කොරෝනා වෛරසය පිළිබඳව ව්‍යාජ හෝ ගොතන ලද තොරතුරු බෙදා හරින්නන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කළා. ඒ අනුව, එවැනි තොරතුරු බෙදා හැරීම සහ බෙදා ගැනීම සඳහා සමාජ මාධ්‍ය ඇතුළු සියලු ආකාරයේ විදුලි සංදේශ සේවා අනිසි ලෙස භාවිත කිරීමෙන් වළකින ලෙස එම කොමිෂන් සභාව, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනතාවට දැනුම් දී […]
තායි එයාර්වේස් ගුවන් සමාගම ශ්‍රී ලංකාව වෙත සිය ගුවන් ගමන් මෙම මස අවසානය දක්වා තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
මාරාන්තික කොරෝනා වෛරසයේ ආරම්භය සිදු වූ බවට සැලකෙන හුබේ පළාතේ වුහාන් නගරයට මෙම වෛරසය පැමිණියේ අමෙරිකානු හමුදා භටයන්ගේ මාර්ගයෙන් චීන රජයේ ප්‍රකාශකයෙක් චෝදනා කර තිබෙනවා. එමෙන්ම අමෙරිකාව තුළ වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ සත්‍ය තොරතුරු ප්‍රකාශ නොකරන බවද ඔහු මෙහි දී චෝදනා කර තිබුණා.
චීනයෙන් පිටත නව කොරෝනා වෛරසයේ වැඩිම බලපෑම ඉතාලියට එල්ල වී තිබෙනවා. ඉතාලිය තුළ මේ වන විට වෛරසය ආසාදනයෙන් මියගිය සංඛ්‍යාව 1,016 ක් වන අතර ආසාදිතයන් පහළොස්දහස් එකසිය දහතුන් දෙනෙකු වාර්තා වුණා. ගතවූ පැය 24 තුළදී ඉතාලියෙන් නව කොරෝනා මරණ 189ක් වාර්තාවී ඇති අතර එරටින් දිනක් තුළදි වාර්තාවූ වැඩිම මරණ සංඛ්‍යාව මෙය වනවා. මැදපෙරදිග කලාපය තුළ […]
දිවයිනේ සියලු පෙරපාසල් අද (13) සිට නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට තීරණය කළ බව කාන්තා හා ළමා කටයුතු කාර්යාංශය සදහන් කළා.
රටේ දැනට කි‍්‍රයාත්මක වන තත්වය සැලකිල්ලට ගනිමින් සහ කොරෝනා තර්ජනය අවම කර ගැනීමට සිදු කරනු ලබන කටයුතු සදහා සහයෝගිත්වය ලබා දීමේ අරමුණින් අද දිනයේ සවස 05 ට පිලියන්දල නගර මධ්‍යයේ පැවැත්වීමට සුදානම් කර තිබු සියත ගොඩයන ලක්ෂයේ් ප්‍රවර්ධන වැඩසටහන අවලංගු කිරීමට සිදුව තිබෙනවා. සිය දහස් ගණනින් පිරිස එක්රැුස් වන මෙවැනි කටයුත්තක් මෙම වාතාවරණය යටතේ සිදුකල […]
විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුවෙකුට සරසවියේ උත්සවයක් අතරතුර බරපතළ තුවාල ලැබීමේ සිද්ධිය ඇතුළු කාරණා කිහිපයක් මුල් කර ගනිමින් ජ’පුර සරසවියේ සිසුන් 15 කට තාවකාලික පන්ති තහනමක් පනවා ඇති බව විනයාධිකාරී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ මහතා සඳහන් කළා.
මෙරටින් හඳුනාගත් නව කොරෝනා වෛරසය ආසාදිත දෙවන ශ්‍රී ලාංකිකයාගේ පවුලේ සාමාජිකයින් වෛද්‍ය පරීක්ෂණ සඳහා අයි.ඩී.එච්. රෝහලට ඇතුලත් කර තිබෙනවා. එම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් 8 දෙනෙකු ඊයේ රාත්‍රියේ අයි.ඩී.එච්. රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වනවා. කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අදාල පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ දිනයේ තහවුරු වූ අතර ඔහු මේ වන […]
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන්ට අද(13) පස්වරු 4.00 ට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය. එසේ අධිකරණය හමුවේ ඉදිරිපත් වන සැකකරුවන් සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් නොකරන ලෙසද අභියාචනාධිකරණය විසින් කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත නියෝග කරනු ලැබුවේය. එසේ අද පස්වරු 4.00 […]
සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන සමගි ජනබලවේගයේ ඡන්ද ලකුණ එළිදැක්වීම ඊයේ පස්වරුවේ එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. ඒ බත්තරමුල්ලේදී පැවැත්වූ විශේෂ උත්සවයකදීයි. එහිදි කුමාර වෙල්ගම මහතා නායකත්වය ලබාදෙන නව ලංකා නිදහස් පක්ෂයද සමගි ජන බලවේගය සමග සන්ධාන ගත වුණා. සමගි ජන බලවේගය සිය ඡන්ද ලකුණ වන දුරකථනය ලාංඡනය ජනගත කිරීම එහි නායක සජිත් […]
හෙට (14) දිනයේ සිට සති දෙකක කාලයක් සියලුම විශ්වවිද්‍යාල වසා දැමීමට කටයුතු කරන බව විශ්වවිද්‍යාල ප්රතිපදාන කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසනවා. රජයේ සියලුම පාසල් ද අද දිනයේ සිට වසා දැමීමට ඊයේ රජය තීරණය කළා. එසේම දිවයිනේ සියලුම බෞද්ධ දහම් පාසල් ද අප්‍රේල් මස 26 වනදා දක්වා වසා තැබීමට තීරණය කළ අතර සියලුම පෞද්ගලික සහ අගරදගුරු යටතේ […]
අප්‍රිකාවේ ඝානා හා ගැබොන් යන රාජ්‍යවලින් පළමු වරට කොවිඩ් 19 ආසාදිත රෝගීන් හමු වී තිබෙනවා. තුර්කියේ හා නෝර්වේ සිට ඝානාවට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුටත් ප්‍රංශයේ සිට ගැබොන් වෙත පැමිණි පුද්ගලයෙකුටත් මෙලෙස කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයට ගොදුරු වී තිබෙනවා.