අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් රට පුරා හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ, ධවල මන්දිරයේ රෝස් ගාඩ්න්හි සිට විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින්. කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය අමෙරිකාව පුරා ව්‍යාප්තව ගොස් ඇති පසුබිමක් තුළ ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් මෙලෙස රටපුරා හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව කොරෝනා මර්ධන වැඩපිළිවෙළ සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 50 […]
ජාතික චිත්‍රපට සංසස්ථාව යටතේ ඇති සියලුම සිනමාහල් අද (14) සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට රජය තීරණය කර තිබෙනවා. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම තීරණයට එළඹ ඇති බව සදහන්.
කොරෝනා වෛරස් ආසාධිත තවත් රෝගීන් තුන් දෙනෙකු අලුතින් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා පවසනවා. එක් අයෙකු අවුරුදු 41ක් වන පුද්ගලයෙක් වන අතර ඔහු මෑතකදී ජර්මනියේ සංචාරය කර පැමිණි අයෙක්. ඔහු දැනට අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබනවා. අනෙක් පුද්ගලයා අවුරුදු 37ක අයෙක්. ඔහු ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවූ පිරිසෙන් අයෙක් […]
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය පිලිබද අද දවසේ වාර්තා වූ පුවත් සංක්‍ෂිප්තය පහතින්.
ඉතාලියේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකික කාන්තාව සම්පූර්ණ සුවය ලබා ප්‍රතිකාර ලබමින් සිටි රෝහලෙන් පිටව සිය නිවස වෙත ගොස් ඇති බව වාර්තා වනවා. ඇය ඉතාලියේ බ්‍රේෂියා හි රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියා. 46 හැවිරිදි කාන්තාවකට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී සිටි අතර ඇය කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය […]
නව කොරෝනා වෛරස් අවධානම හමුවේ ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය කල් දමා තිබෙනවා. ශ්‍රී ලංකා බළධාරීන් සමග සාකච්ඡා කර මෙම තීරණය ගත් බව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කල නිවේදනයේ සදහන්. දැනට ශ්‍රී ලංකාවේ සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් හැකි ඉක්මණින් එංගලන්තයට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවද එම නිවේදනයේ සදහන්. පවතින තත්වය යහපත් […]
දිවයින පුරා සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සහ ගුරු විද්‍යාල සඳහා මාර්තු 16 වැනි සඳුදා දින සිට මාර්තු 29 තෙක් සති දෙකක් නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නැවත මෙම ආයතනයන්හි අධ්‍යයන කටයුතු මාර්තු මස 30 දින සිට ආරම්භ කිරීමට නියමිතයි. ලොව පුරා පැතිර යන කොරෝනා රෝග තත්ත්වය හමුවේ සිසුන් සහ අනෙකුත් ප්‍රජාවගේ සෞඛ්‍යාරක්ෂාව කෙරෙහි […]
මඩකලපුව ශික්ෂණ රෝහලේ ඉදිරිපිට උද්ඝෝෂණය කල තරුණයින් පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද(13)දහවල් මෙම තරුණයින් රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වී ඇති අතර කෙරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයෙකු රෝහලට ඇතුළත් කළ බව පවසමින් ඔවුන් මෙලෙස උද්ඝෝෂණයේ නිරත වූ බව සදහන්. උණ රෝගය වැළඳුනු පුද්ගලයෙක් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ ඇති අතර, එයට විරෝධය පළ කරමින් මොවුන් […]
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ඉන්දීය පී‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලිය ලබන අපේ‍්‍රල් 15 දක්වා කල්දමා තිබෙනවා. අයි.පී.එල් තරගාවලිය මාර්තු 29 වනදා ආරම්භ වීමට නියමිතව තිබුණා.
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණ තිබෙනවා. අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන්ට අද පස්වරු 4 ට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා. එසේ අධිකරණය හමුවේ […]
ලොව පුරා ව්‍යාප්ත වන කොරෝනා තත්ත්වය පාලනය වන තුරු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශගත කිරීම සඳහා අනුමැතිය ලබා නොදීමට විදේශසේවා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබෙනවා. ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයට එරෙහි ආරක්ෂිත පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති බව සදහන්. ඒ අනුව එම තත්ත්වය සැලකිය යුතු මට්ටමකට පාලනය වන තුරු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශගත […]
රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරනවා.