය රෝහල් වෙත යොමු කෙරෙන බවයි.
නව කොරෝනා ව්‍යාප්තියෙන් ලොව පුරා සිදුවූ සමස්ත මරණ ගණන 37,500 ද ඉක්මවා ගොස් තිබේ.මේ අතර ප්‍රකාශයක් නිකුත් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ, අමෙරිකාව මේ වනවිට වෛරස ව්‍යාප්තියේ උපරිමයට ළගාවී ඇති නමුත් තත්ත්වය පාලනය කරමින් සිටින බවයි. කෙසේ නමුත් කොරෝනා ව්‍යාප්තියේ වැඩි බලපෑමට ලක්වු නිව්යොර්ක්හි ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පවසන්නේ, වෛරස ව්‍යාප්තිය පාලනය කිරිම සදහා තවත් සහය […]