එළඹෙන මහමැතිවරණයේ දී වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා සදහන් කළා. කළුතර උතුර සුගත විද්‍යාලයේ ඊයේ පැවති වැඩසටහනක දී හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවා. රටට අලුත් ගමනක් යාමේ බලාපොරොත්තු ඇතුව පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීමට […]
සිය හමුදාවන් විසින් “නොදැනුවත්ව” එල්ල කරනු ලැබු ප්‍රහාරයක් හේතුවෙන් මගීන් 176 දෙනෙක් රැගත් යුක්රේන සමාගමට අයත් මගී ගුවන් යානය විනාශයට පත්වු බව ඉරානය සදහන් කරනවා. “මිනිස් අත්වැරද්දක්” හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ඉරාන බලධාරින් සදහන් කළා. ඉරානය විසින් ඉරාකයේ පිහිටි අමෙරිකානු හමුදා කදවුරු දෙකක් ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර එල්ල කිරිමෙන් […]
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬපට පිළිබද කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කල බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරනවා. විශේශේයෙන්ම මේ පිලිබදව අගවිනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් පැහැදිලි ක්‍රියාමාර්ගයක් ගනු ඇති බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශ්වාස කරන බවයි ඒ මහතාවැඩි දුරටත් ප්‍රකාශ කලේ.
ඊයේ රාත්‍රියේ කැලණිය රජමහා විහාරයේ අවසන් දුරුතු මහා පෙරහැර අති උත්කර්ෂවත්ව වීථී සංචාරය කෙරුනා. සදාතික කරඬුව කණ්ඩුල හස්තිරාජයා මත තැම්පත් කිරීම සිදුකරණු ලැබුවේ ජනාධිපති ගෝඪාභය රාජපක්ෂ මහතා විසින්ය. මෙම අවස්ථවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළුපිරිසක් එක්ව සිටියා.
හතේ අපේ පොත නැමැති ග්‍රන්ථය පිලිබදව අවසන් තීරණයක් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාත්,සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියත් මානව සම්පත් සංවර්ධනය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවත් එක්ව ජනවාරි 21 වැනිදා විශේෂ රැස්වීමක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම හතේ අපේ පොත ගැන අවසන් තීරණයක් ගැනීම එදින සිදුවන බවයි වාර්තා වන්නේ.
පසුගියදා ඉරානයේදී කඩා වැටුණු ගුවන් යානයට හේතු වුයේ ඉරාන මිසයිල ප්‍රහාරයකින් බව ඇතැම් පාර්ශවයන් චෝදනා එල්ල කරනවා. විශේෂයෙන්ම කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ සඳහන් කළේ, ඉරාන මිසයිලයකින් එම යානය බිම හෙළා ඇති බවට බුද්ධි අංශ වාර්තා කිහිපයකින්ම හෙළිදරව් වී ඇති බවයි. කෙසේ වෙතත් ඉරාන මිසයිලයක් මෙම අනතුරට හේතුවු බවට එල්ල වන චෝදනා ඉරානය ප්‍රතික්ෂේප කරනවා. ඉරානය, […]
මෙම වසරේ පළමු චන්ද්‍රග්‍රහණය අද රාත්‍රීයේ සිදුවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකය සදහන් කරනවා. ඒ අනුව ලංකාවේ වේලාවෙන් අද රාත්‍රී 10.38 ට චන්ද්‍රයා පෘථිවියේ උපඡායාවට ග්‍රහණය ආරම්භ වන බවත් එම ග්‍රහණය අවසන් වනුයේ අළුයම 2.42 ට පමණ වන අතර එහි උච්චතම ග්‍රහණ අවස්ථාව සිදුවන්නේ 10 දින මධ්‍යම රාත්‍රිය පසුවී විනාඩි 40 […]
දිවයින පුරා අද දිනයේත් සවස් කාලයේ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පවසනවා. ඒ අනුව සෙසු මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු […]
නව වසරේ පළමු පොහොය වන දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදයි. යක්ෂ ගෝත්‍රිකයන් සටනකට සූදානම් වෙද්දී ක්‍රි.පූ. 588 දී බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කර, යක්ෂ නමින් හැඳින්වූ ලක්දිව මුල් වැසියන්ගේ සිත් සනසා, සෘද්ධි ප්රාතිහාර්ය පාමින් දහම් දෙසා, ශ්‍රී ලංකාව මිනිස් වාසයට සුදුසු දහම් දිවයිනක් බවට පත්කළේ අද වැනි උතුම් පොහෝ දිනකයි. එමෙන්ම දහම් ඇසීමට රැස්වූ පිරිස […]
පාලනය කළ නොහැකි ලෙස ප්‍රාන්තය තුළ පැතිර යමින් තිබෙන ලැව්ගිනි හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයට යළිත් වරක් ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ප්‍රාන්තය හරහා හමා යන ප්‍රබල සුළං ප්රවාහයන් සහ වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් හෙට (10) දිනයේදී ලැව්ගිනි තවදුරටත් දරුණු ලෙස ව්‍යාප්ත වෙනු ඇති බවට කාලගුණ අංශ අනතුරු අඟවා තිබෙනවා. ඉකුත් සැප්තැම්බර් මාසයේ සිට පැතිර […]
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් අවසාන තීරණය ලබන බ්‍රහස්පතින්දා දිනයේදී ගැනීමට පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පස්වරු 3 ට ආරම්භ වූ රැස්වීම පැය 4 කට වැඩි කාලයක් පැවති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළා. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර ඇත්තේ නායකත්ව කවුන්සිලයක් ස්ථාපිත කිරීමටයි. […]
2020 වසර සඳහා නියමිත පළමු චන්ද්‍රග්‍රහණය ජනවාරි 10 වන පුර පසළොස්වක දින රාත්‍රියේ සිදු වීමට නියමිත බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා. සූර්යයා සහ චන්ද්‍රයා අතරින් පෘථිවිය පිහිටන විට පෘථිවියේ සෙවනැල්ල සඳ මතට පතිත වීමත් සමඟ මෙය සිදු වන බව සදහන්. මෙය ඡායා […]