කොරෝනා වෛරසය ආසාදිත වූ මාස 04ක් වයසැති බිළිඳෙකු සුවය ලැබූ පුවතක් චීන මාධ්‍ය අද වාර්තා කළා. මව්පියන්ට වෛරසය ආසාදනය වී නොතිබුණු අතර බිළිඳා වෛරසයට ගොදුරුව තිබුණේ වයස මාස 03ක්ව තිබියදීයී. මාසයක කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ දරුවා හයිනැන් පළාතේ සුවය ලැබූ ළාබාලතම දැරිය ලෙස වාර්තා අතරට එක්වෙමින් රෝහලෙන් නික්ම ගොස් තිබෙනවා. මේ අතර ආසාදිත මවක විසින් […]
එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ වී තිබූ ජාතික හෙළ උරුමය, මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ ප්රගතිශීලී පෙරමුණ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවා ඇති සමගි ජාතික පෙරමුණ හා එක්ව තිබෙනවා. වත්මන් ආණ්ඩුවට එරෙහිව පුළුල්ම ජනතා බලවේගය නිර්මාණය කිරීමේ අරමුණින් ඔවුන් නව පක්ෂය සමග එක්වූ බව එම පක්ෂ නායකයන් ඒකාබද්ධව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
අනුරාධපුර ජේතවනාරාම දාගැබ තුන් දිශාවකින් ඉරි තැලීම වර්තමානයේදී ඇතිවූ තත්ත්වයක් නොවන බව හෙළිව තිබෙනවා. වසර කිහිපයකට පෙර අකුණු වැදීමකින් සිදුවූ හානි වීමක් සඳහා ගැල්වූ බදාම දියවීම හේතුවෙන් අදාළ හානිවීම් නැවත දිස්වීමක් වී ඇති බව සදහන්. එම අකුණු සැර වැදීම හේතුවෙන් ගර්භය තුළට ජලය වැටීම වැළැක්වීම සඳහා වර්ෂා කාලය එළඹීමට ප්‍රථම තාවකාලිකව විශේෂ බදාමයක් යෙදීමට කටයුතු […]
කඩොලාන පරිසරයක් කපා දමා ක්‍රීඩාංගණයක් සාදා දෙන ලෙස මීගමුව, මුන්නක්කරේ ධීවර කමිටු රැස්වීමේදී ඉදිරිපත් වූ යෝජනාවට එරෙහිව අදහස් දැක්වූ වනජීවි නිලධාරිණි දේවානි ජයතිලක වෙනුවෙන් තමන් පෙනී සිටින බව තිරසර හා වනජිවී, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා පවසනවා. කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියාසිටියේ අදාළ නිලධාරිණිය එම අවස්ථාවේ නිවැරදිව කටයුතු […]
කොවිඩ් – 19 හෙවත් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිදුකරන ලද පරීක්ෂණ වාර්තාවල නිරවද්‍යතාව, හොංකොං රාජ්‍යයද තහවුරු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. කොරෝනා වෛරසය ආසාදනය වී සිටියදී මෙරටින් හමුවූ චීන ජාතික කාන්තාවගේ ජෛව සාම්පල හොංකොං රාජ්‍යයට යොමුකළ අතර, එම වෛද්‍ය වාර්තාවලින් ද ඇයට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී […]
ශ්‍රී ලංකාවේ තුර්කියේ නව තානාපතිවරිය ඩෙමෙට් සේකර්සියොග්ලු (Demet Sekercioglu) සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (12) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදි පැවැත්විණා. ආර්ථික කටයතු, සංස්කෘතිය, අධ්‍යාපනය දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා ඇතුළු අංශ ගණනාවක් තවදුරටත් ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. මෙම සාකච්ඡාවේදි තුර්කියේ නව තානාපතිවරිය සඳහන් කර සිටියේ දෙරට අතර සබඳතා වැඩිදියුණු කළ […]
බිංගිරිය ප්‍රදේශයේ රජයේ විදුහලක විදුහල්පතිනියක් සිදුකළ පහරදීමකින් සිසුවියකගේ ඇසක් නොපෙනියාමේ සිදුවීමක් සම්බන්ධයෙන් ගම්වැසියන් පිරිසක් අද (12) විරෝධතාවයක නිරත වුනා. පසුගිය 03 වැනි දින පාසල් කාලය තුළ මේ පහර දීම සිදුව ඇති අතර මෙලෙස ඇසක පෙනීම අහිමිව ඇත්තේ බිංගිරිය බෝවත්ත කඩිගමුව ග්‍රාමයේ ජිවත් වන නෙත්මි සමදරා නමැති සිසුවියගේයි. 12 හැවිරිදි මෙම සිසුවිය විද්‍යාලයේ නිවාසාන්තර තරගයේ නරඹන්නියක් […]
බ්‍රිතාන්‍ය බන්ධනාගාරයක රැඳවියන් දෙදෙනෙකුට “කොවිඩ්නයින්ටීන්” හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. රැඳවියන් දහසකට අධික පිරිසක් රැඳී සිටින අදාල බන්ධනාගාරයේ එක් කුටියක සිටි රැඳවියන් දෙදෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බව සදහන්. ඉන් එක් රැඳවියෙකු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් තායිලන්තයේදී අත්අඩංගුවට ගෙන මීට සති දෙකකට පමණ පෙර බ්‍රිතාන්‍යයට පිටුවහල් කළ අයෙකු වන අතර […]
පිබිදෙන්නට වෙර දරණ අපූරු පාසලක් පිලිබද පුවතක් මාපලගම – ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා. මාපලගම කොට්ඨාසයේ ගාල්ල ගෝනලගොඩ විජයබාහු විද්‍යාලයේ ඉගෙනුම ලබන්නේ සිසුන් 18 දෙනෙකු පමණයි. එහෙත් එම දරුවන් 18 දෙනා වෙනුවෙන් විද්‍යාලයේ විදුහල්පති රවී ලියනගේ මහතා සහ එම විදුහලේ සේවය කරන ගුරු මණ්ඩලය එකතුව මෙම විද්‍යාලයේ නිවාසාන්තර කී‍්‍රඩා උත්සවයක් පවත්වා තිබෙනවා. එම උත්සවයේ ඡායාරූප කිහිපයක් […]
හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ දියණිය වන ධරණි සිරිසේන අද අලුත්කඩේ උසාවි සංකීර්ණයේදී නීතිඥවරියක් ලෙස දිවුරුම් දී තිබෙනවා. මේ පිලිබද හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සිය ෆේස් බුක් ගිණුමේ මෙවැනි සටහනක් පළ කළා.
ශ්‍රී ලංකාව තුළ පරමානු බලශක්ති බලාගාරයක් පිහිටුවීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මැටරි පවසනවා. රුසියන් ස්පුට්නික් සඟරාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකාව පරිසර දූෂණයෙන් තොර බලශක්ති ප්‍රභවයන් කෙරෙහි අවධානය යොමුකර ඇති බැවින් මෙලෙස ගල් අඟුරු සහ ගෑස්වලින් තොර පරමාණු බලශක්ති බලාගාරයක් ඉදිකිරීමට අපේක්ෂා කරන බව රුසියානු තානාපතිවරයා […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න –Click Here