චීනයේ වූහාන් ප‍්‍රාන්තයේ සිට මෙරටට පැමිණ දියතලවා හමුදා කදවුරේ රැුදී සිටි පිරිස අද අකුරේගොඩ යුධ හමුදා මුලස්ථානය රැුගෙන ඒමට නියමිතයි. යුද හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී, ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමු වීමෙන් අනතුරුව ඔවුන්ට නිවෙස් බලා යාමට අවසර ලබා දෙනු ඇතී. ඔවුන්ට කිසිදු ආසාදන තත්වයක් නොමැති බව මේ දක්වා සිදු කල පරීක්ෂණ වලදී අණාවරණය වී […]
රජයේ බදු සහන ප්‍රතිලාභය ජනතාවට ලබාදීමේ අරමුණින් භාණ්ඩ 18,000 කට අධික සංඛ්‍යාවක මිල අඩු කිරීම සඳහා පියවර ගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. භාණ්ඩ මිල අඩු කිරීම් සම්බන්ධයෙන් භාණ්ඩ නිෂ්පාදන සමාගම් සහ ආයතන 700ක ගෙන් පමණ ඒ සම්බන්ධයෙන් ලිඛිතව විමසීමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇති බව එම අධිකාරිය සඳහන් කළා. බදු සහනය ලබාදීමට […]
පාස්කු ඉරුදින ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉල්හාම් අහමඩ් නමැත්තාගේ පියා ඇතුළු සැකකරුවන් හය දෙනකු ලබන 28 වන දා තෙක් යළි රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද අදාළ බෝම්බකරුගේ පියා වන මොහොමඩ් හයාතු මොහොමඩ් ඊබ්‍රහිම් ඇතුළු සැකකරුවන් හය දෙනෙකු අද(14) කොළඹ […]
මාන්කූලම් රෝහල් භූමියේ අලුතින් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා භූමිය සකස් කිරීමට කැනීම් කටයුතු වල නිරත සේවකයින්ට එම භූමියේ තිබී හමු වූ අස්ථි කොටස් කිලිනොච්චිය රෝහලේ විශේෂඥ වෛද්‍යරයා විසින් නිරීක්ෂණය කළ අතර එම අස්ථි කොටස් වසර 20කට වඩා පැරණි බවට නිගමනය කෙරුණා. පසුගිය 07 වැනිදා මාන්කුලම් පොලිස් ස්ථානය වෙත මාන්කුලම් රජයේ රෝහල් වෛද්‍ය නිළධාරියෙකු විසින් මෙසේ රෝහල් […]
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද(14) උදෑසන කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයේ දී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලැබු විමර්ශනයකට අදාළව ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. උදයංග වීරතුංග මහතා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට […]
ගුවන්විදුලි නාලිකාවක වගකිම රටේ භෂාව පෝෂණය කිරීම බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කොළඹ ඊයේ(13) පස්වරුවේ පැවති උත්සවයකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙල ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ අතර ගුවන්විදුලි නාලිකාවල සංවරකම මීට වඩා යහපත් විය යුතු බව අද ජනතාව විසින් පවසන බව අග්‍රාමාත්‍ය මෙහිදී […]
රටවල් රැසකට පැතිරිගිය කොවිඩ් නයින්ටීන් රෝගයෙන් මියගිය සංඛ්‍යාව 1486 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර වෛරසය ව්‍යාප්තියේ සහ මරණ අනුපාතයේ සැළකිය යුතු වෙනසක් අදවන විට සිදුවී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. රටවල් 28ක් ගොදුරු කරගත් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව අදවන විට 65000 ඉක්මවා තිබෙනවා. රෝගය හේතුවෙන් දිවි අහිමිවූ සංඛ්‍යාව 1486කි. කෙසේ […]
අගමැති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ඉන්දියාවේ පළමු නිල සංචාරයේ නිරත වුන අතර එහිදී එතුමා ඇතුළු ධුත පිරිස සමග ගිය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාද එක්වුන අතර ඒ අනුව ඉන්දීය සංචාරය පිලිබදව ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කලේ කවදාවත් නොලැබුණු විශේෂ පිළිගැනීමක් සහ ප්‍රතිලාභ රැසක් මෙම සංචාරයේදී රටට හිමිවුණ බවයි. විශේෂයෙන්ම […]
රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අද අලුයම ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර මේ වන විට ඒ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වෙනවා.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව සබරගමුව, බස්නාහිර ඇතුළු පළාත්වල ඇතැම් ප්‍රදේශ වලට සවස 02 න් පසු තැනින් තැන මිලිමීටර 50 ඉක්ම වූ වැසි අපේක්ෂා කල හැකි බව එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.
තරගකාරී විභාග මූලික කරගත් අධ්‍යාපනික ක්‍රමය හේතුවෙන් මෙරට දරු පරපුරට දහම් අධ්‍යාපනය මෙන්ම නිදහස ද අහිමි වී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළා. සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ භික්ෂූන් වහන්සේ සමඟ ඊයේ පැවැති හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවා. ඉරුදින සහ පොහොය දින උපකාරක පන්ති පැවැත්වීම තුළින් දහම් පාසල්වලට දරුවන්ගේ පැමිණීමේ ශීඝ්‍ර ලෙස අඩුවන […]
ඉස්ලාම්බාද් අගනුවර වැලන්ටයින් දින සැමරුම් උත්සව පැවැත්වීම පාකිස්ථාන අධිකරණයක් තහනම් කර තිබෙනවා. වැලන්ටයින් හෙවත් ආදරවන්තයින්ගේ දිනය සැමරීම මුස්ලිම් සංස්කෘතියේ කොටසක් නොවන බවට ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් අදාළ තහනම් නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වනවා. ඒ අනුව ඉස්ලාම්බාද් අගනුවර වැලන්ටයින් දිනය හා සම්බන්ධ සැමරුම් කිසිවක් පොදු ස්ථාන තුළ පැවැත්වීමට නොහැකි බව […]