මාරාන්තික කොරෝනා වෛරසයෙන් මේ වන විට මියගිය ගණන 4718 ඉහල තිබෙනවා. මේ වන විට ලොව පුරා රටවල් 125 කට මෙම වෛරසය පැතිර ගොස් තිබෙන බවයි පැවසෙන්නේ. සමස්ත ආසාදිතයන් ගණන 127 000 ඉක්මවා තිබෙනවා. මේ වන විට චීනය තුළ වෛරසය පැතිරයාමේ උච්චතම අවස්ථාව සිය රටෙන් ඉවත්ව ගොස් ඇති බව චීනය බලධාරීන් නිලවශයෙන් සදහන් කල අතර ඉතාලිය […]
රජයේ පාසල් නිවාඩුවට සමගාමිව බස්නාහිර පළාතේ සියලු පෙර පාසල් අප්‍රේල් 04 දක්වා වසා දැමීමට පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව තීරණය කර තිබෙනවා.
චීනය රජය විසින් කොරෝනා වෛරස් පරීක්ෂණ කට්ටල 1,000ක් සහ මුහුණු ආවරණ 50,000ක් ශ්‍රී ලංකා රජයට පරිත්‍යාග කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසනවා. කොරෝනා වෛරස් තත්ත්වය ශ්‍රී ලංකාව තුල ඉදිරියේ දී ව්‍යාප්ත වුවහොත් එම තත්ත්වය මැඩපැවැත්වීම සදහා චීන රජයේ පුර්ණ සහයෝගය ලබාදීමට චීන රජය කැමැත්තෙන් සිටින බව ඊයේ ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යවරිය සහ ශ්‍රී […]
දිවයිනේ රජයේ සහ පුද්ගලික පාසල් ඇතුළු සියලු පාසල් අද සිට වසා දැමීමට ඊයේ අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළා. ඒ කොරෝනා වෛරසය පැතිර යාම පාලනය කිරීමේ අරමුණෙන්. ඒ අනුව අද දිනයේ සිට අප්‍රේල් මස 20 වනදා දක්වා පාසල් නිවාඩුව පැවැත්වෙනු ඇති.
කොවිඩ් 19- නව කොරෝනා වෛරසය මෙරට තුල ඇතිව තිබෙන තත්වය සැලකිල්ලට ගෙන විශේෂයෙන්ම ආසාදනය වූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු හමුවීමත් සමග ඒ පිලිබදව රජය දැඩි අවධානය සිදු කර තිබෙනවා. ඒ අනුව රජය විසින් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ නිවැරදි තොරතුරු ලබාදීමට කටයුතු කරන බවත් ජනතාව අනිසි බියක් මේ පිලිබදව ඇති කර නොගන්නා බවට රජය අවධාරණය කර […]
කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය වේගයෙන් ව්‍යාප්තවන රටවල් වල සිට එනම්, දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානය වැනි රටවලින් මෙරටට පැමිනි පුද්ගලයින් නිරෝධායනය මේ වනවිට මධ්‍යස්ථාන තුනකදී සිදු කෙරෙන බව යුද හමුදාව සදහන් කරනවා. එමෙන්ම යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩි දුරටත් පැවසුවේ තවත් නිරෝධායන මධ්‍යස්ථාන 2 ක් අද සිට පිහිටුවන බවයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පොලිස් වසමට අයත් යව 3.6 L කණුව අසල සුඛෝපබෝගී බස් රථයක් හදිසි ගිනි ගැනීමකට ලක්ව ඇති බව පොලීසිය සදහන් කරනවා. මාකුඹුර සිට ගාල්ල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මෙලෙස ගිනි ගෙන ඇති බව පොලිසිය වැඩි දුරටත් සදහන් කරනවා. මේ වන විට ගින්න සම්පූර්ණයෙන් සම්පූර්ණයෙන් මැඩ පවත්වා ඇති බව පොලිස් විශේෂ […]
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා. ඒ ඊයේ පස්වරුවේ රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ගත් තීරණයට අනුවයි.
පවතින තත්වය පාලනය කරගැනීමට ද කොරියාව ,ඉතාලිය , ඉරානයෙන් පැමිනෙන සියලු දෙනා ට සති දෙකක් ලංකාවට ඇතුළු වීම තහනම් කර ඇති බව වාර්තා වෙනවා.
කැනඩා අගමැති බිරිඳ ට කොරෝනා වැලදී ඇති බව තහවුරු වී තිබෙනවා. අමරිකානු ජනාධිපති පසුගියදා හමුවී සාකච්ඡාව ක් පවත්වනු ලැබූ මෙක්සිකෝවේ ජනපති මාධ්‍ය අධ්‍යක්ෂටත් කොරෝනා වැලදී තිබෙන අතර ඒ අනුව ට්‍රම්ප් ජනපතිටත් කොරෝනා අවදානමක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂය හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය සමඟ එක්ව තිබෙනවා.
පාකිස්ථානයෙන් ගෙන්වන ලද අල කන්ටේනරයක අල ගෙඩි ලෙස ව්‍යාජ ලෙස අසුරා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 75ක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.